How to Shutdown, Restart, or Log off Windows Using Keyboard Shortcuts

 පරිගනකය ක්‍ෂණිකව  Shutdown,Restart හෝ Log off කරගැනීමට Keyboard Shortcuts.





ඇසිපිය හෙලන වාරයකටත් වඩා අඩු වේලාවකදී පරිගනකය ක්‍ෂණිකව Restart, Shutdown  හෝ Log off කරගැනීමට කැමතිද? මෙම ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ  යතුරු පුවරුවේ යතුරු කිහිපයක් මගින්  Windows මෙහෙයුම් පද්දතිය සහිත පරිගනකයක් ක්‍ෂනිකව Restart, Shutdown  හෝ Log off කරගන්නා ආකාරයයි.

පියවර 1 

පරිගනකයේ Desktop එක මත right-click කර අලුතෙන් Shortcut එකක් සදා ගන්න.




පියවර 2

මීළඟට එක් එක් විධානයන් ලබා දීමට අවශ්‍ය වෙන එම Shortcut එක සදා ගැනීමට මෙම පහත තිබෙන "Command" ඒ සඳහා ලබා දෙන්න.

සැ.යු :- අප වෙබ් අඩවියේ තිබෙන කිසිවක් Copy කිරීමට නොහැකි බැවින්. ඔබට සිදු වෙනවා එය අදාළ තැන Type කරගැනීමට. එහිදී Shutdown ලෙස type කර හිස්තැනක් තබා අනෙකුත් අකුරු කිහිපය Type කිරීමට වගබලා ගන්න. මෙම පහත තිබෙන ලෙස type කරන්න.

( Shutdown /s )




Shutdown

shutdown /s



Log off

shutdown /L



Restart

shutdown /r



Hibernate

shutdown /h



Switch User (Not Log off)


rundll32.exe user32.dll,LockWorkStation
පියවර 3
මීළඟට ඔබ සාදාගනු ලබන Shortcut එකට ගැලපෙන නමක් ඒ සඳහා ලබා දෙන්න.




පියවර 4

ඔබ විසින් සාදාගෙන නිම වූ එම Shortcut එක මත "right-click" කර "Properties" යන්න ක්ලික් කරන්න. මීලඟට එහි තිබෙන "Shortcut" කියන ටැබ් එක තෝරන්න. එහිදී ඔබට දැක ගන්නට පුළුවන් "Shortcut Key" යනුවෙන් සඳහන් කොට තිබෙන තැනක්. 

එම Textbox එක මත ක්ලික් කරන්න. එතනදී ඔබට පුළුවන්  ඒ සඳහා එක අකුරක් ලබා දීමට. ඉන් පසුව ඔබට හැකියාව තිබෙනවා  ඔබ විසින් ඇතුලත් කරන ලද එම  අකුර (Ctrl+Alt+......) සමග එබීමන් පරිගනකයට ක්‍ෂනිකව එම විදානය ලබා දීමට.
 
ඔබ විසින් සිදු කරනු ලැබූ  වෙනස් කම් save කරගැනීම සඳහා Apply කර ok කරන්න. දැන් ඔබට පුළුවන් වෙනවා ඕනෑම අවස්තාවකදී ඔබ විසින් ලබා දුන් එම විදානය  ඇතුලත් "Shortcut" එක ක්ෂන්කිව යතුරු පුවරුවේ යතුරු කිහිපයක් මගින් පරිගනකයට ලබා දීමට.  එයින් අදහස් කරන්නේ Ctrl+Alt+S යතුරු එක වර එබීමෙන් ඔබට  ක්ෂණිකව පරිගනකය "Shutdown" කරගැනීමට පුළුවන් බවයි.

ඒ විතරක් නෙවෙයි ඔබේ පරිගනකයට ස්ථාපිත කර තිබෙන ඕනෑම Program එකක් මේ ආකාරයට ඔබට යතුරු කිහිපයක් එකවර එබීමෙන් ක්‍ෂනිකව දියත් කරගැනීමට හැකියාව තිබෙනවා.

21 comments:

  1. නියමයි මචං. මම හොයා හොයා හිටියේ.

    ReplyDelete
  2. Ube halenna epa macho.........danuma purogena hangan inna unata vada Uba danna de anith ayata kiyaladena me vade maxaaaaaaa....

    ReplyDelete
  3. akila oyath kiyawanne nathuwa blog ekak hadala kiyala dennako oya dana gaththata nodanna aya godak ennawa yaluwe

    ReplyDelete
  4. OBA KIYA DENA DEWAL WALIN GODAK DEWAL APITA WATINAWA...OYA ADUPADU PENWANA AYA LANGA ETA WEDIYA GODAK ADUPADU THIYANAWA...GANANGANNA EPA....ALL THE BEST BRO. CONTINUE WITH UR GOOD WORK...

    ReplyDelete
  5. oya mokuth ne windows key ekai u key eka deparak kalanam shutdoun wikara

    ReplyDelete
    Replies
    1. meken Shutdown witharak newi bro, Restart, Log off, Hibernate, Switch user ganath sandahan karala thiyenawa

      Delete
  6. Niyamay machan ... :) alut idea godak watinawa... digatama karagena yanda. Akila dj kiyana ekata kiyanne : Nikan porak wenda hadanda epa danna dewal tiyenawanam anunta eda karanne netuwa tamange tamange blog ekak liyapan. Lankawe hettata wela tiyenne oka tamay anunge eda hoyala antimata tamanta mokut neti karaganna eka.

    ReplyDelete
  7. owa podi wada pulluwannam kiyanta speed shutdown karanta widihak kiyanta

    ReplyDelete
    Replies
    1. Plug eka galawanawa.lap ekenanam battrya galawanna.naththama polowe gahanna ethakota speed shutdown wei

      Delete
  8. The file shatdown cannot be found kiyala enawa

    ReplyDelete
    Replies
    1. Oya command eka hariyata type karala naha, ekai ehema wenne

      Delete
  9. ඇප්ස් ලන්කා..මේක ශොර්ට් කට් එක උඩ ක්ලික් කරාම වැඩ කරන්න හදාගන්න පුලුවන්ද?..

    ReplyDelete
    Replies
    1. Shortcut eka uda click karama wada karanawa. Keys walinuth karanne ekama thamai

      Delete
  10. machan Xp walata meeka wada karan naha. :(

    ReplyDelete
  11. XP walatath weda. But 25sec waiting ekak tiyenawa.

    ReplyDelete
  12. ඔයාව මම ගොඩක් අගේ කරනවා.ගොඩක් IT field එකේ ඉන්න අය තමන් දන්නා දේ අනිත් අයට කියල දෙන්න කැමති නෑ.ඒ එයාලගේ demand එක බහීවි කියල.එත් ඔයා කිසිම ලෝබ කමක් නැතුව ඔයා දන්නා හැම දෙයක්ම අපිටත් කියල දෙනවා.ඔයාට තව තවත් දැනුම ලබා ගන්න හැකියාව ලැබෙන්න කියල මම පතනවා.

    ReplyDelete