Know if your PC is infected with Viruses, Trojans or other Malware
ඔබේ පරිගනකට වෛරස් පැමිණ තිබෙනවාද කියා නිවැරදිව දැනගන්නා ක්‍රමය.
Malware වගේ වෛරස් බෙහෙවින් භයානක වීමට හේතුව තමයි බොහොමයක් පරිගණක භාවිතා කරන්නන් ඒවා හඳුනා ගැනීමට අපොහොසත් වීම. Malware වල මුලික අදියරේදීම ඒවා හඳුනා ගනු ලැබීම මගින් එයින් සිදු විය හැකි හානිය අවම කරගැනීමට පුළුවන් වෙනවා. වෛරස් නිර්මාණය කරනු ලබන්නේ එකිනෙකට වෙනස් ආකාරයේ ප්‍රතිචාර දැක්වීමටයි. අන්න එම හේතුව නිසා වෛරස් වල පැතිරීම හඳුනා ගැනීමට අපහසු වෙනවා. කොහොම නමුත් වෛරස් වල සාමාන්‍ය හැසිරීම මගින් ඒවා හඳුනා ගැනීමට හැකියාව තිබෙනවා, මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ ඒ පිළිබඳවයි.
Programs හදිසියේම Crash වීම
"Task Manager" සහ "Registry Editor" වගේ System Programs කිසිඳු පැහැදිලි හේතුවක් නොමැතිව දිගින් දිගටම Stop වෙනවානම් එය "Worm" ගණයට ඇතුලත් වෙන වෛරසයක බලපෑමක් වීමට ඉඩ තිබෙනවා. එම වෛරස් මගින් සිදු කරනු ලබන්නේ එම Programs වල Code දුෂිත කිරීමයි. ඒවගේම තමයි එම වෛරස් මගින් Programs ක්‍රියාත්මක වීම නැවත්වීම සඳහා "Registry Entry Modify" කරනු ලබනවා.
අසාමාන්‍ය Network Traffic එකක් ඇති වීම
ඔබ විසින් Web Browser එක සහ අනෙකුත් අන්තර්ජාලය භාවිතා කරන Programs ඉවත් කිරීමෙන් පසුවත්, ඔබට දැකගන්නට ලැබෙන්න පුළුවන් පරිගනකය තවමත් යම්කිසි දෙයක් Upload සහ Download කරන බවක්. එවැනි දෙයක් ඔබේ පරිගණකයේත් සිදු වෙනවානම් එය "Spyware" වෛරස් එකක බලපෑමක් නිසා ඇති වෙන දෙයක් වෙන්න පුළුවන්.එවැනි වෛරස් මගින් සිදු කරනු ලබන්නේ තවත් වෛරස් පරිගනකයට Download කිරීම සහ ඔබගේ පෞද්ගලික දත්තයන් ඔවුන්ගේ Remote Computer එකට Uplaod කරනු ලැබීමයි. අන්න එම හේතුව නිසා තමයි අසාමාන්‍ය "Network Traffic" එකක් ඇති වෙන්නේ.
අන්තර්ජාලයට සම්බන්ධ නොවීම සහ එහි වේගය සැලකිය යුතු ලෙස පහල වැටීම.
හදිසියේම ඔබේ අන්තර්ජාල සම්බන්ද තාවය් බිඳ වැටුනොත් හෝ එහි වේගය වඩාත් අඩු වුන හොත්. එහි පිටුපස සිටින්නේ Malware එක්ක වීමට ඉඩ තිබෙනවා. කොහොම නමුත් ඔබට අන්තර්ජාල සේවාව සපයන්නාගේ (ISP) ගේ දෝෂයක් නිසා මෙවැනි තත්වයක් ඇති වීමටද ඉඩ තිබෙනවා.
කරදරකාරී Popups හෝ වෙනත් වෙබ් අඩවියකට හදිසියේම ඔබව රැගෙන යෑම.
අන්තර්ජාලය භාවිතා කිරීමේදී Popups පැමිණීම වෙනදාට වඩා සංඛ්‍යාත්මකව වැඩි වී තිබෙන බවක් දැක ගන්නට ලැබෙනවානම්, හෝ හදිසියේම ඔබ බලාපොරොත්තු නොවූ වෙබ් අඩවියකට Redirect වෙනවනම් එය "Adware" ගණයට ඇතුලත් වෙන වෛරස් එකක බලපෑමාක් වීමට ඉඩ තිබෙනවා.
පරිගනකය Boot නොවීම
හදිසියේම පරිගනකය Boot වීම නැවතුණ හොත්. සමහරවිට එය Malware එකක් මගින් ඔබේ පරිගනකයේ "System Files Modify" කිරීම නිසා ඇතිවුන තත්වයක් වීමට ඉඩ තිබෙනවා. එවැනි අවාසනාවන්ත මොහොතකදී ඒ සඳහා එකම විසඳුම නැවත මෙහෙයුම් පද්දතිය ස්ථාපිත කිරීම පමණක් වීමට ඉඩ තිබෙනවා.
පරිගනකයේ වේගය සැලකියයුතු ලෙස පහල වැටීම .
සමහර වෛරස් වර්ග විශේෂයෙන්ම නිර්මාණය කොට තිබෙන්නේ පරිගනකයේ වේගය අඩාල කිරීම සඳහායි. Malware නිර්මාණය කරන අය විසින් පරිගනකයේ සකසනය (Processor) 100% ම භාවිතා කිරීම සඳහා ඒවා නිර්මාණය කරනු ලබනවා .
Programs ස්වයන්ක්‍රීයවම ක්‍රියාත්මක වීම.
සමහර Virus මගින් ස්වයන්ක්‍රීයවම Programs ක්‍රියාත්මක කරනු ලබනවා අනවශ්‍ය වෙළඳ දැන්වීම ප්‍රදර්ශනය කිරීම සඳහා.
Security Software Disabled
බොහොමයක් Malware මගින් ප්‍රතිවෛරස මෘදුකාංග සහ "Firewalls" Disable කරනු ලබනවා ඔවුන්ගේ වැඩ කටයුතු නිදහසේ කරගෙන යෑම පිණිස.
බොහොමයක් Malware වල පැමිණීම හොඳ ප්‍රතිවෛරස මෘදුකාංගයක් භාවිතා කිරීම මගින් වලක්වා ගැනීමට හැකියාව තිබෙනවා.
nice...............
ReplyDeleteNiyamai...thanks
ReplyDeleteThanks for sharing us
ReplyDeleteoya deweniyata kewwa de mage wenawa. (spyware) kiyana eka. man mekata mokada karanna one?
Deleteniyatha jaya..machan
ReplyDeleteharyatama danagannda widihak nadda..........
ReplyDeleteniyamai...
ReplyDeleteoya deweniyata kewwa de mage wenawa. (spyware) kiyana eka. man mekata mokada karanna one?
ReplyDeleteoya Virus guard ekak use karanne nadda bro
Deleteඑල එල සහෝ තෑන්ස්
ReplyDeletemama dala thibuna virus guarad 1th ekaparatama wada karanne nathiuna... Mama virus guard 1ka uninstall karala aaith damma dan virus guard 1ka danna denne na...
ReplyDeletemokakda ena error eka
ReplyDeleteVery Good advice ...
ReplyDeletemage lap eka use karanne winwows 7. eke q akura type wenawa auto, key board eka disable karala usb keyboard ekak pavichchi kalath lede ehemamai, virus gaurd kisima ekata ahu wenne na. e wagema mama age pen eka yaluwekge computer ekata gahuwahama eyage lap ekatath meka giya, eth eyage lap eke format karahama eka hari giya, mage lap eka partision ekka format kalath lede ehemamai, oyata mekata solution ekak denna puluwanda?
ReplyDeleteFormat karanakota Full format karanna. Quick format karanna epaa. try karala balanna. okkoma partition e widiyata format karanna
Deleteme anthima eka mage computer ekata wenawa. spu usage 1 100% koiweleth. avst avra walin scan keruwa. but mokuth scan wenne na. wena hoda soft ekak kiyanawada plz..
ReplyDeletePC eka Restore karala balanna. naththam Kaspersky wage virus guard ekak use karanna
Delete