How to Scan Your Computer With Multiple Antivirus Programs

ප්‍රතිවෛරස මෘදුකාංග කිහිපයකින්ම පරිගනකය පරික්ෂා කරගමු

එක්වරකදී ඔබ විසින් Run  කල යුතු වන්නේ එක ප්‍රතිවෛරස මෘදුකාංගයක් පමණයි. නමුත් එවැනි ප්‍රතිවෛරස මෘදුකාංග සර්ව සංපූර්ණ  ඒවා නෙවෙයි. සමහර ප්‍රතිවෛරස මෘදුකාංග මගින් මගහරිනු ලබන "Malware" අනෙකුත් ප්‍රතිවෛරස මෘදුකාංග මගින් හඳුනා ගනු ලබනවා. වාසනාවකට, ඔබට  එකම ප්‍රතිවෛරස මෘදුකාංගයකටම පමණක් සීමා වී සිටිය යුතු නැහැ.

ප්‍රතිවෛරස මෘදුකාංග කිහිපයක් භාවිතා කරන්න පුළුවන් වෙන  නිවැරදි ක්‍රමය තමයි. එක් ප්‍රතිවෛරස මෘදුකාංගයක් ප්‍රධාන වශයෙන් "Background Protection" එක සඳහා ක්‍රියාත්මක කරගැනීම සහ අනෙකත් ප්‍රතිවෛරස මෘදුකාංගය සුමානයකට වරක් වගේ පරිගනකය "Scan" කිරීම සඳහා භාවිතා කිරීමයි.

ඔබේ පරිගණකයේ තිබෙන යම් කිසි File එකක් පිළිබඳව ඔබට සැක සිතෙනවානම්. ඔබට හැකියාව තිබෙනවා වෙබ් අඩවියක අධාරයෙන් එකිනෙකට වෙනස් ප්‍රතිවෛරස මෘදුකාංග  45කින් එකවර එය පරික්ෂාවට ලක් කර බැලීමට. 


ඔබ විසින් ප්‍රතිවෛරස මෘදුකාංග කිහිපයක් එක වර Run නොකළ යුත්තේ ඇයි.


බොහොමයක් ප්‍රතිවෛරස මෘදුකාංග නිර්මාණය කොට තිබෙන්නේ එක් පරිගනකයක් සඳහා තනිවම ආරක්ෂාව සැපයීමටයි. එම ප්‍රතිවෛරස මෘදුකාංග සතුව තිබෙනවා "Background" එකක්.එය "on-scanning" ලෙස හඳුන්වනු ලබනවා. ඔබ file එකක් බාගත කරන විට, Program එකක් load කරන විට, වෙබ් අඩවියකට පිවිසෙන විට ප්‍රතිවෛරස මෘදුකාංගය විමසිල්ලෙන් සිටිනවා වෛරස් පිළිබඳව.

එම ක්‍රියාවලිය යහපත් විදියට පවතිනවා ඔබ එක වරකට එක් ප්‍රතිවෛරස මෘදුකාංගයක් පමණක් Run කරන තුරු. මෙවැනි මෘදුකාංග මෙහෙයුම් පද්දතියේ අභ්‍යන්තරයටම කිඳා බැස තිබෙනවා වගේම ඒවා නිර්මානය කර තිබෙන්නේ තවත් එවැනිම මෘදුකාංග සමග එකමුතුව වැඩ කිරීමට නොවෙයි. ඔබ වැරදීමකින් හෝ එවැනි ප්‍රතිවෛරස මෘදුකාංග  දෙකක් එක වර Run කළහොත් ඔබේ පරිගණකය අවුල් වියවුල් ගොඩක් බවට පත්වෙනවා. ඒවගේම තමයි පරිගණකයේ ක්‍රියාකාරීත්වයද ඉතාමත් පහතට වැටෙනවා. 





ප්‍රතිවෛරස මෘදුකාංග කිහිපයක් මගින් පරිගනකය පරික්ෂා කරගන්නා ආකාරය


ඉහතදී සඳහන් කළා වගේ  ප්‍රතිවෛරස මෘදුකාංග කියන්නේ සර්ව සම්පුර්ණ ඒවා නෙවෙයි. සමහර ප්‍රතිවෛරස මෘදුකාංග මගින් හඳුනා ගනු ලබන දෝෂයන් සමහර ඒවා වලින් මග හරිනු ලබනවා.අන්න එම හේතුව නිසා තමයි ඔබට අවශ්‍ය වෙන්නේ ඔබේ පරිගනකයේ දැනට ස්ථාපිත කර තිබෙන ප්‍රධාන ප්‍රතිවෛරස මෘදුකාංගයට අමතරව තවත් අමතර ප්‍රතිවෛරස මෘදුකාංග කිහිපයක සේවය.

ප්‍රධාන ප්‍රතිවෛරස මෘදුකාංගයට අමතරව ඔබ භාවිතා කරනු ලබන ප්‍රතිවෛරස මෘදුකාංගය "Background" එකේ Run නොවිය යුතු වෙනවා. එම අමතර මෘදුකාංග මගින් සිදු කල යුත්තේ ඔබේ පරිගනකයේ යම්කිසි ප්‍රදේශයක් පමණක් පරික්ෂාවට ලක් කර ගැනීමයි. එම පරික්ෂාව සුමානයකට වරක් වගේ සිදු කරගන්න. තවත් වැදගත්ම දෙයක් තමයි ඔබ විසින් එම පරික්ෂාව කරගැනීමට ප්‍රථම ඔබේ පරිගනකයේ ප්‍රධාන ප්‍රතිවෛරස මෘදුකාංගය Disable කරගත යුතු වෙනවා.

ඔබ විසින් අමතර ප්‍රතිවෛරස මෘදුකාංගයක් තෝරා ගැනීමේදී. ඔබ තොරාගතයුතු වෙන්නේ පරිගනකයේ "Background" එකේ Run නොවෙන එකක්. ප්‍රතිවෛරස මෘදුකාංග වලට ඇතුලත් කර තිබෙන එම Feature එක ගොඩක් නම් වලින් හඳුන්වනු ලබනවා. ඒවා වලින් සමහරක් තමයි ( Real-Time Protection, On-Access Scanning, Background Protection, Resident Shield ) කියල කියන්නේ. 

මෙම පහතින් දිස් වෙන්නේ ඔබගේ ප්‍රධාන ප්‍රතිවෛරස මෘදුකාංගයට අමතරව ඔබට අමතරව භාවිතා කිරීමට හැකියාව තිබෙන  මෘදුකාංග දෙකකි.

 1. Malwarebytes  :- මෙහි නොමිලේම ඔබට ලබා  ගන්න පුළුවන් වෙන සංස්කරනයකුත් තිබෙනවා.ඔබේ පරිගනකයේ Manual Scan එකක්  කරගැනීම සඳහා එය වඩාත් සුදුසු එකක් වෙනවා.


http://adf.ly/YsM91
Malwarebytes


2. ESET Online Scanner  :- අනෙකුත් ප්‍රතිවෛරස මෘදුකාංග වල මෙන් ESET වලත් තිබෙනවා "Online Scanner" එකක්. එයට හැකියාව තිබෙනවා ඔබේ පරිගණකය පරික්ෂාවට ලක් කොට එවිසින් හඳුනාගනු ලබන වෛරස මකා දැමීමට.


http://adf.ly/YsNnT
ESET Online Scanner




ප්‍රතිවෛරස මෘදුකාංග කිහිපයක් මගින්   File එකක් වෛරස් සඳහා පරික්ෂාවට ලක්කරමු.


 ඔබ විසින්  Download කරගත්  File එකක්  ඔබේ පරිගනකයේ ස්ථාපිත කර තිබෙන ප්‍රතිවෛරස මෘදුකාංගය මගින් වෛරස් එකක් යැයි හඳුනා ගෙන තිබෙනවා වෙන්න  පුළුවන්. නමුත් එම File එකේ කිසිඳු වෛරස් එකක් නොමැති බවට ඔබ එය download කරගත් වෙබ් අඩවිය මගින් ඔබ දැනුවත් කර තිබෙනවා. මෙහිදී ඔබ විශාල ගැටලුවකට මුහුණ දෙනවා නේද? සමහර විට ඔබේ ප්‍රතිවෛරස මෘදුකාංගයේ දෝෂයක් නිසා එය වෛරස් එකක් බව පවසනවා වෙන්න පුළුවන්. අන්න එවැනි අවස්තාවකදී ඒ පිළිබඳව නිවැරදි නිගමනයකට එන්න ඔබට පුළුවන් ප්‍රතිවෛරස මෘදුකාංග කිහිපයක් මගින් එය පරික්ෂාවකට ලක් කරගත් පසුව.


ඔබට අවශ්‍යනම් සැකකටයුතු file එකක් ප්‍රතිවෛරස මෘදුකාංග කිහිපයකින් පරික්ෂාවට ලක් කිරීමට. ඒ සඳහා හොඳම විසඳුමක් තමයි "Virus Total" කියන වෙබ් අඩවිය. එහිදී ඔබට පුළුවන් වෙනවා එම සැකකටයුතු file එක Upload කිරීමට හෝ එය තිබෙන තැන url ලින්ක් එකක් මගින් පෙන්වීමට. එසේ පෙන්වීමට හැකි file එකේ උපරිම ප්‍රමාණය 32mb වෙනවා . එසේ පෙන්වීමෙන් පසුව ප්‍රතිවෛරස මෘදුකාංග 46 කින් පමණ එය පරික්ෂාවට ලක් කරනු ලබනවා. ටිකවෙලාවකට පසුව ඔබට එම File එක පිළිබඳව වාර්තාවක් ලබා ගැනීමට පුළුවන් වෙනවා. 






http://adf.ly/YsQp2

VIRUS TOTAL

8 comments:

  1. 64 mb puluwn neda bro

    ReplyDelete
  2. dan ehenam uparima pramaanaya wadi karla wenna athi bro

    ReplyDelete
  3. niyamai...man MSE & AVAS dekama dagena inne....thank you very mcuh

    ReplyDelete
  4. mata kasperskey eka denna barida................

    ReplyDelete
  5. THANK U........................

    ReplyDelete
  6. Thanks Apps Lanka..........

    ReplyDelete