How to Use An Antivirus Boot Disc or USB Drive
ප්‍රති වෛරස Boot Disc එකක් මගින් හෝ USB Drive එකක් මගින් ඉවත් කිරීමට අපහසු වෛරස් පවා පහසුවෙන්ම ඉවත් කරගමු.
ඔබේ පරිගනකයට "Malware" එකක් පැමිණ තිබෙනවානම්. එම Malware එක ඉවත් කරගැනීම සඳහා Windows මෙහෙයුම් පද්දතිය මත ක්‍රියාත්මක වෙන ප්‍රති වෛරස මෘදුකාංගයක් පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒවගේම ඔබේ පරිගනකයේ "Rootkit" එකක් තිබෙනවානම්, "Malware" වලට හැකියාව තිබෙනවා ප්‍රතිවෛරස මෘදුකාංගයෙන් සැඟවී සිටීමට.
අන්න එම හේතුව නිසා තමයි Bootable ප්‍රතිවෛරස මෘදුකාංගයක් අවශ්‍ය වෙන්නේ. එයට හැකියාව තිබෙනවා Windows වලදී සැඟවී සිටින Malware පහසුවෙන් ඉවත් කර දැමීමට.
Windows වලදී "Malware" ඉවත් කිරීම අපහසු වෙන්නේ ඇයි.
Windows වල ක්‍රියාත්මක වෙන ප්‍රතිවෛරස මෘදුකාංග වලට ඔබේ පරිගනකයට පැමිණ තිබෙන "Malware" ඉවත් කිරීම සඳහා සෑහෙන ලොකු සටනක් දෙන්න වෙනවා. එයින් උත්සහ කරනු ලබනවා Malware එක Stop කර එය මකා දැමීමට. ඒ වගේම තමයි Malware වල ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා Malware සටන් කරනු ලබනවා ප්‍රති වෛරස මෘදුකාංග සමග. එයින් ජයගනු ලබන සමහරක් Malware ඔබේ පරිගනකයේ ස්ථාපිත කොට තිබෙන ප්‍රතිවෛරස මෘදුකාන්ගය "Shutdown" කරදමනු ලබනවා. අන්න එම හේතුව නිසා windows මෙහෙයුම් පද්දතිය තුල ක්‍රියාත්මක වෙන ඔබේ ප්‍රතිවෛරස මෘදුකාංගයට සම්පූර්ණයෙන්ම Malware ඉවත් කිරීම සඳහා හැකියාවක් ඇත්තේ නැහැ.
Rootkits කියන්නේ එක්තරා ආකාරයක Malware එකක්. එය ප්‍රතිවෛරස මෘදුකාංග වලින් සැඟවී සිටීමට තරම් දක්ෂ වෙනවා. ඒවගේම "Rootkits" වලට හැකියාව තිබෙනවා පරිගනකය Boot වීමේදීම Load වීමට Windows වල අනෙකුත් "Components" වලට පෙර. එම හේතුව නිසා Windows වලට එය හඳුනා ගැනීමට නොහැකි වී යනවා. එහි "Process" එක "Task Manager" එකෙන් පවා සඟවා තබනවා. Windows වල ක්‍රියාත්මක වෙන ප්‍රති වෛරස මෘදුකාංග වලට එයින් ඒත්තු ගන්වනවා Rootkit එකක් Run නොවෙන බවට.
එහි තිබෙන ගැටලුව තමයි එකම වෙලාවේදී "Malware" සහ ප්‍රතිවෛරස මෘදුකාංග යන දෙකම එකවර ක්‍රියාත්මක වීමයි. එහිදී සමහර Malware වලට හැකියාව තිබෙනවා ප්‍රතිවෛරස මෘදුකාංගය සමග සටන් කොට තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමට.
ඔබ විසින් ප්‍රතිවෛරස Boot Disc එකක් භාවිතා කල යුත්තේ ඇයි?
ප්‍රතිවෛරස Boot Discs "Malware" සමග ගනුදෙනු කරනු ලබන්නේ Windows මෙහෙයුම් පද්දතියට පිටින් ඒ සඳහා ලඟා වීමෙනුයි. ඔබ විසින් සදා ගනු ලැබූ "Antivirus Boot Disc Or USB Drive" එක මගින් ඔබ පරිගනකය Boot කරනු ලබනවා. එහිදී ප්‍රතිවෛරස ඇතුලත් කොට විශේෂයෙන්ම නිර්මාණය කරන ලද මෙහෙයුම් පද්දතියක් Load වෙනු ලබනවා. Windows මෙහෙයුම් පද්දතිය Malware මගින් සම්පූර්ණයෙන්ම ආසාදනය වී තිබුනත්. ඔබ විසින් load කරගනු ලැබූ එම සුවිශේෂී මෙහෙයුම් පද්දතිය තුල Malware වලට ක්‍රියාත්මක වීම සඳහා කිසිඳු ඉඩක් ලැබෙන්නේ නැහැ.
එම ප්‍රතිවෛරස Program එක මගින් Malware මකාදැමීමට උත්සහ කිරීමේදී Malware වලට තවදුරටත් හැකියාවක් නැහැ Run වීම සඳහා. අන්න එම හේතුව නිසා ප්‍රතිවෛරස මෘදුකාන්ගයට හැකියාව තිබෙනවා ක්‍රමානුකුලව ඒවා තිබෙන තැන හඳුනා ගෙන කිසිඳු බාධාවකින් තොරව පරිගනකයට අහිතකර වෙන එම "Software" මකා දැමීමට.
"Rootkit" වලට මෙහිදී ඔවුන්ගේ සුපුරුදු කූට උපක්‍රමය ක්‍රියාත්මක කොට සැඟවී සිටීමට පුළුවන් වෙන්නේ නැහැ. එම නිසා ප්‍රතිවෛරස වලට හැකියාව තිබෙනවා පහසුවෙන්ම එම "Rootkit" දැකගැනීමට සහ පහසුවෙන් මකා දැමීමට.
මෙවැනි "Tools" "Rescue Disks" ලෙස හැඳින්වීමටත් පුළුවන් වෙනවා. මොකද ඒවා නිර්මාණය කර තිබෙන්නේ වඩාත් දරුණු ලෙස වෛරස් වලින් ආසාදනය වූ පරිගණක එම විපතින් මුදවා ගැනීමට වීම නිසා.
Bootable Antivirus Options
බොහොමයක් ප්‍රතිවෛරස සමාගම් විසින් ඉදිරිපත් කරනු ලබනවා ඔවුන්ගේ ප්‍රතිවෛරස මෘදුකාංග මුලික කරගත් "Bootable Antivirus System" එකක්. ඒවා සාමාන්‍යයෙන් නොමිලේ ලබා දෙන ඒවා වෙනවා.
- avast! Rescue Disk - අපි හැමෝම කැමතියි නේ avast වලට. මොකද නොමිලේම හොඳම ප්‍රතිවෛරස මෘදුකාංග අපිට ලබා දෙන නිසා. දැන් ඔවුන් විසින් පාරිභෝගිකයින්ට අවස්තාව උදා කර දී තිබෙනවා "Antivirus Boot Disc or USB Drive" එකක් සදා ගැනීමට. "Bootable Media" එකක් හදා ගැනීම සඳහා "Avast Desktop Application" එකේ Tools / Rescue Disk Option එකට පිවිසෙන්න.
- BitDefender Rescue CD - ප්‍රතිවෛරස මෘදුකාංග ශ්‍රේණි ගත කිරීම් වල පෙරමුණේම පසු වෙන්නේ "BitDefender" කියල හැමෝම දන්නවනේ. ඔවුන් විසින් හඳුන්වා දී තිබෙන Rescue CD එක පහතින් බාගන්න.
- Kaspersky Rescue Disk - Kaspersky කියන්නෙත් ප්‍රතිවෛරස මෘදුකාංග ශ්‍රේණි ගත කිරීම් වල පෙරමුණේම පසුවෙන තවත් එක් සමාගමක්. ඒවගේම ඔවුනුත් "Antivirus Boot Disc" ඔවුන්ගේ පාරිභෝගිකයින් සඳහා හඳුන්වා දී තිබෙනවා.
ඉහතදී සඳහන් කරනු ලැබුවේ ඒවා වලින් අතලොස්සක් පමණයි. ප්‍රතිවෛරස මෘදුකාංග නිපදවන තවත් බොහෝ සමාගම් විසින් මෙවැනි "Rescue CD" ඔවුන්ගේ පාරිභෝගිකයින් සඳහා ලබා ගැනීමට ඉඩ සලසා තිබෙනවා. Comodo, Nortan, Avira, Eset ඒවා වලින් සමහරක්.
ප්‍රතිවෛරස Boot Disc එකක් භාවිතා කරන්නේ කොහොමද?
Antivirus Boot Disc එකක් හෝ USB Drive එකක් භාවිතා කිරීම බොහොම සරල දෙයක්. ඔබට කරන්න තියෙන්නේ "Antivirus Boot Disc" එකක් අන්තර්ජාලයෙන් බාගෙන එය "USB Drive" එකකට ස්ථාපිත කරගැනීම හෝ CD එකකට Burn කරගැනීමයි.
ඔබ එලෙස සකස් කරගත් "Boot Media" එක අසාදිත පරිගනකයට ඇතුලත් කරගන්න. ඉන් පසුව එය Load කරගන්න. ඔබ භාවිතා කරන Media එක අනුව ඔබට පරිගනකයේ BIOS වලින් "Boot Order" එක වෙනස් කරගත යුතු වෙනවා. දැන් ඔබට කරන්න තිබෙන්නේ එහි තිබෙන උපදෙස් පිළිපැද Malware සඳහා පරිගනකය Scan කොට ඒවා මකා දැමීමයි. ඔබ එය කරගනා අතරතුර කිසිඳු Malware එකක් Background එකේ Run වෙන්නේ නැහැ.
"Antivirus Boot Disc" එකක් කියන්නේ ඇත්තටම ප්‍රයෝජනවත් දෙයක්. මොකද එයින් ඉඩ ලබා දෙනවා දරුණු ලෙස ආසාදනයට ලක් වෙච්ච මෙහෙයුම් පද්දතියක් සුවපත් කරගැනීමට "Bootable Disc" එකක් මගින්.
tanx aiye mewa apita kiya denawata
ReplyDeleteappreciate....
Deletethanks...
ReplyDeletethax aiya hoda lipiyak
ReplyDeletewatina deyak
ReplyDeleteptta wadk bro.....
ReplyDeletemata win 7 ultimate 64 bit activator 1ka link 1k denako
Thank you........
ReplyDeletemeka full version ekak da?
ReplyDeleteThanks..Godak aya "Rescue Disk" gana danne ne. athtatama maya godak watinawa
ReplyDeleteඅත්තටම ඔයට ගොඩක් ඉස්තුති වන්ත වෙනව.
ReplyDeleteඅත්තටම ඔයට ගොඩක් ඉස්තුති වන්ත වෙනව.
ReplyDelete