How to Update Your Graphics Drivers

"Gaming Performance" උපරිමයෙන්ම වැඩි කරගැනීමට "Graphic Drivers" යාවත්කාලීන කරගන්නා ආකාරය?



"Graphic Driver" එකක් කියන්නේ මෙහෙයුම් පද්දතියට සහ වැඩසටහන් (Programs) වලට ඔබේ පරිගනකයේ "Graphic Hardware" එක භාවිතා කිරීම සඳහා ඉඩ ලබා දෙන මෘදුකාංගයක්. ඔබ පරිගණක ක්‍රීඩා Play කරනවානම්, ඔබ විසින් "Graphic Hardware" එකට අදාළ Drivers හැම නිතරම යාවත්කාලීන කරගෙන තබාගත යුතු වෙනවා එයින් උපරිම "Performance" එකක් ලබා ගැනීමට අවශ්‍ය නම්. 

ඔබ විසින් "Graphic Drivers" යාවත් කාලීන කල යුතු වෙන්නේ ඇයි.


පරිගනකයේ Motherboard, Sound Card, සහ Network වැනි දෘඩාංග කොටස් වල  Drivers යාවත්කාලීන කිරීම මගින්  ඒවායෙහි වේගයෙහි වැඩි දියුණු වීමක් වෙන්නේ නැහැ. එම Drivers මගින් සිදු කරනු ලබන්නේ කලාතුරකින් හටගන්නා වූ දෝෂයන් (Rare Bugs) Fix කිරීමයි. ඒවගේම සමහර විට අලුතෙන් දෝෂයන් හඳුන්වා දෙනවාද වෙන්න පුළුවන්.

NVIDIA සහ AMD කියන "Graphics Hardware" නිපදවන ප්‍රමුඛ පෙලේ ආයතන විසින් විශාල වශයෙන් එම දෘඩාංග වල කාර්යක්‍ෂම තාවය වැඩි දියුණු කිරීම පිණිස නිතර අලුත් "Graphics Drivers" නිකුත් කරනු ලබනවා. විශේෂයෙන්ම අලුතෙන් එන Games සඳහා හොඳින් සයෝගය දැක්වීමට . Intel සමාගම විසින් අලුතෙන් හඳුන්වා දෙනු ලබන  " Haswell Graphics" වල "Integrated Graphic Performance" පිළිබඳව මේ වන විට Intel සමාගම බෙහෙවින් අවධානය යොමු කොට තිබෙනවා. එම නිසා ඔවුන් විසින් නිතර නිතර අලුත් "Video Drivers Updates" නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා.

මේ පහත තිබෙනෙන් NVIDIA සමාගම විසින් 2013 ජනවාරි මස 5 වෙනි දින නිකුත් කරනු ලැබූ අලුත්ම " Graphics Driver" පැකේජයන් වල Snapshot එකක්.




 මේ ඉහතදී ලබා දෙනු ලැබූ (Updated Graphic Drivers) මගින් "Performance" වල වැඩිවීම් අසාදාරණ වෙන්නේ නැහැ. Farcry 3 වගේ  අලුත් Games වලදී එහි ක්‍රියාකාරීත්වය සමහර "Hardware" වල  38% කින් වගේ වැඩි වෙනවා. Skyrim සහ Starcraft 11 වැනි පැරණි Games සඳහාද සැලකියයුතු ලෙස "Performance" වල  වැඩි වීමක් පෙන්නුම් කර තිබෙනවා. 

එම "Drivers" මගින්  ඔබට ලබා දෙනු ලබන "Performace" වල වැඩිවීම NVIDIA මගින් අතිශයෝක්තියෙන් යුතුව පෙන්වනවා වෙන්න පුළුවන්. පරණ "Graphic Cards" වලදී ඔවුන් විසින් සඳහන් කරනු ලැබූ "Performance" වල වැඩිවීම ඔවුන් පැවසු පරිදි නොවෙන්න පුළුවන්. කොහොම නමුත් මේවා සුවිශේෂී වැඩිදියුණු කිරීම් වෙනවා. මොකද  ඔබ දැනට භාවිතා කරන්නේ යල්පැනගිය "Graphic Drivers" නම් අලුත් පරිගණක ක්‍රීඩාවන් ඒවා සමග ක්‍රියාත්මක වීමට අකමැත්තක් දක්වනවා.

ඔබ කිසිවිටෙක ඔබේ පරිගණකයෙන් පරිගණක ක්‍රීඩාවන් කරන්නේ නැතිනම් ඔබට "3D Graphics Performance" පිළිබඳව වද වීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවගේම ඔබ විසින් "Graphic Drivers" යාවත් කාලීන කිරීමටද ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ.

ඔබේ "Graphics Card " එක හඳුනා ගැනීම

 ඔබේ පරිගනකයේ තිබෙන " Graphics Hardware" හඳුනා ගැනීම සඳහා ගොඩක් ක්‍රම තියෙනවා. උදාහරණයක් විදියට "Speccy" වගේ  "Third-Party" මෘදුකාංගයකින් එය කරගන්නත් පුළුවන්. කොහොම නමුත් පහසුවෙන්ම Windows වල "Device Manager" එකෙනුත් ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට පුළුවන් වෙනවා.

"Device Manager" විවුර්ත කරගැනීම සඳහා "Windows Key" එක ඔබා එහි "Device Manager" යනුවෙන් Type කොට " Device Manager" Shortcut එක ක්ලික් කරගන්න.




දැන් එහි තිබෙන "Display Adapters" කියන එක මත ක්ලික් කරන්න. එහිදී ඔබට දැකගන්නට පුළුවන් වෙනවා ඔබේ "Graphics Card" එක නිපදවනු ලැබූ ආයතනය සහ Model එක. 


"Latest Update"එක ලබා ගැනීම 

"Notebook GPUs" නමින් හඳුන්වන සමහර "Graphics Hardware " laptop වලම "Integrated" අන්තර්ගත කොට තිබෙනවා. ඒවා සඳහා ඔබට කෙලින්ම "Manufacture" ගෙන් Drivers ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒවා ලබා ගැනීමට වෙන්නේ "Laptop Manufacture" ගෙන් පමණයි. අවාසනාවකට ඔවුන් නිතර "Update" නිකුත් කරනු ලබන්නේ නැහැ.

කොහොම නමුත් ඔබට හැකියාව තිබෙනවා අනෙකුත් "Graphics Hardware" සඳහා "Updated Drivers" කෙලින්ම "Manufacture" වෙබ් අඩවියෙන්ම ලබා ගැනීමට 




ඔබට සිදු වෙනවා එහිදී  නිවැරදිවම ඔබේ පරිගණකයේ "Graphic Hardware" එකේ මොඩල් එක තේරීමට.

සමහර "Manufacture" ලා විසින් ස්වයන්ක්‍රීයවම අලුත් "Update" පරික්ෂා කිරීම සඳහා මෘදුකාංග හඳුන්වා දෙනු ලබනවා. උදාහරණයක් විදියට "NVIDIA Update Utility"  හඳුන්වන පුළුවන්. 



ඔබ භාවිතා කරනු ලබන්නේ පැරණිතම "Graphic Hardware" එකක් නම්. ඔබ විසින් දැනගතයුතු වෙනවා එය සදාකල්ම භාවිතා කල නොහැකි බව. මොකද "Manufacture" විසින් ඒවා සඳහා සහයෝගය දැක්වීම නවතා දමනු ලබනවා. කොපමණ කලක් ඔබේ "Graphics Hardware" එක සඳහා සහයෝගය දක්වනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ "Manufacture" විසිනුයි.

17 comments:

  1. "Notebook GPUs" නමින් හඳුන්වන සමහර "Graphics Hardware " laptop වලම "Integrated" අන්තර්ගත කොට තිබෙනවා. ඒවා සඳහා ඔබට කෙලින්ම "Manufacture" ගෙන් Drivers ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඒවා ලබා ගැනීමට වෙන්නේ "Laptop Manufacture" ගෙන් පමණයි. අවාසනාවකට ඔවුන් නිතර "Update" නිකුත් කරනු ලබන්නේ නැහැ.

    මට පේන්නේ ඔයා ජීවත් වෙන්නේ ආදී කාලේ වගේ. පොඩ්ඩක් හරියට හොයල බලන්න මේ වගේ කතා පෝස්ට් කරන්න ඉස්සෙල්ලා. දැන් NVIDIA, AMD, Intel සමාගම් තුනෙන්ම ලැප්ටොප් ග්‍රැෆික්ස් වලටත් ඒ ගොල්ලන්ගේ වෙබ් අඩවි වලින්ම ඩ්‍රයිවර්ස් ලබා දෙනවා.

    ReplyDelete
    Replies
    1. මේකේ සඳහන් කරලා තියෙන්නේ සමහර "Notebook GPUs" යනුවෙන්. නැත්තම් සියල්ලටම ලබා ගන්න බැහැ කියල නැහැ.

      Delete
  2. podi help 1k one. mage lap 1ka hp g62 i5 k vg 1ka ati HD 5400, but bodi game 1ka play kalath lap 1ka heat wela reasume wenawa. heat 1ka adu karaganna widiyak kiyanawada?

    ReplyDelete
  3. machan mata tiyenne laptop ekak man eke crysis2 game ekeath gahuwa....eth mage disply adpter ekata giyama mehema witray penwanne...intel(r)hd graphics 4000.....ay e machoo...

    ReplyDelete
    Replies
    1. ekatath update thiyenava search karanna e link valin

      Delete
  4. oyage machine eke thyiena Graphic Hardware eka thamai ethanin penwanne

    ReplyDelete
  5. kotaninda search karanne??..eth mage eke nvidia,amd kiyala nane...ay e?

    ReplyDelete
  6. oyage eke thiyenne Intel HD graphics. me lipiye thiyenawa neda download Intel drivers kiyala ekak, eka klik karala e site ekata gihilla model number eka gahala search karala balanna ganna puluwanda kiyala

    ReplyDelete
  7. Intel® HD Graphics 4000 graphics thiyana lap akakata aluthma game support karanawada?

    ReplyDelete
  8. sry not 4000, Intel HD Graphics 3000.

    ReplyDelete
    Replies
    1. මේ ලිපියේදී කියල තියෙනනව සමහර Laptop වල තිබෙන Integrated Graphics Devices වලට Drivers කෙලින්ම Manfacuture ගෙන් ගන්න බැරි බව

      Delete
  9. Nvidia Geforce 210 me vga ekata aluth drivers nadda crysis 3 weda nane. crisis 3 weda karanna mokada karanna one aluth vga ekak gahanna weida?

    ReplyDelete