How to identify which Hardware component is failing in your computer
ඔබේ පරිගණකයේ දෝෂය තිබෙන්නේ කුමන Hardware කොටසේද කියා නිවැරදිව හඳුනා ගනිමු!
ඔබ මිලදී ගත්තේ නම් අලුතෙන්ම Laptop එකක් හෝ පරිගනකයක් වගකීමකුත් සහිතව. මේ පිළිබඳව ඔබට වද වීමට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද එම වගකීම් කාලය තුල පරිගනකයේ දෘඩාංග කොටසකට යම් කිසි හානියක් වී තිබුණහොත් ඒ සඳහා ඔවුන් වග කියන නිසා. නමුත් වගකීම් කාලය ඉක්ම ගිය පසුව හෝ ඔබ විසින්ම සාදාගත් ඔබේ පරිගනකයේ දෘඩාංග කොටසකට සිදු වී තිබෙන හානිය පිළිබඳව ඔබට සියලුම වගකීම දැරීමට වෙනවා. නමුත් ඒ සඳහා ඔබ විසින් නිවැරදිව හඳුනා ගත යුතු වෙනවා නේද එම දෝෂය තිබෙන්නේ කුමන දෘඩාංග කොටසේද කියා.
Blue Screen 101 : Search for the Error Message
මින් පෙර ඉදිරිපත් කරනු ලැබූ ලිපි කිහිපයකින්ම "Blue Screen" ගැන අපි කතා කරා. මෙතනදීත් ඒ ගැන කතා නොකරම බැහැ මොකද මෙම මාතෘකාව සඳහා එය අත්ශයින්ම අදාළ වෙන නිසා. පරිගනකයේ දෘඩාංග කොටසක් සම්බන්ධයෙන් පැමිණෙන "Blue Screen" දෝෂ පණිවිඩය "google" හී පරික්ෂා කර බැලීමෙන් පහසුවෙන්ම සොයා ගන්නට පුළුවන් වෙනවා එම දෝෂය හට ගෙන තිබෙන්නේ කුමන දෘඩාංග කොටසක් සම්බන්ධවද කියා.
උදාහරණයක් විදියට අපි ගත්තොත් "NV4_disp.dll" කියන file එක සම්බන්ධව "Blue Screen" දෝෂ පණිවිඩය පැමිණියා කියා. ඔබේ එය "Google" හී පරික්ෂා කර බැලුවොත් පහසුවෙන්ම සොයා ගැනීමට හැකි වෙනවා එය "Nvidia Graphic Card" එකෙහි Driver එකක් නිසා හට ගැනුණු දෝෂයක් බව. එවැනි අවස්තාවකදී ඔබට නිවැරදි නිගමනයකට පැමිණීමට පුළුවන් වෙනවා ඔබේ "Graphic Card" එක අක්‍රීය වෙමින් පවතින බවට
අන්න එලෙස ඔබ විසින් "Google" හී පරික්ෂා කර බැලුවොත් ඔබට පහසුවෙන්ම සොයා ගැනීමට හැකි වෙනවා දෝෂ සහගත ඔබේ දෘඩාංග කොටස පිළිබඳව.
Check Hard Drive SMART Status
"Hard Drive" එකක් සතුව තිබෙනවා "SMART" ( Self Monitoring, Analysis and Reporting Technology ) යනුවෙන් හඳුන්වන තාක්ෂණයක්. එමගින් කරන්නේ "Hard Drive" එකේ සෞඛ්‍ය තත්වය පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ඒ විසින්ම ඉදිරිපත් කිරීමයි. "Hard Drive" එක අක්‍රීය වෙමින් පවතිනවානම් එයින් දැකගැනීමට පුළුවන් වෙනවා.
ඔබට දැකගන්නට ලැබුනොත් කුමන හෝ ආකාරයක "SMART Error" එකක් ඔබ දැනගත යුතු වෙනවා. ඔබේ දෘඩ තැටිය අක්‍රීය වෙමින් පවතින බව.
ඔබට දැකගන්නට ලැබුනොත් කුමන හෝ ආකාරයක "SMART Error" එකක් ඔබ දැනගත යුතු වෙනවා. ඔබේ දෘඩ තැටිය අක්‍රීය වෙමින් පවතින බව.
"SMART Analysis" මෘදුකාංගයක් භාවිතා කිරීමෙන් ඔබට දෘඩ තැටියේ සෞඛ්‍ය තත්වය පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ලබා ගැනීමට පුළුවන්. එම මෘදුකාංගය පහතින් බාගන්න.
මින් ඉහතදී අප විසින් දීර්ඝ විස්තරයක් සහිත ලිපියක් මේ පිළිබඳව ඉදිරිපත් කරනු ලැබුවා. එය කියවීමට පහත තිබෙන බටන් එක ක්ලික් කරන්න.
Test Your RAM
විවිධ හේතුන් නිසා "RAM" එකක් අක්‍රීය වෙන්න පුලවන්. පරිගනකය විසින් "RAM" එකට දත්තයන් ලියනවා නමුත් "RAM" එක මගින් නැවත ලබා දෙන්නේ ඊට හාත්පසින් වෙනස් වෙන දත්තයන්. ඒ මොකද "RAM" එක ක්‍රමවත්ව ක්‍රියා නොකරන නිසා. එහි ප්‍රතිපලයක් හැටියට ඔබට දැකගන්නට පුළුවන් Applications හදිසියේ "Crash" වීම, "Blue Screen", සහ System File වලට හානි වීම් වගේ දේවල්.
"RAM" නිවැරදිව ක්‍රියා කරනවාද කියා බලා ගැනීමට ඔබට Windows වලම තිබෙන "Memory Diagnostic Tool" එක භාවිතා කිරීමට පුළුවන්. එයින් කරනු ලබන්නේ "RAM" එකේ හැම කොටසකටම දත්තයන් ලියා නැවතත් ඒවා කියවා බැලීමයි. එයින් තහවුරු කරගැනීමට හැකි වෙනවා ඔබේ "RAM" එක නිවැරදිව ක්‍රියා කරනවාද? නැද්ද? කියා.
මෙම Tool එක භාවිතා කිරීමේදී පරිගනකය "Restart" කල යුතු බව මතක තබා ගන්න. "Start Menu" එකේ "memory" යනුවෙන් Type කර Enter ඔබන්න.
මීළඟට පැමිණෙන window එකේදී ඔබට හැකියාව තිබෙනවා පරිගනකය "Restart" කොට එහි තිබෙන දෝෂයන් පරික්ෂා කිරීමට. නැතිනම් ඔබේ පරිගනකය "Restart" කරන ඊළඟ මොහොතේදී දෝෂ පිළිබඳව පරික්ෂා කිරීමටද පුළුවන් වෙනවා. එයින් කැමති එකක් තෝරන්න.
Check Heat Levels
පරිගනකයේ ඇතුලත උෂ්ණත්වය කෙසේ ඇත්ද? ඕනැවට වඩා රත්වීම නිසා "Blue Screen" දෝෂ පණිවිඩ, Crashes සහ හදිසියේ පරිගනකය Off වීම වගේ දේවල් ඇති වෙනවා. පරිගනකය තිබෙන්නේ වැඩි උෂ්ණත්වයක් පවතින ස්ථානයක නම් අධික ලෙස පරිගනකය රත් වීමට එය බලපානවා. තවත් දෙයක් තමයි දුහුවිලි තිබීම නිසාත් උෂ්ණත්වය ඕනාවට වඩා වැඩි වෙනවා.
පරිගනකයේ "BIOS" වලින් "Internal Temperature" එක බලා ගැනීමට පුළුවන්. ඒවගේම ඔබට පුළුවන් වෙනවා ඒ සඳහාම විශේෂයෙන්ම නිර්මාණය කරපු " Speccy" , "Speed Fan" වගේ මෘදුකාංග භාවිතා කොට උෂ්ණත්වය පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ලබා ගැනීමට. පරිගනකයේ තිබිය යුතුවෙන සාමාන්‍ය උෂ්ණත්වය සහ දැනට ඔබේ පරිගනකයේ ඇති උෂ්ණත්වය සමග සන්සන්ධනය කිරීමෙන් නිගමනයකට එන්නට පුළුවන් වෙනවා "Overheat" වීම පිළිබඳව.
සැබෑවටම පරිගනකයේ උෂ්ණත්වය ඕනෑවටත් වඩා ඉහලගොස් තිබෙනවානම්, ඔබට එය දැකගන්නට ලැබෙන්නේ පරිගනකයෙන් තරමක බර වැඩක් කරන විට පමණයි. උදාහරණයක් විදියට ඔබේ "CPU" එක සහ "Graphic Card " එක වෙහෙස වන game එක වගේ දෙයක් play කිරීම්දී.
ඉහතදී සඳහන් කරන ලද මෘදුකාංග දෙක පහතින් Download කරගන්න.
Speccy
SpeedFan
Stress Test Your Graphic Card
ඔබේ පරිගනකයට සවි කොට තිබෙන "Graphic Card" එක සඳහා "Stress Test" එකක් කරගැනීමට හැකියාව තිබෙනවා. ඔබ Game එකක් Play කරන තරතුර "Driver Crash" වෙනවා නම් සහ එක එක ආකාරයේ අමුතු "Graphical Corruption " සිදු වෙනවානම්. ඔබට පුළුවන් "Graphics Benchmark Utility " එකක් භාවිතා කිරීමට "3DMark" වගේ. එම Tool ඒක මගින් ඔබේ Graphic Card එක අරගනු ලබන ආයාසය, අධික ලෙස රත් වීමේදී සහ Load කිරීමේදී සිදු වෙන අසමත් වීම්, Graphical Problems, Crashes සහ නිල් පැහැති පසුබිමකින් යුතු දෝෂ පණිවිඩ දැක ගැනීමට පුළුවන් වෙනවා "Benchmark" Tool එක ක්‍රියාත්මක වෙන අතරතුර.
"Benchmark Tool" එක භාවිතා කරත් පෙනෙන්නට දෝෂයක් නැත්තම්. නමුත් Game Play කරද්දී යම් යම් දෝෂයන් ඇති වෙනවානම්, එය එම Game එකේ දෝෂයක් බව දැන ගත යුතු වෙනවා.
ඉහත සඳහන් කරන ලද මෘදුකාංගය Download කරගැනීමට පහත තිබෙන ලින්ක් එක කිල්ක් කරන්න.
3DMark
Swap it Out
හැම දෘඩාංගයකම තිබෙන දෝෂ නිවැරදිව හඳුනා ගැනීම එතරම් පහසු දෙයක් නෙවෙයි. ඔබ සතුව තිබෙන්නේ නුසුදුසු "Motherboard" එකක් හෝ "Power Supply" එකක් නම් අනෙකුත් දෘඩාංග කොටස් වලටත් එය බලපෑම් එල්ල කරනවා. එම කොටස් නැවත "Replace" කරනකන් කියන්න අපහසු වෙනවා හරියටම දෝෂය තිබෙන්නේ මෙම කොටසේ බව.
හොඳම ක්‍රමය තමයි මොන කොටසෙහිද දෝෂය තිබෙන්නේ කියා දැනගැනීමට එම කොටස ඉවත් කොට වෙනත් එකක් සවි කර බැලීම. උදාහරණයක් විදියට නිල් පැහැති පසුබිමකින් යුත් දෝෂ පණිවිඩයක් ගෙන ඒමට සමත් වුයේ ඔබේ "Graphic Card" එක කියා ඔබ සිතනවානම්. එසේනම් ඔබ කල යුත්තේ එය ඉවත් කොට වෙනත් "Graphic Card" එකක් සම්බන්ධ කර බැලීමයි. දැන් පරිගනකය නිවැරදිව වැඩ කරනවානම්. දෝෂය තිබෙන්නේ "Graphic Card" එකේ බව ඔබට දැනගන්නට පුළුවන්.
මෙය පරිපූර්ණ මග පෙන්වීමක් වෙන්නේ නැහැ දෘඩාංග කොටස් වල දෝෂයන් හඳුනා ගැනීමට. නමුත් මෙමගින් සෑම පරිගණකයකම වාගේ පොදුවේ ඇති වෙන දෝෂයන් හනුදුනා ගැනීමට මෙය ඔබට උපකාරී වෙනවා.
DirectX gana danagana one bro
ReplyDeleteTanx
ReplyDeleteniyamai...thanxxxxx machan.
ReplyDeletemachn mage hp pavillion dv6 i7 lap ekak tinne, eka on weddi hp kiyla watila vinadiyak vithara tinawa, nitarama stuck wenawa, ram dekath maru kara,hard ekath maru kra,et hari giye na, lap eka kohe hari genihin on karaddi nan hariyata wada karanawa, a kiyanne tikak lap eka hela unama hodata start wenwa, ai elagapara on karaddi aai ara wagema wenawa.. poddak me gana hoyala kiyanna puluwanda
ReplyDeleteLap eke Cooling fan eka wada karanawada balanna, mettayak uda wage thiyaagena weda karanna epaa. ethakota Cooling fan eka pichchenna balanawa
Deletemachoo hdd eka sauttu vagana enavanam.kohomada pannan
ReplyDeleteuda thiyena Software eka Install karala balanna, Smart error ekak penwanawada kiyala
Deletemage thiyeíwa...singer x series lap ekak...meke webcam driver ganne ne dunnata...webcam eka not detec kiyala msg ekak enawa..eka detect karannalu..eta passe driver ins wei kiyala msg enne..drivers ins karaddi..webcam eka detect karaganne kohomada APPS
ReplyDeleteWarranty thiyenawanam eyalawa contact karanna
Deleteniyamai machan mekanam godak wedagath post ekak digatama oyawage wedagath dewal liyanna.
ReplyDeleteTnx mchn. mage lap 1ke ID NO-01,07,B8,BF error enawa. Eeka awlak weida?
ReplyDeleteHelp me machn...............
Thanks machan godak wedagath post ekak.
ReplyDeleteThanks machan godak wedagath post ekak.
ReplyDeleteBIOS walin gihin balann, temperarture eka,
ReplyDeleteThanks..............
ReplyDeleteCrystalDiskInfo softwere eka download kalata wada karanne nane. eke lap eka hariyana eka thoraganna onida. vierson thiyenawada
ReplyDeleteUnable to resolve the server's DNS address.----- lesa mage computer(laptop windows 7) error denawa teledrama baladdi mokada karanna onaaa ....thanks
ReplyDeleteUnable to resolve the server's DNS address.----- lesa mage computer(laptop windows 7) error denawa teledrama baladdi mokada karanna onaaa ....thanks
ReplyDeletegoogle dns deela balanna
ReplyDelete8.8.4.4
skype recorder 1k dannako download kara ganna thanks
ReplyDelete