How to create a new darta partition in windows 7

කිසිඳු මෘදුකාංගයක් ස්ථාපිත නොකර අලුතෙන් "Hard Drive Partition" එකක් හදා ගමු. 





Windows Install කරනකොට ඔබට අවශ්‍ය ලෙස "Hard Drive" එක කොටස් කරගන්න බැරිවුනාද. දැන් තිබෙන්නේ "C Partition" එක පමණක්ද? නැවතත් අලුතෙන් "Partition" එකක් හදා ගන්න ඕනෙද? එසේනම් අලුතෙන් Windows Install කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. කිසිඳු මෘදුකාංගයක් Install කරගන්නේ නැතිව එය පහසුවෙන්ම කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ.

ඔබ භාවිතා කරන්නේ Windows 7 හෝ Windows 8 වගේ නවීන මෙහෙයුම් පද්දතියක් නම්. ඔබට පුළුවන් වෙනවා ඔබ දැනට Windows Install කර තිබෙන "Partition" එකෙහි තිබෙන ඉඩ ප්‍රමාණය "Re-size" කොට එයින් ඉතුරු වුන අනිත් ඉඩ ප්‍රමාණය භාවිතා කොට අලුතෙන් "Partition" එකක් හදා ගැනීමට. 

" Disk Management" කියන tool එක මගින් එය පහසුවෙන්ම කරගන්න පුළුවන්. Windows 8 වලදී එය Open කරගැනීමට "Windows Key" එක සහ "x" බටන් දෙකම එක වර ඔබන්න. Windows 7 වලදී නම් Windows බටන් එක එක වරක් ඔබා "Start Menu" එකේ "manage disks" යනුවෙන් Type කර enter එබීමෙන් එම tool එක open කරගැනීමට පුලුවන්.




"Disk Management" window එකේදී "C Partition" එක මත Right-Click කර "Shrink Volume" කියාන එක තෝරන්න.

අවවාදයයි - මේ ආකාරයට partition සමග ගනුදෙනු කිරීමේදී "Data Loss" වීමක් සිදු වූන හොත් එවැනි අවස්තාකාට මුහුණ දීම සඳහා ඔබේ වටිනා files " backup" කර තබා ගත යුතු වෙනවා. නමුත් එවැනි තත්වයක් සාමාන්‍යයෙන්ඇති වෙන්නේ නැහැ. නමුත් "Backup" එකක් තබා ගැනීම වටිනවා.




මෙතනදී ඔබට පුළුවන් එම "partition" එක "Shrink" කිරීමට අවශ්‍ය වෙන ප්‍රමාණය MB මගින් දැක්වීමට. උදාහරණයක් විදියට කිව්වොත් ඔබට අවශ්‍යයි කියා 100GB   "Data Partition" එකක්, ඒ සඳහා ඇතුලත් "102400" ඇතුලත් කොට "Shrink" බටන් එක ක්ලික් කරන්න.

පැහැදිලිවම ප්‍රමාණවත් තරමේ "Free Space" එකක් තිබිය යුතු වෙනවා "Partition" එකෙහි එය "Shrink" කිරීම සඳහා. එහි තිබෙන්නේ 20GB වගේ ඉඩක් නම්. ඔබට හැකියාවක් ඇත්තේ නැහැ එයට වඩා වැඩි ඉඩ ප්‍රමාණයකින් එය "Shrink" කිරීමට.




එම ක්‍රියාවලිය සම්පූර්ණ වුනු පසුව "Unallocated Space" එක මත right-click කර " New Simple Volume" යන්න තෝරන්න.



මීළඟට පැමිණෙන "Wizard" එකෙන් ඉදිරියට යන්න. ඔබේ අලුත් "Partition" එකට "Drive Letter" එකක් ලබා දෙන්න. එම ක්‍රියාවලිය නිම වුනු පසුව ඔබට දැකගන්නට ලැබේවි අලුත් "Partition" එකක් My Computer තුල  දිස් වෙනවා.




දැන් සුපුරුදු පරිදි එම "Partition" එකත් සමග ඔබට ගනුදෙනු කිරීමට හැකියාව තිබෙනවා.

10 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. What are the advantages of creating partitions rather than using only partition C?

    ReplyDelete
  3. Thank you.Disk Partitions Merge karana hatith kiyala denne puluwanda

    ReplyDelete
  4. c partition eka wedi karaganne kohomada? anith partition ekakin adu karala?

    ReplyDelete
  5. niyamai.partition eka ain karapuhama e kynne new volume kyla tyanawa eka hard eken kotasak wela.tibba widiyatama ayama hadaganne khmada?

    ReplyDelete
  6. Partitions 2k,3k ekata set karanne kohomada kiyala kiyanna puluwan da?

    ReplyDelete