What to do when Windows won't boot

පරිගනකය Boot නොවුනහොත් සිදු කල යුතු යුත්තේ කුමක්ද ?


යම් කිසි දවසක ඔබ විසින් ඔබේ පරිගනකය ක්‍රියාත්මක කරනු ලබනවා. නමුත් Windows Boot වෙන්නේ නැහැ. ඔබ මොකද කරන්නේ? ඇත්තටම Windows Boot නොවීම පොදුවේ හැම දෙනෙකුටම මුහුණ දෙන්නට වෙනු ලබන සාමාන්‍ය තත්වයක්. එසේනම් ඔබ සිදු කල යුතු වෙන්නේ එය Windows Boot නොවීමට  බලපෑ හේතුව සොයා එය නිරාකරණය කරගැනීමයි. 

Windows වල අද වෙන විට භාවිතා කරනු ලබන නවීන සංස්කරණ වල මේ වගේ ගැටළු පහසුවෙන් නිරාකරණය කරගැනීමට අවශ්‍යවෙන පහසුකම් ඇතුලත් කර තිබෙනවා.Windows xp  වල මෙවැනි  දෝෂයක් පැන නැගුනොත් එතැනින්ම පරිගනකය නතර වෙනවා. නමුත් Windows 7, Windows 8 වගේ නවීන මෙහෙයුම් පද්දති මගින් ස්වයන්ක්‍රීයවම එම දෝෂයන් නිරාකරණය කිරීම සිදුකරනු ලබනවා.

පළමුව කල යුතු දෙය!

පරිගණකය සාර්ථකව වැඩකරමින්  තිබු අවස්ථාවේදී ඔබ විසින් අලුතෙන් "Hardware" Driver එකක් ස්ථාපිත කරාද?, අලුතෙන් "Hardware" එකක් පරිගනකයට සවි කරාද?, නැතිනම් පරිගනකයේ පිට කවරය විවුර්ත කොට කුමන හෝ දෙයක් සිදු කරාද යන කරුණු පිළිබඳව සැලකිලිමත් වීමයි.  පරිගනකය Boot නොවී යෑමට හැකියාව තිබෙන ප්‍රධානම දේවල් තමයි  දෝෂ සහිත Driver එකක් Install කිරීම සහ  නැත්තම් නොගැලපෙන "Hardware" එකක් පරිගනකයට සම්බන්ධ කිරීම.  

පරිගනකයට අවශ්‍ය කරන විදුලි බලය නිසි ලෙස සපයා තිබේද?

 පරිගනකයට විදුලි බලය සපයන වයර් "Power Outlet" වලට නිවැරදිව සම්බන්ධ කොට තිබේද යන්න සොයා බලන්න. සමහර විට ඒවා "loose" ව පැවතීමට ඉඩ තිබෙනවා. පරිගනකය "Desktop" එකක් නම්  එහි පිටුපස තිබෙන "Power Switch" එක On එකේ තිබෙනවාද බලන්න. ඉන් පසුව බලන්න පරිගනකයේ මව් පුවරුවට බලය සපයන ප්‍රධාන වයරය නිසිලෙස එයට සවි වී තිබෙනවාද කියා. එසේත් සිදු කර නිවැරදි හේතුවක් සොයා ගන්නට නොහැකි නම්. "Power Supply" එකේ දෝෂයක් වීමට බොහෝ විට  ඉඩ තිබෙනවා.  එසේ සිදුවීනම් ඔබට සිදු වෙනවා අලුතෙන් "Power Supply" එකක් සවි කරගැනීමට. 

එවගේම තමයි මොනිටරය නිවැරදිව වැඩ කරනවාද යන්නත් සොයා බැලිය යුතු වෙනවා. පරිගනකය නිවැරදිව වැඩ කරත්  මොනිටරයේ දෝෂයක් නිසා "Display" නොවෙන්න ඉඩ තිබෙනවා.
  

 පරිගගනකය ක්‍රියාත්මක වුනත් "No Bootable Device" යනුවෙන් දෝෂ පණිවිඩයක් දෙනු ලබනවා.


ඔබේ පරිගනකය ක්‍රියාත්මක වුනත්  ඔබට දැකගන්නට ලැබෙන්නේ කළු පැහැති පසුබිමකින් යුතු "No Bootable Device" යනුවෙන් දිස් වෙන පණිවිඩයක් ද? එසේත් නොමැති නම් "Disk Error" වගේ පණිවිඩයක් නම්. එයින් කියවෙන්නේ ඔබේ පරිගනකය "Hard Drive" එකෙන් නිසි ලෙස  boot නොවෙනවා යන්නයි. එය තහවුරු කරගැනීමට ඔබේ පරිගනකයේ "BIOS" වලට පිවිස "Boot Order" එක පරික්ෂා කර බලන්න. "Hard Drive" එකෙන් boot වෙන ලෙසට Settings සකස් කරගන්න. 


එහි තිබෙන ලිස්ට් එකේ "Hard Drive" එක දිස් වෙන්නේ නැතිනම්. "Hard Drive" එක නිවැරදිව සවි කරගෙන බලන්න. ඉන්පසුවත් වැඩ කරන්නේ නැති නම් "Hard Drive" ක්‍රියාත්මක මට්ටමේ නොමැති වෙන්න පුළුවන්. 

පරිගනකය Boot වෙන අතරතුර හිර වෙනවාද  නැතිනම් Crash වෙනවාද?

පරිගනකයේ Windows මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක වීමට පැමිණ අතරතුරදී ක්‍රියාත්මක වීමට අපහසු වී හිරවෙනවානම් හෝ පරිගණකය නැවත "Restart" වෙනවානම්. එයට හේතුව Software හෝ Hardware දෝෂයක් වෙන්න පුළුවන්. එවැනි දෝෂයන් ඔබට නිරාකරණය කරගැනීමට හැකියාව තිබෙනවා "Startup Repair Operation" එකක් මගින්. ඒ සඳහා "Windows Installer Disc" එකක් හෝ "Recovery Disc" එකක් භාවිතා කිරීමට පුළුවන්. එයිනුත්  ගැටලුව විසඳා ගැනීමට නොහැකි වුනා නම් නැවත Windows අලුතෙන් Install කරගත යුතු වෙනවා.



එලෙස Boot නොවෙන පරිගනකයක තිබෙන Files "Windows Installer Disc" එකක් මගින් Backup කරගන්නා ආකාරය දැනගැනීමට මෙම පහත තිබෙන ලින්ක් එක ක්ලික් කරන්න.




 පරිගනකය ක්‍රියාත්මක වුනත් නිල් පැහැති තිරයක් සහිත දෝෂ පණිවිඩයක් පැමිණෙනවාද ?

පරිගනකය boot වෙන සෑම අවස්ථාවකදීම නිල් පැහැති දෝෂ පණිවිඩයක් සහිතව windows Crash වෙනවාද? එයට හේතුව  "Hardware" හෝ "Software" දෝෂයක් වීමට ඉඩ තිබෙනවා. උදාහරණයක් මගින් පැහැදිලි කරනවානම් malware එකක් හෝ දෝෂ සහිත Driver ( Buggy Driver) එකක් නිසා  boot වීමට  උත්සහ කිරීමේදී Windows Crash වෙනවා වෙන්න පුළුවන්. 



එය නිවැරදිව පරික්ෂා කර බැලීම සඳහා, පරිගනකය "Safe Mode" එකෙන් boot කරගන්න. එය සිදු කරගන්න ක්‍රමය පිළිබඳව අප විසින් දීර්ඝ විස්තර සහිත ලිපියකින් ඔබ දැනුවත් කරා ඔබට මතක ඇති. එය කියවීම සඳහා පහත තිබෙන බටන් එක ක්ලික් කරන්න.



ඉහත ක්‍රම සියල්ල අත්හදා බලා ඔබ විසින් තවදුරටත් එම දෝෂය විසඳා ගැනීමට නොහැකි වුනා නම්. Hardware එකක දෝෂයක් බව ඔබ තේරුම් ගත යුතු වෙනවා. එවැනි අවස්තාවකදී  ඔබ විසින්  එම දෝෂය තිබෙන "Hardware" එක හඳුනාගෙන එය "Replace" කර යුතු වෙනවා.

7 comments:

  1. thanks me vage deval thva liyanna

    ReplyDelete
  2. windows 7 walata recovery disk ekak download karagann thiyenawada, godak welawata O/S eken recover karanna ba, ehema karanna nam kalin hadagattha recovery image ekak thiyenna one, ehema nathuwa recover karanna disk thiyenawada

    ReplyDelete
  3. "Not operating system Funnd" kiyala msg 1k enawa but samahara welawata boot wenawa nomaly boot unama restart wenawa, safe mood ehema wen na safe mood wladith mouse 1 wada karan na..... Answer Plzzz

    ReplyDelete
  4. pc ekata power eka enava but pc eke on button eka press kalata on venne nette ai?

    ReplyDelete