Why Facebook is Blue in Colour?

Facebook සඳහා නිල් පැහැති වර්ණය වැඩි වශයෙන් භාවිතා කර ඇත්තේ ඇයි?




ඔබ විසින් Facebook open කල විගසම ඔබට දැකගන්න ලැබෙන දෙයක් තමයි Facebook  සඳහා වැඩි වශයෙන් නිල් වර්ණය භාවිතා කර ඇති බව. එම නිල් පැහැති වර්ණය ඔවුන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ වෙනස් නොකර දිගටම භාවිතා කර තිබෙනවා. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ Facebook විසින් ඔවුන්ගේ වෙබ් අඩවිය නිර්මාණය කිරීම සඳහා නිල් වර්ණය වැඩි ලෙස උපයෝගී කරගෙන තිබෙන්නේ කුමන කාරණයක් නිසාද යන්න පිළිබඳවයි.


"thefacebook" කියන නමින් තමයි Facebook වෙබ් අඩවිය ආරාම්භ කරේ. අද වෙන විට එය Facebook ලෙස වෙනස් කර තිබෙනවා. නමුත් මුල සිටම ඔවුන්ගේ web අඩවිය නිර්මාණය කිරීමේදී ඔවුන් භාවිත කර තිබුනේ නිල් වර්ණයයි.



Facebook එකේ login page එකේ සිට හැමතැනකම දැකගන්න පුළුවන් වෙන්නේ නිල් වර්ණයයි.




මෙයට හේතුව වන්නේ  Mark Zuckerberg. Facebook වෙබ් අඩවියේ තරුණ නිර්මාතෘ වරයා වෙන ඔහු Leo Laporte සමග පැවති Online Interview එකේදී වැඩි වශයෙන් නිල් වර්ණය Facebook සඳහා යොදා ගත යුතු බව සනාථ කර තිබෙනවා.


වානිජමය වශයෙන් වෙබ් අඩවියක් කරා නරඹන්නන් ආකාර්ශනය කරගැනීමට  නිල් පැහැති වර්ණයට විශේෂ හැකියාවක් තිබෙනවා. තවත් ආකාරයකින් එහි අඩංගු වෙන කරුණු පැහැදිලිව වෙන් කොට හඳුනා ගැනීමට නිල් පැහැති වර්ණයකින් යුතු වටපිටාවක් තිබීම මිනිස් මොලයට වඩාත් පහසුවක් වෙනවා. විශේෂයෙන්ම webmaster ලාගේ ප්‍රියතම වර්ණය විදියට නිල් වර්ණය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම බොහොමයක් ප්‍රසිද්ධ web අඩවි වලට නිල් වර්ණය වැඩි ලෙස එකතු කරගැනීට හේතුව වන්නේද එම ඉහත සඳහන් කරුණුයි.


Facebook වල තිබෙන නිල් වර්ණය නැතිව ඔබ කැමති වර්ණයකින් යුතු Theme එකක් භාවිතා කොට Facebook භාවිතා කිරීමටද දැන් ඔබට හැකියාව තිබෙනවා
 

7 comments:

  1. Replies
    1. goto facebook > themes > select a color > ok

      Delete
  2. go to facebook kothanada thyenne?

    ReplyDelete
  3. As I know Mark Zuckerberg is red-green colorblind. Wikipedia will prove it.

    http://www.omg-facts.com/Technology/Facebook-Is-Blue-Because-Founder-Mark-Zu/15256

    ReplyDelete
  4. ලෝකයේ ගොඩක් දෙනාට නොපෙනෙන්නේ නැති (පෙනෙන) වර්ණය තමා නිල් පාට. ඒක තමයි හේතුව බොහෝ තැන් වල නිල් පාට පාවිච්චි කරන.

    ReplyDelete