How to Disable Facebook Apps Request?

 Facebook වලින් පැමිණෙන කරදරකාරී Apps Requests නවතා දමමු.




ඔබ Facebook වලින් game play නොකරන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබට දිගින් දිගටම ඒ සඳහා ඔබගේ මිතුරන්ගෙන් විශාල වශයෙන් Requests ලැබෙනවා වෙන්න පුළුවන්.මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ එලෙස කරදරකාරී විදියට එන Requests නවතා දමන ක්‍රමය පිළිබඳවයි.


Facebook Apps Requests Block කිරීම සඳහා මෙම පහත තිබෙන පියවරවල් අනුගමනය කරන්න.



1. ඔබගේ Facebook ගිණුමට Log වෙන්න.


2 දැන් දකුණු අත පැත්තේ කොනේම තිබෙන මලක හැඩයගත් Icon මත ක්ලික් කරන්න. ඉන්පසුව "Account Settings" කියන තැන ක්ලික් කරන්න. 



 3. මීළඟට වම අත පැත්තේ තිබෙන Side Bar එකේ "Blocking" කියන බටන් එක ක්ලික් කරන්න.




දැන් ඔබට පුළුවන් Request එවීම disable කර යුතු App එකේ හෝ පුද්ගලයාගේ නම එම අදාළ තැන් වලට ලබා දීමට. ඉන් පසුව කිසිසේත්ම ඔබට එම Apps හෝ Games මගින් කිසිදිනක Requests ලැබෙන්නේ නැහැ.




4 comments: