How To Run Old Games & Software In Windows 8

පරණ Software සහ Games සාර්ථකව Windows 8 වල ක්‍රියාත්මක කරන ආකාරය.




බොහොමයක් Windows Applications සාර්ථකව Windows 8 වල ක්‍රියාත්මක වෙනවා. Windows 7 වල වැඩ කරන Application එකක් නම් Windows 8 වලත් එය සාර්ථකව වැඩ කරනවා. එයට හේතුව වන්නේ Windows 7 මෙහෙයුම් පද්දතිය Windows 8 වලට ඉතාමත් සමාන කමක් දක්වන නිසා. සමහරක් පරණ Software සහ Games නිර්මාණය කර තිබෙන්නේ පරණ මෙහෙයුම් පද්දති වල වැඩ කරන ආකාරයටයි. උදාහරණයක් විදියට Windows XP, Windows 98, DOS වගේ පැරණි මෙහෙයුම් පද්දති වලට. එම හේතුව නිසා ඒවා Windows 7, Windows 8 වල ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබට ගැටළුවක් ඇති වී තිබෙන Software එක හෝ Game එක පිළිබඳව Google එකේ එම අදාළ Software එකේ හෝ Game එකේ පිටුපසට "Windows 8 " ලෙස Type කර පරික්ෂා කිරීමෙන් එය Windows 8 වලට සහයෝගය දක්වන්නේද නැද්ද යන්න පිළිබඳව සොයා බලන්න පුළුවන් .මෙම පහත තිබෙන පියවරවල් ඕනෑම ආකාරයක Software එකකට වලංගු වෙනවා, නමුත් ඔබට ගැටලුවක්ව පවතින Software එකක් පිළිබඳව විශේෂයෙන් සොයා බැලීම වඩාත් හොඳ අදහසක්.


Games සහ Software Windows 8 සඳහා සහයෝගය නොදැක්වීමට හේතුව කුමක්ද ?


සමහරක් Software සහ Games Windows 8 වල සාර්ථකව ක්‍රියාත්මක නොවීමට බලපාන හේතු රැසක් තිබෙනවා.


Bad Programming Practices  - සමහරක් Software ක්‍රියාත්මක කිරීම සඳහා Administrator අවසරය අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම Windows XP සඳහා නිපදවන Software වලට. එම හේතුව නිසා අලුත් Windows මෙහෙයුම් පද්දති වලින් සාමාන්‍ය Account එකකින් ගොස් එම  Software එක ක්‍රියාත්මක කිරීමේදී එය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. තරමක් පැරණි Windows මෙහෙයුම් පද්දති වල සාර්ථකව ක්‍රියාත්මක නොවුණු එහෙත් නැවත ඒවා සකස් කරන ලද Software නවීන Windows මෙහෙයුම් පද්දති වල ක්‍රියාත්මක වීමේදී කිසිසේත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

Dependencies on Old Versions of Software - සමහරක් Software දත්ත ගබඩා කර තිබෙන්නේ පැරණි දත්ත ගබඩා වල. උදාහරණයක් විදියට Windows 8 වල Default Install නොකරන ලද Net Framework version 3.5 වගේ Libraries වල. එම හේතුව නිසා එවැනි Software Windows 8 වලට සහයෝගය දක්වන්නේ නැහැ.

16 - bit Software - Windows වල 64 bit version එක 16-bit layer වලින් නිර්මාණය කරපු Application ක්‍රියාත්මක කරවීමට අපොහොසත් වෙනවා. ඔබ සතුව තිබෙන Software එක Windows 3.1 වල ක්‍රියාත්මක වීම සඳහා නිර්මාණය කරපි 16-bit Application එකක් නම් එය ක්‍රියාත්මක කිරීම සඳහා 32bit Windows 8 Version එකක් අවශ්‍ය වෙනවා.


Before Upgrading 


 Windows Upgrade කිරීමට ප්‍රථම Microsoft  විසින් උපදෙස් ලබා ගැනීමට පුළුවන් ඔබ Upgrade කිරීමට බලාපොරොත්තු වෙන පරිගණකයේ තිබෙන Hardware කොටස් ඒ සඳහා සුදුසු තත්වයේ තිබෙනවද නැද්ද කියන එක පිළිබඳව. ඔබට ඒ සඳහා Windows 8 Upgrade Assistant කියන මෘදුකාංගය Download කරගෙන Install කර එම සේවාව ලබා ගන්න පුළුවන්. මෙය Run කිරීමෙන් පසුව ඔබේ පරිගණකයේ තිබෙන සියලුම Hardware කොටස් සම්පූර්ණ පරීක්ෂණයකට ලක් කොට ඒවා Windows 8 වලදී සාර්ථකව ක්‍රියාත්මක වෙනවද? නැද්ද කියල ඔබට වාර්තාවක් ලබා දෙනවා.



 ඒ වගේම Microsoft විසින් සපයන තව සේවාවක් තමයි Software සහ games Windows 8 මෙහෙයුම් පද්දතියට සමග වැඩ කරනවාද නැද්ද යන්න පිළිබඳව සොයා බලන්න පුළුවන් වීම.එම සේවාව ලබා ගැනීම සඳහා "Windows Compatibility Center" web අඩවියට පිවිසෙන්න.



Update Your Software

Software එකක් වැඩ කරන්නේ නොමැතිනම්. ඔබ එය  Latest version එකට Update කල යුතු වෙනවා. ඒ සඳහා ඔවුන් විසින් සකසන ලද Patch එකක් වුනත් භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදියට Windows 8 වලදී පරණ  Game එකක්  CD එකින් හෝ DVD එකින් install කිරීමේදී එය ක්‍රියාත්මක නොවෙන්න පුළුවන්. නමුත් එම Game එක නිර්මාණය කර අය විසින් එය Windows 8 වල ක්‍රියාත්මක වීමට Patch එකක් අලුතෙන් හඳුන්වා දෙනවා. එය install කිරීමේදී එම Game එක Windows 8 වලදී සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. Microsoft විසින්ම Windows Live සඳහා නිර්මාණය කරපු Games Windows 8 වලදී Play වෙන්නේ නැහැ ඔබ GFWL වලට එය Update කරනකන්.




ඒවගේම සමහරක් Software Install වෙන්නේ Old libraries වල එම නිසා එම Software Install කිරීමට ඔබට ඒවා Install කරගැනීමට සිදු වෙනවා. උදාහරණයක් විදියට Windows 8 වල තිබෙන්නේ Net Framework 4.5. නමුත් ඔබට පැරණි Software එකක් install කිරීමේදී යම් ගැටළුවක් ඇති වුන හොත් ඔබ විසින් Net Framework වල පරණ Versions Install කිරීමට සිදු වෙනවා.





Run as Administrator


පහසුවෙන්ම පරණ Software install කිරීමේදී ඇති වෙන ගැටලු නිරාකරණය කරගැනීම සඳහා එම Software එක Administrator Mode එකෙන්Run කිරීම පමණයි කල යුත්තේ. සාමාන්‍යයෙන් Windows විසින් හඳුනා ගනු ලබනවා Software  එක Administrator Mode එකෙන් Run කල යුතුද? නැත්ද කියල. නමුත් හැම වෙලාවේම එය එසේ වෙන්නේ නැහැ. එම නිසා ඔබට පහසුවෙන්ම අවශ්‍ය කරන Software එකේ Short-Cut එක මත Right-Click කර " Run as Administrator" තේරීමෙන් එය කරගන්න පුළුවන්.



User Account Control කියන පහසුකම අක්‍රීය කිරීමෙන් මෙය පහසුවෙන්ම කරගැනීමට ඔබට පුළුවන්, මොකද එතකොට Standard Account limit වීමක් වෙන්නේ නැති නිසා. නමුත් අප වසින් එය නිර්දේශ කරනු ලබන්නේ නැහැ මොකද UAC කියල කියන්නේ ඉතාමත් වැදගත් Security Feature එකක් නිසා. නමුත් අප අත්දක තිබෙන දෙයක් තමයි එය Disable කිරීමෙන් බොහොමයක් Software සාර්ථකව Windows 8 වලදී ක්‍රියාත්මක වෙන බව.


 Enable Compatibility Mode

Windows 8 වල තිබෙනවා Compatibility කියල Option එකක්. එය ගොඩක් වැදගත් මෙහෙවරක් ඉටු කරනවා පරණ Software සහ Games Play කිරීමේදී. අවශ්‍ය කරන Software එකේ හෝ Game එකේ Short-Cut එක මත Right- Click කර Properties වල තිබෙන Compatibility Tab එක ක්ලික් කර "Run Compatibility Troubleshooter" මත ක්ලික් කිරීමෙන් අවශ්‍ය කරන Settings Windows වලටම තේරීමට ඉඩ ලබා දීමට පුළුවන්. ඊට අමතරව ඔබට එම අවශ්‍ය කරන Settings ඇතුලත් කිරීමටත් පුළුවන්. ඔබ සිතනවානම් මෙම Software එක Windows  XP වල වැඩ කරනවා කියා ඔබට Windows XP ඒ සඳහා තේරීමට පුළුවන්. එම අවශ්‍ය කරන Settings සකස් කොට ඒ සමගම තිබෙන Run as Administrator කියන Option එකත් සක්‍රීය කරගන්න පුළුවන්. එසේ කරනවානම් එය වඩාත් සුදුසු වෙනවා.




Use a Virtual machine


Virtual Machine විසින් ඔබට අවස්තාව හිමි කර දෙනවා. Windows වල පරණ Version වල ක්‍රියාත්මක වෙන Software Run කිරීමට. ඔබ Apps Lanka සමග රැදී සිටිය කෙනෙක්නම් ඔබට Virtual Machine කියන දෙය අලුත් දෙයක් නෙවෙයි. ඔබ අලුත් කෙනෙක්නම් අප විසින් Virtual Machine එකකට android Install කරන ආකාරය පිළිබඳව පැහැදිලි කල එම ලිපිය පළමුව කියවා සිටින්න. (Read) 

Virtual Machine එකකට Windows XP, Windows 7 ඔබට පහසුවෙන්ම Install කරගැනීමට පුළුවන්. නමුත් Games සඳහා නම් Virtual Machine එකනම් එතරම් යෝග්‍ය නොවන බව කනගාටුවෙන් වුනත් ඔබට කිව යුතු වෙනවා.  ඔබට කිසිඳු ගැටලුවකින් තොරව USB Devices වුනත් Virtual Machine එකකට Connect කරන්න පුළුවන්.
 

  
Windows 8 වල පැරණි Software සහ  Games Play කිරීමට ඔබ සතුවත් වටිනා දැනුම  තිබේනම්. ඔබ විසින් එලෙස Run කර Software සහ Games තිබේනම් ඔබගේ අත්දැකීම් අප සමග බෙදා ගැනීමට ඒවා මෙහි Comment එකක් මගින් දක්වන්න.


0 comments: