How to get iOS 7 on your Iphone 5, 4S

ඔබේ Apple iPhone 4S , 5 දුරකථනය iOS 7 වලට Upgrade කරමු!


Apple iPhone එකක් ළඟ තිබෙන ඔබ වඩාත් ආසාවෙන් බලාගෙන සිටිය දවස මේ වන විට උදා වී තිබෙනවා. ඒ තමයි iOS7 මෙහෙයුම් පද්දතිය ඔබේ iPhone එකට Install කරගැනීමට. අපි මින් පෙර iOS 7 පිළිබඳව ඉදිරිපත් කල ලිපියේදී ඔබ දැනුවත් වෙන්න ඇති එහි තිබෙන අලුත් පහසුකම් පිළිබඳව. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ iPhone එකට iOS 7 මෙහෙයුම් පද්දතිය ස්ථාපිත කරගන්නා ආකාරය පිළිබඳවයි.

Apple සමාගම විසින් එලි දක්වන ලද අලුත්ම මෙහෙයුම් පද්දතිය වන  iOS 7 මෙහෙයුම් පද්දතිය මේ වන විට Free Update එකක් විදියට iphone 5S, 5C, 4S, 4 වල ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඔබ මෙම මෙහයුම් පද්දතිය ඔබේ iphone එකට install කරගැනීමට ප්‍රථම iCloud හෝ iTunes භාවිතා කර Backup කර ගැනීමට අමතක කරන්න එපා. මොකද Install කරන අතරතුර යාම කිසි ගැටළුවක් ඇති වුනොත් ඒ සඳහා.

මේ වන විට හැමෝම අහන ප්‍රශ්නයක් තමයි iphone 4 සඳහා iOS 7 ලබා ගන්න පුලුවන්ද කියන ප්‍රශ්නය. එයට පිළිතුර වෙන්නේ "ඔව්" ලබා ගන්න පුළුවන්. iOS 7 මෙහෙයුම් පද්දතියට iphone 4 සහ 4S වල ක්‍රියාත්මක කිරීමට පුළුවන්. නමුත් ලොකුම ප්‍රශ්නය වෙන්නේ මේ දෙකම iOS 7  මෙහෙයුම් පද්දතියට upgrade කරන්න පුලුවන්ද කියන එක නෙවි. upgrade කල පසුව  iphone 5 සහ 5S වල වගේ කාර්යක්ෂම තාවයක් ඔබට ලබා ගන්න පුලුවන්ද කියන එකයි. ඔබ එය upgrade කල පසුව ඔබට යම් යම් අපහසු තාවයන්ට මුහුණ දීමට සිදු වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔබ අලුත් මෙහෙයුම් පද්දතියට මාරු වුනු පසුව ඔබේ iphone 4 සහ 4S දුරකථන වල කාර්යක්ෂම තාවයේ සහ Battery Life එකේ අඩු වීමක් දැකගන්න පුළුවන්.


iOS Release Time

මේ වන විට iOS 7 මෙහෙයුම් පද්දතිය විශේෂිත වූ  කාලයක් (1PM ET) ඇතුලත Download කරගැනීම සඳහා අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. කොහොම උනත් මේ වන විට Update Servers ගොඩක් කාර්ය  බහුල වෙලා තමයි තියෙන්නේ . මොකද iphone Users ලා අලුත් update එක අරගනීමට නොඉවසිලිමත්ව උත්සහ කරන නිසා. එම හේතුව නිසා ඔබේ iphone එක ඔබ upgrade කිරීමට යාමේදී Installation Process එක ආරම්බ වීම සඳහා සැලකිය යුතු වෙලාවක් ඉවසීමට සිදු වෙනවා.


Backing up iOS

iCloud හරහා back up කිරීමට settings app එක මත tap කරන්න. ඉන්පසුව මදක් පහලට Scroll කරන්න. ඉන්පසුව iCloud මත tap කරන්න. ඔබේ Account එකට Connect වී සිටීමට වග බලා ගන්න. මේ වන විටත් log වී නොමැති නම් දැන් log වෙන්න. මී ලඟට මදක් පහලට Scroll Down කර "Back up now" බටන් එක මත tap කරන්න. 

iTunes මගින් Back Up කරගැනීමට ඔබේ iphone එක පරිගණකයට සම්බන්ධ කරගෙන iTunes run කරන්න.  ඉන් පසුව File Menu එක open කරගන්න. මීළඟට Devices කියන තැන ක්ලික් කර ඔබේ Device එක තෝරා "Back Up" Option එක තෝරන්න.



How to Download iOS 7 

පළමුව සැලකිලිමත් වෙන්න ඕබේ iphone එකේ හැමදෙයක්ම up-to-date වී තිබෙනවාද කියල App Store App එකේ Updates tab එක මත tap කරලා.

ප්‍රධාන ක්‍රම 2 ක් තිබෙනවා Official ආකාරයට iOS 7 වලට Upgrade කිරීම සඳහා. 

1. over-the-air update

2. Through iTunes


ඒ අතරින් වඩාත් සුදුසුම ක්‍රමය වෙන්නේ over-the-air update මගින් Upgrade කරගැනීමයි. ඒ සඳහා ඔබ සතුව වඩාත් වේගවත් විශ්වාසය තැබීමට පුළුවන් Internet Connection එකක් තිබීම අවශ්‍ය වෙනවා. පළමුව ඔබේ iphone එක charge වීම සඳහා Power Source එකට plug කරගන්න. සාමාන්‍යයෙන් නම් ඔබේ iphone එකට Notification එකක් මගින් දැනුම් දෙනවා අලුත් update එකක් ලබාගැනීමට පුළුවන් හැම විටම. එවිට ඔබට ඒ මත tap කර පහසුවෙන්ම එම Update එක install කරගැනීමට පුළුවන්. එහෙමත් නැත්තම් ඔබට පුළුවන් Settings app එක මත tap කර  General/ Software Update tap කරගත් පසුව අලුත් Updates තිබේ දැයි අන්තර්ජාලයෙන් Search කරනු ලබනවා. Search කරගත් පසුව අලුත් Update එකක් තිබෙනවානම් පහසුවෙන්ම එය install කරගැනීමට හැකියාව තිබෙනවා 



How to get iOS 7 with iTunes 

USB Cable එක මගින්  ඔබේ iphone එක පරිගණකයට සම්බන්ධ කරන්න. ඉන්පසුව itunes Open කරගන්න. ඉන් පසුව Devices කියන තැනින් ඔබේ iphone එක තෝරන්න. දැන් "Check for Updates" කියන එක තෝරන්න. අලුත් update එක ලබා ගැනීමට පුළුවන් නම් එමගින් ඔබට දැනුම් දෙනු ලබනවා. ඉන් පසුව පහසුවෙන්ම එම update එක Download කරගැනීමට පුළුවන්. Downlad කරගත් පසුව ස්වයන්ක්‍රීයවම එය iphone එකට install වෙනවා.




අප විසින් iTunes මගින් upgrade කිරීම නිර්දේශ කරනු ලබන්නේ. ඔබේ iphone එකේ තිබෙන ඉඩ ප්‍රමාණය ඒ සඳහා ප්‍රමාණවත් නොවීම වගේ හේතු තිබෙන්න පුළුවන් වීම නිසා. iTunes මගින් upgrade කිරීමේදී ඔබට එවැනි ගැටලුවකට කිසිවිටකත් මුහුණ දීමට සිදු වෙන්නේ නැහැ.


10 comments:

  1. maxza letter buddy. Thnx

    ReplyDelete
  2. machan ipod ekatath iOS maru karanna puluwanda...?

    ReplyDelete
  3. puluwan iTunes walin puluwan, me kraayatama thamai karanna thiyenne

    ReplyDelete
  4. fatta good job machang (update karanna mb kochcharak wage yanawada???

    ReplyDelete
  5. DP dagena hitiya unta mokada wenne..
    final release eka penne neh. :P

    ReplyDelete
  6. machan i tunes 3194 error aka anawa mokada karanne restor karanna denneth nahe plzz help


    ReplyDelete
  7. ios 7 patta chater. apahu ios 6 version ekakata ganna harti dannawanam kiyala defndako. okkoma data makunath kamak na.

    ReplyDelete