5 ways Windows 8 is more secure than Windows 7

Windows 8 මෙහෙයුම් පද්දතිය Windows 7 වලට වඩා ආරක්‍ෂිත වීමට හේතු 5 ක්


Windows 8 සහ Windows 7 අතර තිබෙන වෙනස වන්නේ Windows 8 වල තිබෙන නවතම මුහුණුවර පමණක් නෙවි. Windows 8 වලදී දැකගන්න පුළුවන් වැඩි ආරක්ෂාවක් සඳහා අලුතෙන් ඇතුලත් කරන ලද Security Improvements බොහොමයක්. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ Windows 8 වල වැඩි ආරක්ෂාවක් උදෙසා අලුතෙන් එකතු කරන ලද දේවල් 5ක් පිළිබඳවයි.

Integrated Antivirus

 අවසාන වශයෙන් Microsoft සමාගම  විසින් Windows 8 සඳහා Antivirus මෘදුකාංගයක් ඇතුලත් කොට තිබෙනවා. එය Windows Defender ලෙස හඳුන්වන්න පුළුවන්. එහි මුහුණුවර බැලු බැල්මට Microsoft Security Essentials වලට සමාන කමක් දක්වනවා. ඒවගේම ඔබට වෙනම Antivirus Software එකක් Install කරගැනීමට අවශ්‍යනම් එයද පහසුවෙන්ම කරගන්න පුළුවන්. එලෙස Install කරනවාත් සමගම Windows Defender ස්වයන්ක්‍රීයවම Disable වී අලුත් Antivirus Software එකට අවස්තාව සලසා දෙනවා. නමුත් Integrated Antivirus Software එක භාවිතා කිරීම තමයි වඩාත් සුදුසු  වන්නේ. එම නිසා සහතික වශයෙන් කියන්න පුළුවන් Windows Users ලා සඳහා අවසාන වශයෙන් Microsoft සමාගම විසින් Antivirus Program එකක් ඇතුලත් කර තිබෙන බව.



Early Launch Anti-Malware


Windows 8 වලදී Antivirus Software එකකට හැකියාව තිබෙනවා Boot-Up Process එකට කලින් ක්‍රියාත්මවී System Drivers වල තිබෙන Malware වගේ Virus Scan කිරීමට. එම හේතුව නිසා Antivirus program වලට කලින් Rootkits වගේ Virus ක්‍රියාත්මක වී එයින් සැඟවී සිටීමට කිසිඳු හැකියාවක් නැහැ. Windows Defender Software එකට හැකියාව තිබෙනවා පරිගණකය Boot වීමේ ක්‍රියාවලිය පටන්ගැනීමට ප්‍රථම ක්‍රියාත්මක වී Virus වලින් පරිගණකය ආරෂා කිරීමට. Third Party Antivirus  Software වලටත් Windows 8 වලදී මෙසේ ක්‍රියාත්මක වීමට හැකියාව තිබෙනවා.නමුත් එසේ ක්‍රියාත්මක වීමටනම් එම Software එකේ (ELAM) කියන පහසුකම තිබිය යුතු වෙනවා.

SmartScreen Filter

Windows විසින් මෙම පහසුකම කලින් භාවිතා කළා Internet Explorer සඳහා පමණක්. නමුත් අද වන විට එම SmartScreen Filter කියන පහසුකම මෙහෙයුම් පද්දති මට්ටමින්ද ක්‍රියාත්මක වෙනවා. මෙම පහසුකම ක්‍රියාත්මක වෙන්නේ ඔබ අන්තර්ජාලයෙන්  Internet Explorer, Mozilla Firefox, Google Chrome වගේ Web Browser එකක් භාවිතා කරලා Download කරන EXE file Scan කිරීම සඳහායි. ඔබ එසේ Download කරගත් File එක Install කිරීම සඳහා open කරනවාත් සමගම Windows විසින් එම File එක Scan කර එහි Signature එක Microsoft Servers සඳහා යොමු කරනු ලබනවා. ඉන්පසුව එම EXE file එක හොඳින් දන්නා හඳුනන විශ්වාස වන්ත එකක් නම්, උදාහරණයක් විදියට iTunes, photoshop හෝ වෙනත් ජනප්‍රිය Softawre එකක් නම් Windows විසින් අවසරය හිමි වෙනවා එය Run කිරීම සඳහා. එය Virus සහිත එකක් යයි හඳුනා ගනු ලැබුවොත් එය run කිරීම Windows විසින් වලක්වනු ලබනවා. ඔබට අවශ්‍යනම් එම උපදෙස් බැහැර කොට එහි වගකීම ඔබ සතු කොට ගෙන එය run කිරීමට හැකියාව තිබෙනවා.



Secure Boot

Windows හී අලුත්ම සංස්කරණය වෙන Windows 8 වලදී පරණ ආකාරයේ BIOS වෙනුවට නවීන UEFI Firmware භාවිතා කරනු ලබනවා. එමගින් Boot වීමේදී Run වීමට හැකියාව තිබෙන්නේ විශේෂ අවසරය ලත් අනුමත Software පමණයි. දැනට බොහෝ දෙනෙක් භාවිතා කරන පරිගණක වලදී Malware වගේ Virus වලට හැකියාව තිබෙනවා malicious boot loader install කිරීමට Windows boot වීමට ප්‍රථමව Load වීමට හැකියාව තිබෙන ආකාරයට. එම තත්වය නිසා එම Virus වලට පුළුවන් Windows වලින් සහ Antivirus software වලින් සැඟවී තමන්ගේ කාර්ය කිසිඳු ගැටලුවකින් තොරව කරගෙන යෑමට .

New Apps are Sandboxed

Windows 8 සඳහා තිබෙන Apps වලට නවීන මුහුණුවරක් ලබා දී තිබෙනවා. එය Metro ලෙස හඳුන්වනු ලබනවා. ඒ වගේම Snadboxed කියන තාක්ෂනය නිසා app මගින් ඔබේ පරිගණකයේ සිදු කිරීමට පුළුවන්  කාර්යයන් වලට සීමා පනවා තිබෙනවා.

Windows Desktop හීදී Application වලට සම්පූර්ණ අවසරය හිමි වෙනවා මුළු System එකම පාලනය කිරීමට.ඔබ Game එකක් බාගෙන Install කරගත් පසුව එමගින් ඔබේ System එකට Drivers Install කරනු ලබනවා, Hard Drive එකේ ඕනෑම තැනක තිබෙන Files Read කරනු ලබනවා ඒවගේම Malware වගේ virus වර්ගත් install කරනු ලබනවා. එම Programs UAC මගින් limit කෙරුවත්. සාමාන්‍යයෙන් ඒවා install කරනු ලබන්නේ Administrator Privileges සමග වීම නිසා install වීමේදී කැමති දෙයක් කිරීමට ඒවාට සම්පූර්ණ අවසරය හිමි වෙනවා.

Windows 8 Apps ක්‍රියාත්මක වෙන්නේ  web pages, mobile apps ක්‍රියාත්මක වෙන ආකාරයට. ඔබ විසින් Windows Store එකෙන් Apps Install කරන විට එම apps වලට access කිරීමට පුළුවන් වෙන්නේ System එකෙන් සීමිත කොටසක් පමණයි. එම හේතුව නිසා එම Apps වලට හැකියාවක් නැහැ Background එකේ ක්‍රියාත්මක වෙමින් ඔබේ මුළු System එකම Monitor කිරීමට. නමුත් අනෙකුත් පරිගණක වල නම් Applications වලට එම හැකියාව තිබෙනවා. ඒවාට පුළුවන් සැඟවී සිට ඔබේ Credit Card Numbers, Online Banking numbers වගේ දේවල් සොරා ගනීමට. 




Windows 8 සඳහා Modern Interface app ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ Windows Store එකෙන්ම පමණයි. කොහොම උනත් users ලාට හැකියාව තිබෙනවා virus සහිත Modern Interface app windows store එකෙන් පිටතින් වුනත් ලබා ගැනීමට. එම නිසා එවැනි Apps windows store එකෙන්ම Download කරගන්න මතක තබාගන්න.


මෙම ලිපියෙන් ඔබේ දැනුමට වැදගත් දෙයක් එකතු වුනා කියා ඔබ සිතනවානම් අපව දිරිමත් කිරීම සඳහා ඔබේ අදහස් Comment එකක් මගින් දැක්වීමට අමතක කරන්න එපා
          

22 comments:

  1. maru ahhhh ela kiri...

    ReplyDelete
  2. බොහොම ස්තුතියි නොදන්න කරුණු ගොඩක් ඉගෙනගත්තා.

    ReplyDelete
  3. thanks මචන් win8 ගැන නොදන්න අයට මෙිවගේ දේවල් කියලා දෙන එකට.

    ReplyDelete
  4. intel (r) 865g Graphic Drivers windows 7 walata download karanna site ekak kyanna puluwanada?

    ReplyDelete
    Replies
    1. Drivers download karaganna puluwan pahasuma kramayak api ape site eke sandahan karala thiyenawa. site eke search karanna "Drivers" kiyala

      Delete
  5. athatama hodai oya wage weda....yalu

    ReplyDelete
  6. yalu oya kiuwa neda, windows 8 walata antivirus ekak default enawa kiyala....?? api pen eka lap ekata gahuwama pen eka scan karaganna a virus guard eka pennane naththe ai???

    ReplyDelete
  7. Defender is not a new feature for Windows 8. it also included with windows Vista as well. my laptop runs on windows vista which has defender along with my third party kaspersky virus guard.

    ReplyDelete