Offline Google Earth

Google Earth භාවිතා කරන්න අන්තර්ජාලය අවශ්‍ය නැහැ.



ඔබගේ Internet Connection එක ඉතා slow එකක්ද, නැත්තම් Internet Connection එකක් ඇත්තෙම නැද්ද. නමුත් ඔබ වැඩ කරන Office එකේ, ඉගෙන ගන්න තැන වේගවත් Internet Connection එකක් තිබෙනවාද. එසේනම් ඔබගේ පරිගණකයේ Internet Connection එකක් නොතිබුනත් Google Earth Offline භාවිතා කරන්න පුළුවන්.



1.  අන්තර්ජාල සම්බන්දතාවය තිබෙන පරිගණකයකින් Google Earth මෘදුකාංගය විවුර්ත කරගෙන ඔබ කැමති වඩාත් ප්‍රිය කරන තැන් නරඹන්න.


2. ඉන්පසුව එම පරිගණකයෙන් cache file ( dbCache.dat) එක copy කරගන්න.


එම cache file එක ඔබට පහසුවෙන් සොයා ගන්න පුළුවන් මෙම පිළිවෙලට සොයා බලන්න, C:\Documents and Settings\******\Local Settings\Application Data\Google\Google Earth ( ****** මේ ආකාරයට තරු ලකුණු කිහිපයකින් දක්වා ඇත්තේ ඔබ Log වී සිටින Account එකේ  User Name එක  ), ඒ සමගම " Icon" folder එකත් copy කරගන්න.


3. දැන් ඔබගේ පරිගණකයටත් Google Earth ඉන්ස්ටෝල් කරගන්න.


4. dbCache.dat සහ Icon Folder එක එම අදාළ තැනට paste කරන්න ( C:\Documents and Settings\******\Local Settings\Application Data\Google\Google Earth )


ඔබ මින් පෙර ඔබගේ පරිගණකයෙන් Google Earth වලින් එම Server එකට එක වතාවක් හෝ සම්බන්ද වී තිබේනම් අනෙකුත් පරිගණකයෙන් අපි ලබා ගත් Cache file මගින් ඔබට ඔබ කලින් නැරඹු තැන් පහසුවෙන්ම නැවතත් නැරඹීමට පුළුවන් .


නමුත් මින් පෙර ඔබ කිසිවිටෙකත් Google Earth අන්තර්ජාලය හා සම්බන්ද කර නොමැතිනම් ඔබට සිදු වෙනවා Registry වල සුළු වෙනස් කම් කිහිපයක් කරන්න. එම වෙනස් කම් නිවැරදිව කරගැනීමට පහතින් දිස් වෙන පියවරවල් නිවැරදිව අනුගමනය කරන්න.


එම "Key " එකටනම් ඔබ කැමති Characters 12ක් ලබා දෙන්න පුළුවන්. නමුත් "VID" එකටනම් එසේ සිදු  රන්න බැහැ, ඒ සඳහා Google Earth වලින් එම Version එකට ලබා දුන් Unique Code එකක් තමයි තියෙන්නේ.  මේ පහතින් ලබා දී තිබෙන්නේ version 4.0.2742 එකේ "VID"  Unique code එක.


මෙම lines 4 text file එකකට copy කර එය "***.txt" to "***.reg" වලට rename කරන්න 


REGEDIT4
[HKEY_CURRENT_USER\Software\Google\Google Earth Plus]
"Key"="000000000000"
"VID"="AAAACDQuMC4yNzQy"



Some "VID" 's for various Google earth versions,

version 3.0.0739,
AAAACDMuMC4wNzM5



version 3.0.0762.0,

AAAACDMuMC4wNzYy



version 4.0.1565 (Beta Version),

AAAACDQuMC4xNTY1

version 4.0.2742,
AAAACDQuMC4yNzQy

version 4.2.0205.5730,
AAAADTQuMi4wMjA1LjU3MzA=


දැන් එම file එක මත double click කර ok කරන්න.


දැන් ඔබට අන්තර්ජාල සම්බන්දතාව නොමැති වුවත් ඔබ කැමතිම තැන් Google Earth හරහා නරඹන්න පුළුවන්.

4 comments: