Speeding up Windows 7

 කිසිඳු මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කිරීමකින් තොරව  Windows 7 පරිගණකය වේගවත් කරගමු  



Windows 7 මෙහෙයුම් පද්දතිය නිර්මාණය කර තිබෙන්නේ එය භාවිතා කරන පුද්ගලයාට අවශ්‍ය වැඩ කටයුතු කරගැනීම සඳහා උපරිම වේගයක් ලබා දීමට පුළුවන් වෙන ආකාරයටයි. නමුත් ටික කාලයක් භාවිතා කරනකොට පරිගණකයේ වේගය අඩාල වීමක් සිදු වෙනවා මෙය සියලුම්මෙහෙයුම් පද්දති වලට මුඋන දීමට සිදු වෙන පොදු ගැටළුවක් . නමුත් මෙය  මෙහෙයුම් පද්දතියේ ඇති ගැටළුවක් නෙවෙයි.එයට හේතු වෙන්නේ පරිගණකය භාවිතා කරන පුද්ගලයන්ගේ නොසැලකිලිමත් කමයි. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ කිසිඳු මෘදුකාංගයක් ඉන්ස්ටෝල් නොකර සුළු වෙනස් කම් කිහිපයක් මගින් Windows 7 මෙහෙයුම් පද්දතියේ නැති වූ වේගය නැවත ලබා ගන්නා ආකාරයයි.


1. අවම Visual Effects ප්‍රමාණයක් භාවිතා කිරීම.

01. "WIndows" key එක ඔබාගෙන ඉන්න අතරතුර "Pause/Break "  key එක ඔබන්න 

02. පැමිණ තිබෙන "window" එකේ වම් පැත්තේ තිබෙන "Advanced System Settings" ක්ලික් කරන්න.

03. "Advanced" tab එකේ Performance section යටතේ තිබෙන " Settings" කියන තැන ක්ලික් කරන්න.

04. "Performance Option " window එකේ යටතේ තිබෙන " Visual Effects " ටැබ් එක ක්ලික් කරන්න. දැන් ඔබට අවශ්‍ය නම් Visual Effects එකින් එක හෝ සියල්ල එක වර disable කිරීමට " Adjust for the best performance " තෝරන්න පුළුවන්.

05. ඔබ විසින් තෝරන ලද settings save කිරීමට Apply කර ok කරන්න.

සියලුම Visual Effects Disable කිරීමේදී screen එකේ ආකාර්ශනීය බව තරමක් අඩුවුවත් ඔබට උපරිම වේගයක් ලබා ගන්න පුළුවන් බව මතක තබා ගන්න.



2. අවම Sound Effects ප්‍රමාණයක් පවත්වා ගැනීම.

01. " Start " ක්ලික් කර එහි search box එකේ "mmsys.cpl " ලෙස type කර Enter ඔබන්න.

02. Sound window එකේ Sound ටැබ් එක මත ක්ලික් කරන්න.

03. Sound Scheme එක No Sounds ලෙස තෝරන්න.

04. එලෙස අවශ්‍ය කරන settings තේරීමෙන් අනතුරුව apply කර ok කරන්න.



3. විශ්වාසවන්ත Anti - Virus මෘදුකාංගයක් භාවිතා කරන්න.

විශ්වාසවන්ත Anti-Virus මෘදුකාංගයක් භාවිතා කිරීම මගින් අහිතකර Virus වර්ග ඔබගේ පරිගණකයේ පැලපදියම් වීම සහමුලින්ම නවතා දමන්න පුළුවන්. කිසිඳු Virus එකක් නොමැති පරිගණකයක් එහි උපරිම වේගය පරිගණකය භාවිතා කරන පුද්ගලයාට ලබා දීමට සමත් වෙනවා. එනිසා ඔබගේ පරිගණකයටත් විශ්වාසවන්ත Anti-Virus program එකක් ස්ථාපිත කරගන්න.


4. ඔබට අනවශ්‍ය කරන Services Disable කර දමන්න.

ඔබගේ පරිගණකයේ ඔබ නොදැනුවත්වම ක්‍රියාත්මක වන සමහර Process සහ Services ඇත්තටම අවශ්‍ය නැහැ. නමුත් ඒවා සකස් කර තිබෙන්නේ පරිගණකය ක්‍රියාත්මක වෙනවාත් සමගම ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක වීමටයි. එවැනි දේවල් RAM එක වගේම Processor එක මත අනිසි ලෙස බර පැටවීම නිසා පරිගණකයේ වේගය අඩාල වෙනවා. එවැනි අනවශ්‍ය process වීම් සහ Services ඉවත් කර දැමීමෙන් පරිගණකයේ වේගය සැලකිය යුතු මට්ටමකින් ඉහල නැංවීමට පුළුවන්.

01. "Start" ක්ලික් කර search box එකේ services.msc ලෙස type කර Enter ඔබන්න.

02. Services & Applications > Services ( දැන් ඔබට දැක ගන්න පුළුවන් Services Window එක )

03. අනවශ්‍ය process වීම් සහ services ඉවත් කිරීමට ඒ මත right click කරන්න ( මේ වන විටත්  ඒවා ක්‍රියාත්මක වී තිබෙනවානම් පළමුව එය Stop කර සිටින්න )

04. අවසානයේ එම window එක close කර දමන්න.



5. අනවශ්‍ය Start-Up program ඉවත් කර පරිගණකය start වීමේ වේගය වැඩි කරගන්න.

සමහරක් Programs පරිගණකය on වීමත් සමගම ක්‍රියාත්මක වීමට සකස් වී තිබෙනවා. එමනිසා පරිගණකය Start වීමේ ක්‍රියා වලිය Slow වීමට එය බලපානවා. ඔබට ඇත්තටම අවශ්‍ය නොවෙන එවැනි programs disable කිරීමට පුළුවන්.

01. "Start " ක්ලික් කර search box එකේ "msconfig" ලෙස type කර enter ඔබන්න.

02. "System Configuration" window එකේ Startup කියන ටැබ් එක ක්ලික් කරන්න.

03. බට අනවශ්‍ය programs ඉදිරියෙන් තිබෙන හරි ලකුණ ඉවත් කිරීමෙන් ඒවා disable කරදැමීමට පුළුවන්. 

04. අවසානයේ apply කර Ok කරන්න 





6. Hard Drive එක මත ගොඩගැසී තිබෙන අනවශ්‍ය දේවල් ඉවත් දමන්න.


Temp files, downloaded program files, recycle bin වගේ අනවශ්‍ය කරන files ඉවත් කර දැමීමට Disk Cleanup option එක භාවිතා කරන්න පුළුවන්.

01.Click Start > All Programs > Accessories > System Tools > Disk Cleanup

02. පළමුව කොපමණ ප්‍රමාණයක් free space මෙම ක්‍රියාවලිය මගින් ලබා ගන්න පුලුවන්ද කියල ගණනය කිරීමක් සිදු කරනු ලබනවා. ඉන් පසුව ඔබට තේරීමට පුළුවන් delete කිරීමට අවශ්‍ය files මොනවාද යන්න බව.



03. අවසානයේ ok යන්න ක්ලික් කරන්න. delete කිරීම තහවුරු කිරීම සඳහා නැවතත් yes යන්න තෝරන්න.


7. Disk Defragmentation


Hard Disk එකේ ප්‍රමාණවත් ඉඩක් නොතිබුනු විට මෙහෙයුම් පද්දතිය මගින් file එකක් කොටස් කිහිපයකට කඩා Hard Disk එකේ එකිනෙකට වෙනස් තැන වල files ගබඩා කරනු ලබනවා. එසේ වීම නිසා පරිගණකය Slow වීමක් සිදුවෙනවා. නමුත් Defragment කිරීම මගින් එම files පිළිවෙලකට සකස් කරගන්න පුළුවන්. 


01. Click Start > All Programs > Accessories > System Tools > Disk Defragmenter

02. දැන් එම window එකේදී Defragment කිරීමට බලාපොරොත්තු වෙන Drive එක මත ක්ලික් කරන්න. ඉන් පසුව " Analyze Disk " යන්න ක්ලික් කරන්න.

 03.එම ක්‍රියාවලිය සඳහා කොපමණ වෙලාවක් යනවාද යන්න එමගින් තහවුරු කරගන්න පුළුවන්. ඉන් පසුව " Defragment Disk " යන්න ක්ලික් කරන්න.



මෙවැනි සුළු ක්‍රියාකාරකම් කිහිපයක් සිදු කිරීම  මගින් ඔබගේ පරිගණකයේ වේගයේ සැබෑ වෙනසක් ඇති කරගන්න පුළුවන් . මෙයට අමතරව පෞද්ගලිකව ඔබගේ පරිගණකයේ වේගය වැඩි කරගැනීම සඳහා ඔබ භාවිත කල ක්‍රම තිබේනම් ඒවාත් අපි දැනගැනීමට කැමතියි.


10 comments: