10 Tips to conserve your Smart Phone Battery
ඔබගේ Smart Phone එකේ බැටරියේ ආයුකාලය වැඩිකර ගැනීමට උපදෙස් 10ක්
Apple, Blackberry, Nokia, Sony, Samsung වැනි ලෝකප්‍රසිද්ධ Smart Phone නිපදවන සමාගම් විසින් එම දුරකතන වෙලඳපොළට නිකුත් කරන්නේ Android, Symbian, IOS වගේ බොහෝ ප්‍රබල මෙහෙයුම් පද්දති වලින් යුක්තවයි. එවැනි ප්‍රබල මෙහෙහුම් පද්දති මගින් දුරකතනය භාවිතා කරන පුද්ගලයාට එකවර වැඩ කිහිපයක් කිරීමට අවස්ථාව හිමිකර දෙනවා. මෙහි ප්‍රතිපලයක් හැටියට Smart Phone එකක බැටරියේ ආයුකාලය ඉතාමත් වේගයෙන් පිරිහීමට ලක් වෙනවා.
මෙම ලිපියෙන් ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ වැඩි වේලාවක් බැටරියේ ආයුකාලය පවත්වා ගැනීම සඳහා ඔබ විසින් පිළිපැදිය යුතු උපදෙස් කිහිපයක් පිළිබඳවයි.
1. Turn Off Vibrations
Vibration කියල කියන්නේ Call එකක් හෝ Message එකක් පිලිබඳව නිහඬව ඔබ දැනුවත් කිරීමට පුලුවන් ඉතා වැදගත් ක්රමයක්. නමුත් හැම අවස්ථාවකදීම එය අවශ්‍ය වෙන්නේ නැහැ. අන්න එවැනි අවස්ථාවන් වලදී Vibration ඉවත් කර තබා ගන්න වගබලා ගන්න. Ring Tone එකකට වඩා දුරනතනය Vibrate විමේදී ඒ සඳහා වැඩි බලයක් යෙදවීමට සිදු වෙනවා. එහි ප්‍රතිපලයක් හැටියට ඔබේ දුරකතනයේ බැටරියේ ආයුකාලය වේගයෙන් පිරිහීමට ලක්වෙනවා.
2. Dim Your Screen
මෙම ක්‍රමය මගින් බැටරියේ ආයු කාලය ඉතාමත් වැඩි වශයෙන් ඉතුරු කරගැනීමට පුලුවන්.ස්මාර්ට් දුරකතන වල බැටරිය වැඩි වශයෙන්ම භාවිතා කරන්නෙ එහි ස්ක්‍රීන් එකට අවැසි කරන බලය සැපයීම සඳහා බව ඔබ දන්නවාද? එම නිසා තරමක් ස්ක්‍රීන් එකේ Brightness අඩු කිරීම මගින් පැහැදිලිවම බැටරියේ ආයු කාලය වැඩි කර ගැනීමට පුලුවන්. Auto-Brightness කියන Option එක ඔබේ දුරකතනයේ සක්‍රීය කරගැනීම ඉතාමත් නුවනට හුරු ක්‍රියාවක්. එමගින් ස්වයන්ක්‍රීයවම දුරකතනයේ Brightness අඩු වැඩි කිරීමක් කරනවා.
3. Shorten Screen Timeout
වැඩි දෙනෙකුට නොමැති පුරුද්දක් තමයි දුරකතනයේ නිරතවී සිටි කාර්ය නිම වු විට ස්ක්‍රීන් එක Off කර තැබීමට . එම නිසා එය සඳහාද නිකරුනේ බැටරියේ බලය නාස්තිවීමක් වෙනවා. එය සඳහා හොඳ විසඳුමක් තමයි Screen Timeout වෙන වෙලාව ඉතාමත් ආඩු කාලයකට සකස් කර තිබීම. එමගින් ඔබ් නිරතවී සිටි කාර්ය නිම වී තත්ප්ර කිහිපයකින් පසුව ස්ක්‍රීන් එක ස්වයන්ක්‍රීයවම Off වෙනවා.
4. Switching Off When Inactive
ඔබ නිදාගෙන සිටින විට හෝ වැදගත් රැස්වීමක නිරතවී සිටින විට පැයකට, දෙකකට ඔබ දුරකතනය භාවිතා නොකරනවා වෙන්න පුලුවන්. එවැනි අවස්තාවකදී දුරකතනය Sleep කර තැබීම හෝ Inactive mood එකක තැබීමට වාඩා දුරකතනය Off කර තැබීම මගින් විශාල වශයෙන් බැටරී බලය ඉතුරු කරගැනීමට පුලුවන්.
දිනකට කිහිප වරක් දුරකතනය Charge කිරීම නිසා බැටරියේ Volume එක අඩු වීමට පුලුවන්. එම නිසා හොඳම දේ තමයි බැටරියේ ආයුකාලය සියල්ලම වාගේ නිම වීමෙන් පසුව දුරකතනය Charge කිරීම.
5. Charge Your Battery Correctly

Nickel-based බැටරි වර්ගය එහි බලය නැති වූ විට Charge කරන්න පුලුවන් උපරිම මට්ටමට Charge කිරීමට සිදුවෙනවා. එ වගේම එම බැටරි වල ආයුකාලය Lithium-ion සමග සසඳන විට ඉතාමත් අඩුයි. මෙම බැටරි නිතර නිතර Charge කිරීමට නොහැකියි. එලෙස කිරීම නිසා බැටරියේ Original Capacity එක අඩු වීමට එය හේතුවක් වෙනවා.
අනෙකුත් බැටරි සමග සසඳන විට Lithium-ion බැටරියට තමයි වැඩි ආයුකාලයක් තිබෙන්නේ. එම බැටරියේ උපරිම ආයුකාලය භාවිතා නොකරත් එය නිතර නිතර Charge කිරීමට හැකියාව තිබෙනවා. බැටරිය නිතර නිතර Charge කරත් එහි Original Capacity එකට කිසිඳු හානියක් වෙන්නේ නැහැ.
එම නිසා Smart Phone එකක් මිලදී ගැනීමේදී එහි බැටරිය කුමන වර්ගයකට අයත් එකක් දැයි විමසිලිමත් වෙන්න.
6. Close Unnecessary Apps
අප විසින් සිදු කරන දෙයක් තමයි එක App එකක් Open කර තිබියදී තවත් Apps විටින් විට Open කරන එක. එලෙස Open කරන Apps ඇත්තටම close වෙන්නේ නැහැ. එවා ඔබ නොදැනුවත්වම Run වෙලා තමයි තිබෙන්නේ. අපගේ මෙම නරක පුරැද්ද නිසා බැටරියේ ආයුකාලය බලාගෙන ඉන්දැද්දි අඩු වෙනවා. එම නිසා එම අනවශ්‍ය Apps Close කර දමා බැටරියේ ආයුකාලය වැඩිකර ගන්න. එ සඳහා භාවිතා කිරීමට පුලුවන් Advanced Software තිබෙනවා. උදාහරණයක් විදියට ඇන්ඩ්‍රොයිඩ් සඳයා නිපදවා තිබෙන "Advanced Task Killer" වැනි මෘදුකාංග.
7. No Bluetooth, Wi-Fi, 3G/4G When Not In Use
විශාල වශයෙන් බැටරි බලය භාවිතා කරනවා Wi-Fi, Bluetooth, 3G/4G වලට Signal Search කිරීමේදී. එම Connection සඳහා Signal දුර්වල වූ අවස්තා වලදී එක දිගටම Signal Search කිරීමක් කරනවා. එම නිසා ඔබට Wi-Fi, Bluetooth, 3G/4G වලින් connect වීමට අවශ්‍යතාවයක් නොමැති විට එවා අන්‍රීය කර තැබීමට පුරුදු වෙන්න.
හැම වෙලාවකදීම Bluetooth, Wi-Fi වලින් යමකට connect වීමේදී උපරිම වශයෙන් Signal ලබා ගැනීමට පුලුවන් වෙන තැනක සිට connect කිරීමට උත්සහ කරන්න. එ මගින් ඔබට අනවශ්‍ය ලෙස බැටරීයේ ආයුකාලය නාස්ති වීම අවම කරගැනීමට පුලුවන්.
8. Disable GPS
සමහරක් Apps අනෙකුත් Apps වලට වඩා වැඩි බැටරි බලයක් භාවිතා කරනවා. ඔබගේ Smart Phone දුරකතනයේ GPS පහසුකම තිබෙනවානම් ඔබ සිටින තැන නිවැරදිව සොයාගැනීමට පුලුවන් වෙන ආකාරයේ Apps තිබෙනවා (Google Map) එම Apps අනිකුත් එවාට වඩා වැඩි බැටරි බලයක් භාවිතා කරනවා.ඔබ නොදැනුවත්වම මෙම Apps ක්‍රියාත්මක වී තිබෙනවා. එම නිසා GPS අනවශ්‍ය අවස්ථාවලදී Off
කර තබන්න.
9. Minimize Notifications
අන්තරජාලයට සම්බන්ධ වී සිටින විට එක් එක් Notifications පැමිනෙනවා. නමුත් ඔබට අත්‍යවශ්‍ය වෙන Notifications පමනක් සක්‍රීය කර තබා ගැනීම මගින් සුලු වශයෙන් හෝ බැටරියේ ආයුකාලය ඉතුරු කරගැනීමට පුලුවන්.
10. Disable Unwanted Sensors
නවීන තාක්ෂණයෙන් යුතු Smart Phone වල එකිනෙකට වෙනස් Sensors වර්ග ඇතුලත් කර තිබෙනවා. ඔබ නොදැනුවත්වම මෙම Sensors සක්‍රීයවී තිබෙන්න පුලුවන්. එම නිසා බැටරි බලය නිකරුනේ නාස්ති වෙනවා. එම Sensors වලින් සමහරක් Manually off කරන්න පුලුවන්. එම Sensors හඳුනාගෙන අක්‍රීය කිරීම මගින් බැටරි බලය රැක ගැනීමට පුලුවන්.
thnax ...... thi's very imported
ReplyDeletetnks ahhhhhhhhhhhhh
ReplyDeletenice add
ReplyDeleteSamsung galaxy pocket plus android ICS jelly been walata update karana widiha kiyanna
ReplyDeleteoyage phone eka jelly bean walata update karanna baha, namuth jellybean custom rom ekak nam daganna puluwan wewi
Deleteay yakooo mewa kalata passe wena monawada smart phone ekakin karanna thiyenne... ara gadol baga hondai meeta wada. meeta wada hondai smart phone ekak nogenama innawa..
ReplyDelete