Samsung Galaxy S5

සැම්සුන් සමාගමේ අලුත්ම සාමාජිකයා ( Samsung Galaxy S5 ) 


සැම්සුන් සමාගමේ S4 ස්මාට් දුරකථනය තමයි තවමත් වෙළඳපොලේ පවතින බලවත්ම ස්මාට් දුරකථනය වෙන්නේ. ඉදිරි මාස කිහිපයේදී samsung සමාගම විසින් හඳුන්වා දෙනු ලබන S5 දුරකථනය මෙම වාර්තාව නැවතත් අලුත් කරනවා ඇතැයි කියා වැඩි දෙනෙක් විශ්වාස කරනවා. 

දුරකථන නිෂ්පාදන ලොවේ දැවැන්තයෙක් වෙන මෙම කොරියානු සමාගමේ මීළඟ සුපිරි ස්මාට් දුරකතනයෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් මොන වගේ තාක්ෂනයක්ද? මෙම ලිපියෙන් ඔබ දනුවත් කරන්නේ ඒ පිළිබඳවයි. 


Metal Body


සැම්සුන් සමාගමේ Galaxy දුරකථන සියල්ලේම දේහය සඳහා   භාවිතා කර තිබුනේ ප්ලාස්ටික්. එම හේතුව නිසා සැම්සුන් සමාගමට තරමක විතර සුළු විරෝධයක් පාරිභෝගිකයින්ගෙන් එල්ල උනා. සැම්සුන් සමාගම එම වරද S5 ස්මාට් දුරකතනයෙදී නිවැරදි කරගන්නට පියවර ගෙන තිබෙනවා. 

"Taipei Times" පුවත් පත වාර්තා කරන ආකාරයට samsung සමාගම විසින් ඉදිරියේදී නිෂ්පාදනය කරන ස්මාට් දුරකතන සඳහා Apple සහ HTC දුරකථන වල වාගේ ලෝහමය දේහයන් භාවිතා කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා යොදාගනු ලබන අමුද්‍රව්‍ය වන්නේ මැග්නීසියම් සහ අලුමීනියම්. 


Weather And Dust-Proof


samsung සමාගම  ඔවුන්ගේ ස්මාට් දුරකතන රළු භාවිතයට ඔරොත්තු දෙන ආකාරයට නිර්මාණය කිරීම සඳහා අවතීරණය උනේ ( Samsung Galaxy S4 Active ) දුරකතය නිර්මාණය කිරීමත් සමගයි. ඔවුන්ගේ එම තාක්ෂනය ඉතාමත් වැඩි දියුණු ලෙස S5 දුරකතනය සඳහාද ඇතුලත් කිරීමට නියමිතයි. 

ETNews  වාර්තා කරන පරිදි S5 දුරකථනය ජලය සහ දුහුවිලි ප්‍රතිරෝධකයක් ලෙස ක්‍රියා කරනවා. ( Dust-Water Resistant ). 


64-Bit Processor 

Apple සමාගමට අභියෝග කල හැකි ආකාරයේ 64 bit සකසනයක් S5 දුරකතය සඳහා සැම්සුන් සමාගම විසින් ඇතුලත් කර තිබෙනවා.මෙම සුපිරි සකසනයේ නියම වටිනාකම පැමිණෙන්නේ සකසනයට ගැලපෙන ආකාරයේ මෘඳුකාංග සකස් වීමත් සමගයි. 


Super Sensitive New Camera 







Patent Bolt වාර්තා කරන පරිදි samsung සමාගම විසින් අලුත් පරම්පරාවේ මෙම දුරකථනය සඳහා මෙගා පික්සල් 13 ක වැඩි දියුණු කරන ලද කැමරා මොඩියුලයක් හඳුන්වා දෙනවා . ඒවගේම ( Anti-Shake Image Stabilization ) කියන සුපිරි තාක්ෂණයත් ඒ සමගම පැමිණෙනවා. 

අඩු ආලෝක තත්වයක් යටතේදී වුනත් ඉහල ගුණාත්මක තාවයකින් යුතු චායාරූප මෙම කැමරා මොඩියුලය මගින් අරගන්නට පුළුවන් වෙනවා. 


Super Screen


HD තාක්ෂණයෙන් යුතු  ( 2560 x 1440 2K) වර්ගයේ ඉහල ගුණාත්මක තාවයකින් හෙබි සුපිරි තිරයක් තමයි S5 ස්මාට් phone එක සඳහා ඇතුලත් කර තිබෙන්නේ. 

ඒවගේම එම තිරයේ අඟලකට පික්සල් 560ක් ( 560ppi) පමණ තිබෙනවා. එයින් සිතා ගන්න පුලුවන් මෙම තිරය කෙතරම් ඉහල ගුණාත්මක තාවයකින් යුතු එකක්ද කියා. 


Eye Scanner





පෙනෙන ආකාරයටනම් සැම්සුන් සමාගම ඇඟිලි සලකුණු කියවන තාක්ෂනය පිළිබඳව වැඩි උනන්දුවක් නැහැ. ඒ වෙනුවට ඔවුන් S5 දුරකථනය සඳහා ඇසෙහි දෘෂ්ටි විතානය කියවිය හැකි තාක්ෂනය ( retina-scanning ) ඇතුලත් කර තිබෙනවා. 

ඒ අනුව ඔබට හැකියාව තිබෙනවා ඔබ මිලදී ගනු ලබන S5 දුරකතනය ඔබේ ඇසින් අන්ලොක් කරගැනීමට. මෙම තාක්ෂනය දුරකථන ලොවේ දැවැන්තයින් වෙන Apple, HTC වගේ සමාගම් වලට සෑහෙන අභියෝගයක් එල්ල කිරීමට සමත් වෙනවා. 

හොඳයි එසේ නම් ඔබ දැනගන්න ඇති කියා හිතනවා සැම්සුන් සමාගමේ S5 දුරකතනයේ අලුත් විශේෂාංග පිළිබඳව. ලිපිය හොඳනම් ඔබේ අදහස් ඉදිරිපත් කරයන්න. 


14 comments:

  1. හොද විස්තරයක්.... මේක කීයක් විතර වෙයිද?

    ReplyDelete
  2. යුරෝ එකක් රුපියල් කීයද?

    ReplyDelete
  3. good news ekak meka post eka ela gana thama aula wenne ne he he.................

    ReplyDelete
  4. abmin eset antiviras 7 actication key eka dennako plz

    ReplyDelete
  5. release date kawadada ?

    ReplyDelete
  6. euro eka 165 gane ubalage sulu piyada denne.balapiya.178t penala eti.anika ee ganaa dala tiyenne sterling pound walin.kohomat unlock karala gaddi euro 750kwat wei

    ReplyDelete
  7. සා නියමය්

    ReplyDelete