Need to find out what is inside your Computer
පරිගණකයේ තිබෙන දෘඩාංග කොටස් වල සියලුම විස්තරයන් දැනගන්න.
ඔබට අවශ්‍යද දැනගන්න ඔබේ පරිගනකයේ ඇතුලත තිබෙන දෘඩාංග කොටස් මොනවාද කියා විස්තරාත්මකව? මෙම මෘදුකාංගයට හැකියාව තිබනවා පරිගනකයේ ඇතුලත තිබෙන දෘඩාංග කොටස් පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ඔබට ලබා දීමට. ඒ සඳහා භාවිතා කන්න පුළුවන් ඉතාමත් උසස් තාක්ෂණයෙන් යුතු නොමිලේම ලබා ගන්න පුළුවන් මෙවලමක් තමයි අපි අද කතා කරන මෙම මෘදුකාංගය.
සාමාන්‍යයෙන් අපි දන්නවා පැවසීමට අපේ පරිගනකයේ RAM මතකය කොපමණද, භාවිතා කරන Processor එකේ නම මොකක්ද ( AMD, INTEL) සහ Hard Drive එක කොපමණ විශාලද වගේ සාමාන්‍ය තොරතුරු ටිකක්.
ඔබ පරිගනකයක් මිලදී ගන්න ගිය විට ඔබට දැකගන්නට පුළුවන් එම පරිගණක වල අලවා තිබෙන ස්ටිකරයන්. එම ස්ටිකරයන් වල සඳහන් කර තිබෙනවා පරිගනකයේ තිබෙන විශේෂාංග.
1. Processor brand and model
2. Hard Drive size and speed
3. Amount of memory (RAM)
4. Graphic card
5. Operating speed
අපි කතා කරන මෙම මෘදුකාංගයත් එවැනි ස්ටිකරයකට සමාන කරන්න පුළුවන්. හැබැයි මෙය නම් ඔබේ පරිගනකයේ අභ්‍යන්තරයේ තිබෙන ඩිජිටල් ස්ටිකරයක්. ඔබට එයින් පහසුවෙන්ම බලාගන්න පුළුවන් ඔබේ පරිගණකයේ අභ්‍යන්තරයේ තිබෙන දෘඩාංග පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක්.
වින්ඩෝස් මෙහෙයම් පද්දතියෙන්ද ඔබට බලාගන්න පුළුවන් දෘඩාංග කොටස් පිළිබඳව මුලික විස්තරයක්. උදාහරණයක් විදියට මයි කම්පියුටර් උඩ රයිට් ක්ලික් කර ප්‍රොපටීස් යන්න තේරීමෙන් සහ එහි තිබෙන ඩිවයිස් මැනේජර් කියන ඔප්ෂන් එකෙන්. එහිදී ඔබට බලාගන්න පුළුවන් වෙන්නේ මුලික විස්තරයන් කිහිපයක් පමණයි.
නමුත් ඔබ මෙම "Speccy" කියන මෘදුකාංගය භාවිතා කිරීමෙන් ඕනෑම දෘඩාංගයක් පිළිබඳව සියලුම විස්තරයන් දැනගන්නට පුළුවන් වෙනවා. පරිගණක පද්දති පරිපාලකයින් සහ බලවත් පරිශීලකයින් තමයි මෙවැනි මෘදුකාංග භාවිතාකරන්නේ. පරිගනකයේ තිබෙන දෘඩාංග පිළිබඳව සෑම විස්තරයක්ම දැනගෙන සිටිය යුතු වෙන නිසා තමයි ඔවුන් මෙවැනි මෘදුකාංග භාවිතා කරන්නේ.
ඔබ සතුවත් මෙවැනි මෘදුකාංගයක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. අපි මෙහෙම හිතමුකෝ ඔබ යනවා ඔබේ මිතුරෙකු භාවිතා කරන ලද පරිගනකයක් මිලදී ගැනීමට. නමුත් ඔබ එහි තිබෙන දෘඩාංග කොටස් පිළිබඳව වැඩි යමක් දන්නේ නැහැ, අන්න එවැනි අවස්තාවකදී මෙම මෘදුකාංගය එම පරිගනකයේ ස්ථාපිත කිරීමන් සෑම විස්තරයක්ම ක්ෂණිකවම ලබා ගන්න පුළුවන්. තවද ඔබේ පරිගනකය ඔබ විකුණන විට එය මිලදී ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයන්ට පරිගනකයේ දෘඩාංග කොටස් පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ලැයිස්තුගත කරදෙන්නද මෙයින් පුළුවන් වෙනවා.
හොඳයි එහෙනම් මෘදුකාංගයේ වටිනාකම ඔබ අවභෝධ කරගන්න ඇති කියා සිතෙනවා. එහෙමනම් එම මෘදුකාංගය පහතින් බාගන්න. එය නොමිලේම ලබා දෙන මෘදුකාංගයක් නිසා ඔබට එය වඩාත් පහසුවෙන් භාවිතා කරන්න පුළුවන්.
0 comments: