Birth Simulator Will Help Doctors Prepare For Live Births

සජීවී දරු උපත් සඳහා මුහුණ දීමට වෛද්‍යවරුන් පුහුණු කරවන පරිගණක මෘදුකාංග 



පරිගණක තාක්ෂනය විසින් සෙමින් මුළු ලෝකයම ආක්‍රමණය කරනවා කිව්වොත් නිවැරදියි. වෛද්‍යවරුන් සහ වින්නඹුවරියන්( Midwives ) සජීවී දරු උපත් සඳහා පුහුණු කිරීම සඳහාත් පරිගනක තාක්ෂනය අද වන විට භාවිතා  කරනවා. මීට අවුරුදු කිහිපයකට පෙර එම පුහුණු කිරීම් සහ සුදානම් කිරීම් සිදු කරනු ලැබුවේ කෘතීමව සාදාගත් ආකෘති භාවිතා කරමින්. 


බ්‍රිතාන්‍යයේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් නිපදවා තිබෙනවා ත්‍රිමාණ උපත් සමාකෘතියක් ( 3D Birth Simulator). වෛද්‍යවරුන්ට සහ වින්නඹුවරියන්ට එම ත්‍රිමාණ උපත් සමාකෘතිය භාවිතා කරමින් වඩාත් හොඳින් දැනගැනීමට සහ පුහුණු වීමට හැකියාව තිබෙනවා සජීවී දරු උපතක් සිදුවෙන්නේ කෙසේද සහ ඒ සඳහා තමන්ගේ දායකත්වය ලබාදිය යුත්තේ කෙසේද යන්න  පිළිබඳව. 




දරුවෙකු බලාපොරොතතු වෙන මවගේ ශරීරය පරික්ෂාකොට (scan) වෛද්‍ය වරුන්ට හැකියාව තිබෙනවා  එම තොරතුරු ( Live Birth Simulator ) එකට ඇතුලත් කිරීමට. ඒවගේම තමයි එම මවගේ පෙර දරු උපත් පිළිබඳව ඇති අත්දැකීම්ද  මෙයට ඇතුලත් කිරීමෙන් ඉතාමත් නිවැරදි උපත් සමාකෘතික අත්දැකීමක් ලබා ගැනීමට පුහුණු වෙන වෛද්‍ය වරුන්ට සහ වින්නඹුවරියන්ට අවස්තාව තිබෙනවා. සියලුම ආකාරයේ දරු උපත් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් පෙර සුදානම් කර තබන්නද මෙය උපකාරී වෙනවා. එම නිසා වැඩි අවධානමක් ඇති ඝර්භනී අවස්තාවකටද උනත් සාර්ථකව මුහුණ දීමට වෛද්‍ය වරුන් මේ මගින් සමත් වෙනවා. 


මෙවැනි ආකාරයේ පරිගණක වැඩසටහන් මගින් වෛද්‍ය ක්ෂේස්තරයට සපයන සේවාව අතිමහත්යැයි පැවසුවොත් එය අතිශයෝක්තියක් නොවන බව දැන් ඔබට වැටහෙනවා ඇති. අනාගතයේදී මීටත් වඩා වැඩි දියුණු වෙන මෙම  ( Live Birth Simulator ) තාක්ෂනය මගින් පුහුණු වීමේ කාර්යයයන් සඳහා දක්වන සහයෝගය කියා නිම කල නොහැකියි. 



මේවන විට මෙම මෘදුකාංගය සීමිත පහසුකම් ඇති මුලික මට්ටමේ තමයි පවතින්නේ. නමුත් මෙය නිර්මාණය කරනු ලැබූ පරීක්ෂකයින් බලාපොරොත්තු වෙනවා තවත් අවුරුදු කිහිපයකින් මෙය වඩාත් වැඩි දියුණු එකක් බවට සංවර්ධනය කර හැකි බව. ඔබත් වෛද්‍ය විද්‍යාව හදාරන වෛද්‍ය ශිෂ්‍යයෙක් නම් ඔබ පුහුණු කරවීමේ කාර්ය සඳහා නුදුරු අනාගතයේ මෙම තාක්ෂනය භාවිතා කරන්න පුළුවන් බව මතක තබා ගන්න. 


හොඳයි අපි මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරේ පරිගණක තාක්ෂනය අද වන විට වෛද්‍ය ක්ෂේස්ත්‍රයට කොතරම් සමීපව පවතිනවාද යන්න පිළිබඳවයි. ඔබ දිගටම අපිත් සමග සිටියොත් මෙවැනි දැනුම ඔබට නිරන්තරයෙන් ලබා ගන්න පුළුවන්. ඔබේ අදහස් දක්වා යන්නත් අමතක කරන්න එපා. 

9 comments:

  1. mara soya genimak thamai.. apiwa denuwath karata thank You !

    ReplyDelete
  2. ane admin adobe photoshop 7.0 eka dennako plz

    ReplyDelete
  3. Eththatama technology 1anam hondai. eth kohomada hariyatama calculate karanne software 1n ewelawata wenade,mokada eka serama hormones walin controal wena kriyawaliyakne eke siduwena wenas wimak software ekata anduraganna bene. mata meke link ekak denawada mama bio student kenek.

    ReplyDelete
    Replies
    1. http://phys.org/news/2013-12-3d-virtual-birth-simulator-complicated.html

      Delete
  4. dear mata me link 1 copy karaganna vidihak kiyannako

    ReplyDelete
  5. admin eset antivirase 7 eka active karaganna key ekak dennako

    ReplyDelete
  6. Computer tricks and tips posts දැන් අඩුයි නේ ? ඇයි ඒ.. ඒවගේ ඒවත් දිගටම දාන්න.. මම ආසම Site එකක් මේක. Good Luck..

    ReplyDelete