The life of a Sniper

ස්නයිපර් වෙඩික්කරුවෙකුගේ ජීවිතය 



ස්නයිපර් වෙඩික්කරුවන් හරියට හමුදාවක පිටකොන්ද වගේ. අන්න එම හේතුව නිසා තමයි ඔවුන්ට ඉතාමත් දුෂ්කර පුහුණුවක් ලබා දෙන්නේ. එම පුහුණුව මගින් ක්‍ෂනිකව තීරණ ගැනීම, නිර්භීතකම, ඉවසිලිවන්තකම සහ ආත්ම විශ්වාසය වැනි දේවල් වලින් ඔවුන් පරිපූර්ණ කරනවා.

අවුරුදු 4ක පුහුණු කාලයකින් පසුව 2016 වර්ෂය වෙන විට මෙම ස්නයිපර් වෙඩික්කරුවන්ව ඔවුන්ගේ පාබල හමුදාවේම කොටසක් හැටියට අනියුක්ත කිරීමට රුසියාව සැලසුම් කර තිබෙනවා . කණ්ඩායමක් හැටියට නිවැරදිව වැඩකරනා ආකාරය සහ  නිවරදි ඉලක්කයටම වෙඩි තැබීම වැනි දේවල් මෙම පුහුණු අභ්‍යාසයට ඇතුලත් කර තිබෙනවා. 






මෙම විශේෂ ලිපිය මගින් ඔබ දැනුවත් කරන්නේ  මානසික එකාඝ්‍ර තාවය, ආත්මවිශ්වාසය, නිර්භීතකම වැනි දේවල් වලින් සමන්විත සතුරන්වෙත මරු කැඳවන සාර්ථක ස්නයිපර් වෙඩික්කරුවෙකු නිර්මානය කිරීම සඳහා ඔවුන්ට ලබා දෙන පුහුණුව පිළිබඳවයි. 

ස්නයිපර් වෙඩික්කක්රුවන් විසින් සෑම මෙහෙයුමක් සඳහාම භාවිතා කරන්නේ එකම ස්නයිපර් අවියක් කියා ඔබ සිතනවානම් ඔබ වැරදියි. ඇමරිකාව, රුසියාව වැනි ලෝකබලවතුන් සතුව තිබෙනවා එකිනෙකට වෙනස් ස්නයිපර් අවි වලින් සමන් විත විශාල අවි ගබඩාවල්. ඔවුන් සහභාගී වෙන මෙහෙයුමට අනුව තමයි භාවිතා කල යුතු ස්නයිපර් අවිය තෝරා ගනු ලබන්නේ. අන්න එම හේතුව නිසා ඔහුට හෝ ඇයට සිදු වෙනවා තමා සහභාගීවෙන මෙහෙයුමට ගැලපෙනම අවිය බොහොම පරිස්සමින් යුතුව තෝරා ගැනීමට. හැම ස්නයිපර් සොල්දාදුවෙකුටම දිගුදුර අවියක්, පිස්තෝලයක්, නිළඇඳුමක්, දුරදක්නයක් සහ ලේසර් පිරික්සුම් උපකරණයක් වගේ දේවල් හමුදාව විසින් සපයනු ලබනවා. 


ඕනෑම ස්නයිපර් සොල්දාදුවෙක් තමන්ගේ දිගුදුර අවිය භාවිතා කිරීමට ප්‍රථමව  ඔවුන්ට සිදු වෙනවා තමන්ගේ මානසික තත්වය නිසි ලෙස පවතිනවාද යන්න පිළිබඳව පරික්ෂා කර බැලීම සඳහා සරල පරීක්ෂණයකට මුහුණ දීමට . එම පරීක්ෂණ සිදු කරනු ලබන්නේ මනෝවිද්‍යාඥයන් විසින්. ස්නයිපර් සොල්දාදුවන් වීම සඳහා අයදුම් කර තිබෙන පුද්ගලයන් කණ්ඩායම් හතරකට  මෙහිදී බෙදනු ලබනවා. එම කණ්ඩායම් හතරින් වඩාත් යහපත්  මානසික තත්වයක් පවතින කණ්ඩායම් දෙකක් පමණයි අවසානයේදී පුහුණුවේ ඉදිරියට යනු ලබන්නේ. ඉන් පසුව ඔවුන්ට අවස්තාව තිබෙනවා ඉහත සඳහන් කරන ලද දිගුදුර ස්නයිපර් අවි භාවිතා කිරීමට. 

පුහුණු කාලය තුල විශේෂිත වූ පුහුණු අභ්‍යාස සිදු කිරීම සඳහා ඔවුන්ට අවශ්‍ය වෙන මානසික තත්වය වැඩි දියුණු කරගැනීමට මනෝවිද්‍යාඥයන් විසින් උදව් උපකාර කරනවා. කොහොම නමුත් මෙහිදී සොයා ගනු ලැබුවොත් යම් කෙනෙකුගේ මානසික තත්වය වැඩි දියුණු කිරීම අපහසු බව, ඔහුට හෝ ඇයට  සිදු වෙනවා මෙම පුහුණු අභ්‍යාසයෙන් ඉවත් වීමට. 



ඉහත සඳහන් කරපු දේවල් වලට අමතරව, ස්නයිපර් සොල්දාදුවෙකුට හැකියාව තිබිය යුතු වෙනවා ඔහු සහභාගී වෙන මෙහෙයුමට වඩාත් අදාල වෙන ආකාරයට ලබා ගත හැකි දේවල් භාවිතා කොට ඔහුගේ කැමා ඇඳුම සකස් කරගැනීමට. තවද ඔහු  වෙඩි තැබීම සඳහා භාවිතා කරන ස්ථානය සහ තමා එකිනෙකට බද්ධ වී පවතින ලෙස වෙස්වලා ගත යුතු වෙනවා. ඒ සඳහා මනා  බුද්ධියක් ස්නයිපර් සොල්දාදුවෙකුට තිබිය යුතු වෙනවා. නොමැතිනම් ඔහු හෝ ඇය සතුරු හමුදාවේ ස්නයිපර් සොල්දාදුවෙකුගේ වෙඩි උණ්ඩයකින් ක්ෂණිකව මරණයට පත් වෙනවා. 

මෙම පුහුණුවේදී ඔවුන්ට සිදු වෙනවා එකම ස්ථානයේ වැතිරී සිටීමට පැය ගණනක් හෝ දවස් ගණනක්. යුධ භූමිය තුල ක්‍රියාන්විත රාජකාරියේ යෙදීම සඳහා  එම පුහුණුව අතිශයින්ම වැදගත් වෙනවා. තවද තමා සිටින ස්ථානයේම ව්‍යාජ ස්නයිපර් වෙඩික්කරුවෙක්ව නිර්මාණය කරන ආකාරයද මෙම පුහුණුවේදී ඔවුන්ට ඉගෙන ගැනීමට සිදු වෙනවා. "මයික්‍රෝ මිරර්" මගින් තමයි එලෙස ව්‍යාජ ස්නයිපර් වෙඩික්කරුවෙකු නිර්මාණය කරන්නේ. මේ සිටින්නේ නියම ස්නයිපර් වෙඩික්කක්රුවායි සිතා ඒ දෙසට වෙඩි තැබීමේදී සතුරා  සිටින ස්ථානාය පහසුවෙන් සොයාගැනීමට ඔහුට හැකියාව තිබෙනවා. 







අවසාන වශයන් සඳහන් කරනවානම්. ඔහුට හෝ ඇයට  හැකියාව තිබිය යුතු වෙනවා තමන්ගේ සහකරුවා වෙත වෛද්‍ය ප්‍රතිකාර රැගෙන යාමට, තුවාල ලැබූ සහකරුවා සටන්  භුමිය තුලින් පිටතට රැගෙන එම වැනි දේවල් සිදු කිරීමට. 




මෙවැනි සුවිශේෂී වූ පුහුණුවකින් තමයි සාර්ථක ස්නයිපර් වෙඩික්කරුවෙකු බිහි වෙන්නේ. එවැනි සාර්ථක ස්නයිපර් සොල්දාදුවන්ගෙන් යුතු බලකායක් රටකට වටිනා සම්පතක් වෙනවා.  

අප රටේ පැවති දරුණු ත්‍රස්තවාදී  යුද්දය නිම කිරීම සඳහා ස්නයිපර් බලකායෙන් ලැබුණු පිටුවහල කියා නිම කල නොහැකි තරම් වෙනවා. මෙම ලිපිය ලිවීමට තීරණය කරේ අප රටේ සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් සටන් වැදුණු හා මියැදුණු සොල්දාදුවන්ගේ කැපවීම ඔබට අවභෝධ කර දීමටයි. 






12 comments:

  1. niyamayi bro . site eka load wenna yana time eka tikak wadi wage bro ads tika tikaka adu karanam hari thawadha site ekewadakata nathi code ain karanna bara code dhanna epa thawath slow wenawa bro . ehenam thawath hodhin karaganna bro :D best of luck bro :D

    ReplyDelete
  2. really itz soo good article man .. (y)

    ReplyDelete
  3. pls eset 7 antivairase activat karana key eka dennako loku udauwwak

    ReplyDelete
  4. Niro thamai ape sniper

    ReplyDelete
  5. SNIPER KANEK WANA THAWA AKA DEYAK ONE , MADA AGILA HODATA THIYANA ONA

    ReplyDelete
  6. See this also
    http://www.army.lk/detailed.php?NewsId=5703

    ReplyDelete