Surf online anonymously

පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන රහසේ අන්තර්ජාලයට පිවිසෙමු!




අන්තර්ජාලය තුල ඕනෑම පුද්ගලයෙකුගේ හැසිරීම කෙසේද යන්න පහසුවෙන්ම නිරීක්ෂණය කිරීම‍ට හැකියාව තිබෙනවා.එම නිසා අන්තර්ජාලය තුල පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම හැම කෙනෙකුටම වැදගත් වෙනවා. අපි හිතමුකෝ ඔබ වැඩිහිටියන් සඳහාම පමණක් වෙන්වුණු වෙබ් අඩවියකට පිවිසෙනවා කියලා. එලෙස සම්බන්ධ වීමේදී ඔබේ පරිගනකයේ IP ලිපිනය එහි සඳහන් වෙනවා. එම ලිපිනයෙන්  ඔබ පිළිබඳව වැදගත් තොරතුරු රැසක්  හෙළි වෙනවා. උදාහරණයක් විදියට ඔබ කුමන රටේ පුද්ගලයෙක්ද යන්න පහසුවෙන්ම කිව හැකි වෙනවා. අන්න එම හේතුව නිසා  තමයි ලංකාව තුල තහනම් කර තිබෙන වෙබ් අඩවි වලට ඔබට පිවිසීමට හැකියාවක් නැත්තේ. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ පෞද්ගලිකත්වය ආරක්ෂාකරගෙන අන්තර්ජාලය තුල රහසේ සැරි සරනා ආකාරයයි.

පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන අන්තර්ජාලය භාවිතා කිරීමටනම් අපිට " Proxy server" එකක පිහිට පිය යුතු වෙනවා. මෙහිදී අප භාවිතා කරන්නේ " Open Proxy" ගණයට වැටෙන  " Proxy server"  එකක්. එහි තිබෙන විශේෂත්වය තමයි ඕනෑම කෙනෙකුට එය භාවිතා කිරීමට හැකි වීම. 



අන්තර්ජාලය භාවිතා කරන බොහොමයක් දෙනෙක් තමන්ගේ ආරක්ෂාව සඳහා මෙම සේවාවන් භාවිතා කරනවා. අන්තර්ජාලයට පිවිසීමේදී මෙමගින් ඔබේ අනන්‍යතාවය සඟවනු ලබනවා. එවිට ඔබ පිවිසෙන්නේ කුමන රටකින්ද යන්න පවා සොයා ගැනීමට අපහසුවෙනවා. එවිට ඔබට ලංකාව තුල තහනම් කර තිබෙන වෙබ් අඩවි වලට පවා පහසුවෙන් පිවිසීමට පුළුවන්.දැන් ඔබට අවබෝධයක් ඇති අපි කොහොමද අන්තර්ජාලයේදී අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්නේ කියල.
මෙහිදී අප ඔබට හඳුන්වා දෙනවා වඩාත් පහසුම ක්‍රමයක්. ඒ තමයි එම සේවාව සපයන වෙබ් අඩවියක් භාවිතා කොට පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම.එවැනි සේවාවක් සපයන ලෝකප්‍රසිද්ද වෙබ් අඩවියක් තමයි " Hide My Ass" කියන්නේ. 
මෙම සේවාව භාවිතා කිරීමට ප්‍රථම ඔබේ IP ලිපිනය මදක් පරික්ෂා කර බලන්න. එයින් පහසුවෙන් දැනගන්න පුළුවන් ඔබ කුමන රටේ කෙනෙක්ද යන්න. එය දැනගැනීමට පහත තිබෙන ලින්ක් එක ක්ලික් කරන්න. 


http://whatismyipaddress.com/


මේ ඔබ දකින්නේ " Proxy server" එකක් භාවිතා කිරීමට ප්‍රථම ඔබේ IP ලිපිනය ඔබ පිළිබඳව පසන පෞද්ගලික තොරතුරුයි


ඔබ " Proxy server" එක භාවිතා කල පසුව IP ලිපිනයෙන් ඔබ කුමන රටක පුද්ගලයෙක්ද යන්න පවා සොයාගැනීමට නොහැකි වෙනවා.   එය බැලීමට පහත තිබෙන ලින්ක් එක ක්ලික් කරන්න.


http://2.hidemyass.com/ip-3/encoded/Oi8vd2hhdGlzbXlpcGFkZHJlc3MuY29tLw%3D%3D&f=norefer


මේ ඔබ දකින්නේ " Proxy server" එකක් භාවිතා කල පසුව  ඔබේ IP ලිපිනය පිළිබඳව සපයන ව්‍යාජ තොරතුරුයි.

දැන් ඔබට පුළුවන්  "Hide My Ass" වෙබ් අඩවිය භාවිතා කර පෞද්ගලිකත්වය ආරක්ෂාකරගනිමින් රහසේ අන්තර්ජාලයට පිවිසීමට. මේ පහත තිබෙන ලින්ක් එක ක්ලික් කරගමන් ඔබ පිවිසෙන්නේ එම වෙබ් අඩවියටයි. ඉන්පසුව එම වෙබ් අඩවිය හරහා ඔබ පිවිසෙන ඕනෑම වෙබ් අඩවියකට ඔබ පිවිසෙන්නේ ඔබගේ පෞද්ගලිකත්වය ආරක්ෂාකරගෙනයි. 


ඔබේ දැනුමට අලුත් යමක් එකතු උනා යැයි ඔබ සිතනවානම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා.


15 comments: