How To Create Animated and Talking Pictures
මෙය චායාරූපයක සිටින ඕනෑම පුද්ගලයෙකු කතා කරවීමට හැකි මෘදුකාංගයකි.
අද වන විට ඩිජිටල් සජීවීකරණ තාක්ෂණය වඩාත් වැඩිදියුණු වී තිබෙනවා. පරිගණක තාක්ෂනය පිළිබඳව වැඩි දැනුමක් නොමැති කෙනෙකුට වුනත් තමන්ගේ හෝ වෙනත් කෙනෙකුගේ චායාරූපයක් සජීවීකරණය කරගැනීමට හැකියාව තිබෙනවා තමන්ගේ නිවසේ පරිගණකයෙන්ම. මාමෙහිදී සජීවීකරණය යනුවෙන් හැඳින්වුයේ චායාරූපයක සිටින පුද්ගලයෙකු කතා කරවීමයි.
මේ සඳහා අපි භාවිතා කරනු ලබන්නේ (Crazy Talk) මෘදුකාංගයයි. එම මෘදුකාංගයේ විශ්මයානුකූල තාක්ෂණික ක්‍රමවේදයන් මගින් චායාරූපයක සිටින පුද්ගලයෙකුට පණගැන්වීමට හැකියාව තිබෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුගේ මුහුණේ තිබෙන අංග චලනයන් හා සමානවම පින්තූරයේ සිටින පුද්ගලයාගේ මුහුණේ අංග චලනයන්ද සකස් කරගැනීමට පුළුවන්. උදාහරණයක් විදියට පුද්ගලයෙකු කතා කරන විට ඇසි පිය සැලීම, මුහුණ සෙලවීම, හැගීම් ප්‍රකාශ කිරීම වගේ දේවල්.
විශේෂාංග
අප ඔබට ලබාදෙන එම මෘදුකාංගය ස්ථාපිත කරගත් පසුව එහි තිබෙන ( Settings ) වලට හොඳින් අවධානය යොමු කිරීමේදී ඔබට සිතේවි මෙම මෘදුකාංගයේ තිබෙන සජීවීකරණ තාක්ෂනය කොතරම් විශ්මය ජනකද කියා.
චරිතයක මුකය, දත්, ඇස්, මුහුණේ චලනය, කැමති අකාරයකට සකස් කරගැනීමට හැකියාව තිබෙනවා. මෙහි තිබෙන හොඳම විශේෂාංගය තමයි ( Time line ) එක. ටයිම් ලයින් කියන්නේ මොකක්ද කියල දන්නවා ඇති වීඩියෝ එඩිට් කරන මෘදුකාංග භාවිතා කරලා තිබෙන අය. එයින් සැලසෙන පහසුකම තමයි (Animation, Sound) වගේ දේවල් සම්පූර්ණයෙන්ම තමන් කැමති අකාරයකට පාලනය කිරීමට හැකි වීම. මේ පහත තිබෙන්නේ ටයිම් ලයින් එකක පින්තූරයක්.
ඔබ වෙබ් අඩවියක් පවත්වාගෙන යන කෙනෙකුනම් ඔබට පුළුවන් පින්තූරයක් සජීවීකරණයට ලක් කොට වෙබ් අඩවියට පැමිණෙන්නන් සාදරයෙන් යුතුව පිළිගැනීමට. එය කරන්නේ මෙහෙමයි. ගැහැණු කෙනෙකු හෝ පිරිමි කෙනෙකු සිටින චායාරූපයක් ගෙන පිළිගැනීමේ කතාවක් පටිගත කොට එම පින්තූරයේ සිටින පුද්ගලයා විසින් එය පවසන පරිදි සකස් කර ගැනීම. ඔබට සිතා ගැනීමටවත් නොහැකි වෙන ලෙස මෙය කරගැනීමට පුළුවන්. පිළිගැනීමේ කතාවක් කරන කෙනෙකු එය කරන්නේ සිනහ මුසු මුහුණකින්. පින්තූරයේ සිටින පුද්ගලයා සිනහ මුසු මුහුණකින් නොමැති වුනත් සිනහ වෙන ලෙස සජීවීකරණය කරගැනීමට පුළුවන්. එවිට සිනහ සෙමින් මුහුණ සොලවමින් වීඩියෝවක සිටින කෙනෙකු වගේ එය දිස් වෙනවා.එලෙස සජීවීකරණය කරගත් චායාරූපය කැමති මීඩියා ෆයිල් ෆොර්මැට් එකකට සේව් කරගන්න පුළුවන්.
මේ පහතින් දිස් වෙන්නේ එලෙස සකස් කරගත් සජීවීකරණයක්.
මෘදුකාංගය පිළිබඳව හඳුන්වාදීම ප්‍රමාණවත් කියල හිතනවා. දැන් ඔබට කරන්න තිබෙන්නේ අප විසින් ලබා දෙන එම මෘදුකාංගය ස්ථාපිත කරගෙන භාවිතා කිරීමයි. සරල සජීවීකරණයක් සිදු කරගන්නා ආකාරය මෙම පහත තිබෙන වීඩියෝවෙන් නරඹන්න.
Great software and good post bro. Here is the another download link Crazy Talk PRO version 6.0
ReplyDeletehttp://www.mediafire.com/download/xqdgs6abktac748/Reallusion+Crazy+Talk+PRO+v6.0+%2B+bonus.zip
Regards
mcn meke soft 1 zip karala password dala? dannawada password 1
Deleteමචන් මේකේ ඉමේල් එකයි පාස්වර්ඩ් එකයි ඉල්ලනව හරියට ටයිප් කරත් වැරදී කියනවනේ මොකද ඒකට කරන්නෙ
ReplyDeleteEmail ekai password ekai illanne mokakatada
DeleteThis comment has been removed by the author.
ReplyDeleteoya eke register wenna one naha, trial version eka use karanna
Deletetrial version ekatath mail password illanawa
ReplyDeletesignup wenna ethakoya hari
Deletemail address password hariyata enter karath wrong kiyala message ekek anawa
ReplyDeletepls,, help,, meka trial version ekakda? hadane video save karanne ba. background eka sudu pateta ganenath ba.
ReplyDeletemekanam trial version ekak thamai. full eka download karaganna me link eka click karanna
Deleteko iink eka nane?
ReplyDeletelink eka uda deela thiyenawa balanna
Delete