Findind Duplicate Files
(ඩිජිටල් නිවුන්නු සෙවීම ) පරිගනකයේ තිබෙන ඩුප්ලිකේට් ෆයිල්ස් සොයා මකා දමන හැටි
ඩොකියුමන්ට් එකක , පින්තූරයක හෝ වෙනත් ඕනෑම ෆයිල් එකක පිටපත් පරිගනකය තුල තිබීම සාමාන්‍ය දෙයක්. අපි වැඩ කරනකොට එකම ෆයිල් එකක පිටපත් තැනින් තැන රඳවා ගෙන වැඩ කරන කිරීම නිසා මෙලෙස අනවශ්‍ය ලෙස පරිගනකයේ පිටපත් ගොඩ ගැසෙනවා. සමහර වෙලාවට නියම ෆයිල් එක කුමක්ද යන්න පවා සොයාගැනීමට බැරි වෙන අවස්ථා එමටයි. මෙම හේතුව නිසා දෘඩ තැටියේ මතකයෙන් අමතර කොටසක් ඒ සඳහා නිකරුනේ වැය වෙනවා.
දැන් ඔබ දන්නවනේ අනවශ්‍ය ලෙස පිටපත් පරිගනකය තුල ගොඩගැසීම නිසා දෘඩ තැටියේ අමතර මතකයක් ඒ සඳහා වැය වෙන බව. එසේනම් අප විසින් කල යුතු වෙන්නේ එම පිටපත් සොයා ගෙන මකා දැමීමයි. මෙම කටයුත්ත කරගැනීම සඳහා භාවිතා කරන්න පුළුවන් නොමිලේම ලබා ගැනීමට හැකි මෘදුකාංග ඕනෑ තරම් තිබෙනවා අන්තර්ජාලයේ. ඒ අතරින් ( Fast Duplicate File Finder ) කියන්නේ ඉහල කාර්යක්ෂම තාවයකින්යුතු විශ්වාසදායී මෘදුකාංගයක්.
විශේෂාංග
මෙම මෘදුකාංගය මගින් පරිගනකය සහ මුළු නෙට්වර්ක් එකම පරික්ෂා කරනු ලබනවා ඩුප්ලිකේට් ෆයිල් සොයා ගැනීමට. ෆයිල් වල අන්තර්ගතයන් එකිනෙකට සසඳා බලා ඒවා වල නම් වෙනස්ව පැවතියත් ඩුප්ලිකේට් ෆයිල් සොයා ගැනීමට තරම් නුවනක් මෙම මෘදුකාංගයට තිබෙනවා.
ඩුප්ලිකේට් ෆයිල් සෙවීමේ ක්‍රියාවලිය අවසන් වූ විට මේ පහත පින්තූරයේ තිබෙන පරිදි ඔබට දැකගන්නට පුළුවන් ඩුප්ලිකේට් ෆයිල්ස් ලැයිස්තුවක් . තවද පොදුවේ භාවිතා වෙන ඕඩියෝ, වීඩියෝ , ඉමේජ්, ටෙක්ස් ෆයිල්ස් වර්ග වල පුර්ව දර්ශනයක්ද ( preview ) දැකගැනීමට පුළුවන්.
මේ පහතින් දිස් වෙන්නේ මෙම මෘදුකාංගය සතුව තිබෙන (Features) කිහිපයකි .
- Find duplicate files or find similar files in user specified folders, hard drives, computers or entire networks
- Fast binary comparison algorithm
- Internal preview supporting images, videos, music, text and binary files
- Older or smaller files can be automatically marked for deletion
- Duplicate files can be moved to Recycle Bin, custom folder or deleted permanently
- Support for all kinds of removable media - usb drives, diskettes etc.
- Has intuitive interface and rich documentation
- Process priority settings that will let the application scan in your computers IDLE time
- Protection for system files and folders that will prevent damages to your system files when removing duplicates
- Automatically locate duplicate files in Windows Explorer
- Open file with associated program
- Powerful filter and exclude from auto-check options
- Powerful Quick Check/Uncheck dialog
- Multi-language file system support
Ada aluth post ekak danne naddoooooooooooooooooooo :-D
ReplyDelete