What is a Smart TV?

මොනවද මේ Smart TV කියන්නේ?


එම ප්‍රශ්නයට කෙලින්ම පිළිතුරු දෙනවානම්, යමිකිසි රූපවාහිනී යන්ත්‍රයක් සතුව තිබෙනවානම් හැකියාවක් අන්තරජාලයට පිවිස "Online" සේවාවන් පරිශීලනය කිරීමට. උදාහරණයක් විදියට වීඩියෝ නැරඹීම, ක්‍ෂනිකව පණිවිඩ යැවීම, Facebook, Twitter වගේ සාමජීය වෙබ් අඩවි භාවිතා කිරීමට. එය "Smart TV" එකක් ලෙස හැඳින්වීමට හැකියාව තිබෙනවා. ඒවගේම සමහර රූපවාහිණි යන්ත්‍ර මගින් අවස්තාව හිමි කර දෙනවා ඉහල ගුණාත්මක තාවයකින් යුතු වෙබ් බ්‍රවුසර් එකක් මගින් බොහොමයක් වෙබ් අඩවි පරිශීලනය කිරීමට.


 What Can Smart TVs Do?


දැන් ඔබලා දන්නවනේ "Smart TV" එකක් කියන්නේ මොකක්ද කියල. දැන් අපි සොයා බලමු එයට කරන්න පුළුවන් දේවල් පිළිබඳව. එම රූපවාහිණි යන්ත්‍ර වල තිබෙනවා අන්තර්ජාලයට සම්බන්ධ වීම සඳහා එහිම අන්තර්ගත කරන ලද "Ethernet Port" සහ WiFi ජාලයන් වලට සම්බන්ධ වීමට හැකියාව ලබා දෙන දෘඩාංග කොටස්. එමගින්  ඔබට පුළුවන් වෙනවා "Smart Phone" සහ පරිගණක මගින් අන්තර්ජාලයට  සම්බන්ධ වෙනවා වාගේම අන්තර්ජාලයට පහසුවෙන් පිවිසීමට ඔබගේ රූපවාහිණි යන්ත්‍රයෙන්. ඒවගේම තමයි මෙහයුම් පද්දතියකින්ද එය සමන්විත වෙනවා එමගින් ඔබට අවස්තාව උදා කර දෙනවා වැඩසටහන් ස්ථාපිත කිරීමට,Widgets ක්‍රියාත්මක කිරීමට, වීඩියෝ සහ ඕඩියෝ ස්ට්‍රීම් කිරීමට. 

බොහොමයක් "Smart TVs" පැමිණෙන්නේ කලින්ම එහි ස්ථාපිත කරන ලද Youtube, Hulu, Netflix වගේ වීඩියෝ apps සමගයි.

වීඩියෝ සහ ඕඩියෝ ස්ට්‍රීමින්ග් හැරුන කොට. සමහර රූපවාහිණි යන්ත්‍ර මගින්  ඉඩලබා දෙනවා "facebook" වගේ සමාජීය වෙබ් අඩවි පරිශීලනය කිරීමට. ඒවගේම පෙර ස්ථාපිත කරන ලද වෙබ් බ්‍රව්සර් එකක් මගින් අන්තර්ජාලයේ සැරිසැරීමටද අවස්තාව උදා කර දී තිබෙනවා. 




Apps And Accessories


"Smart Phone" සඳහා apps නිෂ්පාදනය කරන ජනප්‍රිය සමාගම් දෙකක් වෙන Apple සහ Google සමාගම් වල අඩිපාරේ යමින් "Smart Tv" නිපදවන එම ආයතන මගින් ඔවුන්ගේ පාරිභෝගිකයින් සඳහා අමතර apps බාගත කරගැනීමට අවස්තාව උදාකරදීම වෙනුවෙන් ඔවුන්ගේම "Online Store" එකක් වැඩිදියුණු කිරීම ආරම්භ කොට තිබේ. 



"Smart TV" නිෂ්පාදකයින් අතරින් ඉදිරියෙන්ම සිටින සමාගමක් වන "Panasonic" සමාගම විසින් "Social Networking Apps " සහ අනෙකුත් apps හැරුන කොට ඔවුන්ගේ "Online Store" එක මගින් පාරිභෝගිකයින්ට අවස්තාව උදා කර දී තිබෙනවා ඔවුන්ගේ රූපවාහිණි යන්ත්‍ර සඳහා "Games" ද බාගත කරගැනීමට. ඒවගේම ඔවුන් විසින් තවත්  "Game Controllers" වගේ උපකරණද මිලදී ගැනීමට ඔවුන්ගේ පාරිභෝගිකයින්ට අවස්තාව උදාකරදී දී තිබෙනවා. වඩාත්ම සිත ඇදගන්නාසුලු උපකරණයක් වෙන "Smart Pen" එකක් මගින් රූපවාහිණි තිරයේ කෙලින්ම ලිවීමට හැකියාව තිබෙනවා යම් කිසි පණිවිඩයක් වගේ දෙයක් පවුලේ අනෙකුත් සාමාජිකයින්ට දැකගත හැකි වෙන පරිදි.

Smart TV Alliance

මෙවැනි ගිවිසුම් මගින් ඉලක්ක කොට තිබෙනවා "Developers" ලට "Smart TV" සඳහා  අලුතෙන් apps නිර්මාණය කිරීම පහසුකරලීම. අතීතයේදී නම් එවැනි අලුතෙන් apps නිර්මාණය කරනු ලබන සංවර්ධකයින්ට සිදු උනා අලුතෙන් app එකක් නිර්මාණය කල පසුව එම app එක  එක් එක්  රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදකයින් සඳහා යොමු කොට ඔවුන්ගේ අවසරය ඒ සඳහා ලබා ගැනීමට. නමුත් මේ අලුත් ගිවිසුම් මගින් මෙම ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ඔවුන් විසින් "Single Approval System" එකක් හඳුන්වා දී තිබෙනවා. එයින් සලකා බලනු ලබන්නේ එම app එක "Smart TV" වල වැඩ කරනවාද යන්න තහවුරු කරගැනීම පමණයි. 

ඒවගේම එම ගිවිසුම් මගින් හඳුන්වා දෙනු ලබනවා "Software Development Kit" එකක්. පොදුවේ එක හඳුන්වන්නේ (SDK) යනුවෙනි. එමගින් apps සංවර්ධනය කිරීමේ ක්‍රියාවලිය වේගවත් සහ පහසු කරදී තිබෙනවා. 




How Much Do Smart TVs Cost

"Smart TV" සාමන්‍යයෙන් මිල අධික ඒවා වෙනවා. සමහර "Smart TVs" අනෙකුත් ඒවා වලට වඩා මිල අධික වෙනවා. එය තීරණය වෙන්නේ  රූපවාහිණියේ වර්ගය සහ එහි ඇතුලත් වෙන විශේෂාංග මතය. දැන් ඔබ දන්නවා මොකක්ද Smart TV එකක් කියන්නේ සහ එයින් කරගන්න පුළුවන් දේවල් පිළිබඳව. එසේනම් ඔබට දැන් ඔබගේ වත්කම සහ අවශ්‍යතාවය පරිදි "Smart TV" එකක් මිලදී ගැනීමට පුළුවන් වෙනවා.


මේ පහතින් ඔබට දැකගන්නට ලැබෙන්නේ ශ්‍රීලංකාවේ මේ වන විට "Smart TV" අලෙවි වෙන මිල ගණන්.


"Smart TV" පිළිබඳව ඉහතදී සඳහන් නොවූ ඔබ දන්නා වටිනා දේවල් තිබෙනවානම් සියල්ලගේම දැනුම පිණිස Comment එකක් මගින් සඳහන් කරන්න.


4 comments:

  1. skype pahasukama tiyenawa

    ReplyDelete
  2. puluwan ekata wenama Accessories miladee gatha yuhu wenawa

    ReplyDelete
  3. smart TV කියන්නේ operating system එකකින් (උදා:- android,simbian) ක්‍රියාත්මක වෙන TV වලට.smart phones කියන්නෙත් එහෙම්මම තමා.

    මම ටෙක්නික්ස් Blog එකේ විශ්වජිත්

    ReplyDelete
    Replies
    1. එමගින් ඔබට පුළුවන් වෙනවා "Smart Phone" සහ පරිගණක මගින් අන්තර්ජාලයට සම්බන්ධ වෙනවා වාගේම අන්තර්ජාලයට පහසුවෙන් පිවිසීමට ඔබගේ රූපවාහිණි යන්ත්‍රයෙන්. ඒවගේම තමයි මෙහයුම් පද්දතියකින්ද එය සමන්විත වෙනවා එමගින් ඔබට අවස්තාව උදා කර දෙනවා වැඩසටහන් ස්ථාපිත කිරීමට,Widgets ක්‍රියාත්මක කිරීමට, වීඩියෝ සහ ඕඩියෝ ස්ට්‍රීම් කිරීමට.

      Delete