Does Dust Really Damage Computers?

ඔබේ පරිගණකයට දුහුවිලි ඇත්තටම හානිකරද ?



ඔබ විසින් ඔබේ පරිගනකය පිරිසිඳුව තබා ගන්නේ නැතිනම්, එමගින් ඔබේ පරිගනකයට හානි සිදු වෙනවා. දුහුවිලි වැනි අපවිත්‍ර දේවල් වලට හැකියාව තිබෙනවා ඇත්තටම පරිගණකයකට පීඩා කිරීමට. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ එමගින් ඇති වෙන හානියන් වලක්වා ගන්නේ කෙසේද සහ ඒ වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් කුමක්ද යන වැදගත් කරනු පිළිබඳවයි. තවදුරටත් පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා එලෙස හානියට පත් වෙන පරිගණකයක් හඳුනාගන්නේ කෙසේද යන කරුණු පිළිබඳව?

එසේනම් දුහුවිලි වලට ඔබේ පරිගනකයට හානි පැමිණවීමට පුළුවන් බව ඔබ මේ වන විට දන්නවා. දුහුවිලි සහ අපවිත්‍ර දෑ මගින් ඔබේ පරිගනකයට ප්‍රධාන වශයෙන්ම හානි පමුනවන්නේ "Fans" වල ක්‍රියාකාරීත්වය අඩපන කිරීමෙනුයි. එම හේතුව නිසා පරිගණකයේ උෂ්ණත්වය අධික ලෙස ඉහල යනවා. එලෙස ඉහල යන උෂ්ණත්වය වඩාත් ඉහල මට්ටමකට පැමිණ විට දෘඩාංග කොටස් වලටද එය අහිතකර ලෙස බලපානවා. එසේ ටික කලක් ගිය විට දෘඩාංග කොටස් සම්පූර්ණයෙන්ම අක්‍රීය වීමටද හැකියාව තිබෙනවා. ඒවගේම තවත් දෙයක් තමයි ( Ports and Connectors ) අතර සිදු වෙන විද්‍යුත් සම්බන්ධතාවයන් අතර දුහුවිලි තැන්පත් වී තිබීම නිසා අහිතකර ප්‍රතිපල ගෙන දීමට හැකියාව තිබෙනවා.





දුහුවිලි සහ අපවිත්‍ර දෑ සහිත පරිගනකයක් පිරිසිඳු කරන විදිය


එවැනි පරිගනකයක් පිරිසිඳු කිරීම සඳහා තිබෙන සරලම ක්‍රමයක් තමයි( Air in a can / Dust Blower) වගේ වායු පීඩන උපකනයන් භාවිතා කිරීම.


  • Dust Blower

මෙම උපකරණය මගින් විශාල ප්‍රදේශයක තිබෙන දුහුවිලි ඉවත් කරගැනීමට හැකියාව තිබෙනවා

 

  • Air in can?

විද්‍යුත් උපකරණ, Keyboard, පරිගණක වල තිබෙන දුහුව්ලි සහ අපවිත්‍ර දෑ ඉවත් කරන උපකරණයකි. 

මෙහි තිබෙන දිගු බටය ( Extended Nozzle) එක මගින් පහසුවෙන් ලඟා විය නොහැකි තැන්වල පවා තිබෙන දුහුවිලි ක්‍ෂනිකව ඉවත් කරගැනීමට හැකියාව තිබෙනවා.



මීට අමතරව පරිගණක වල තිබෙන දුහුලි ඉවත් කරගැනීම සඳහා Vacuum Cleaner වැනි උපකරණද භාවිතා කිරීමට පුළුවන්.



පරිගණකය පිරිසිඳු කල යුතු බව දැනගන්නා ලකුණු


පරිගනකයේ තිබෙන "Fans" වෙනදාට වඩා වැඩි වේගයකින් හා ශබ්දයකින් යුතුව ක්‍රියාත්මක වෙනවා ඔබට දැකගන්නට ලැබෙන්න පුළුවන්. එහි තේරුම වෙන්නේ "Fans" මගින්  අභ්‍යන්තර උෂ්ණත්වය කාර්යක්ෂම ලෙස ඉවත් නොකිරීමේ ලකුණුයි. බොහොමයක් පරිගණක වල "CPU" එකෙහි උෂ්ණත්වය පිළිබඳව ගැටළු තිබෙනවා. ඔබට හැකියාව තිබෙනවා " Core Temp" කියන මෘදුකාංගය භාවිතා කොට ඔබේ පරිගනකයේ " Current Temperature " එක බලා ගැනීමට.



http://adf.ly/ZbSS7
Core Temp


මෙම මෘදුකාංගය මගින්  "Processor" එකේ උෂ්ණත්වය ඔබට වෙන් කොට බලා ගැනීමට පුළුවන් වෙනවා. ඒවගේම ඔබ විසින් ක්‍රියාත්මක කරනු ලබන "Program" වලට අනුව උෂ්ණත්වය අඩු වැඩි වීමක් සිදු වෙනවා. පරිගනකය Boot කොට විනාඩි 5ක් පමණ ගිය විට ඔබ විසින් කිසිඳු මෘදුකාංගයක් ක්‍රියාත්මක නොකරන්නේ නම් එහි සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 55 ඉක්මවිය යුතු වෙන්නේ නැහැ. නමුත් ඔබේ පරිගනකයේ උෂ්ණත්වයේ යම්කිසි අසාමාන්‍ය තත්වයක් දිස් වෙනවානම් ඔබ විසින් දැනගත යුතු වෙනවා ඔබේ පරිගනකයේ  "Cooling System" එක නිවැරදිව ක්‍රියාත්මක නොවෙන බව. එය එසේ සිදු වීමට දුහුවිලි සහ අපවිත්‍ර දෑ තැන්පත් වී තිබීම හේතුවක් විය හැකියි.



දුහුව්ලි ආශ්‍රිත හානියක් සිදු වී තිබෙනවානම්.


පරිගනකයේ යම් කිසි කොටසක් දුහුව්ලි හේතුවෙන් අක්‍රීය වී තිබෙනවානම්, උදාහරණයක් විදියට (Fan / Power Supply) වගේ උපකරණ. ඔබට හැකියාව තිබෙනවා පුහුණුවලත් කාර්මික ශිලිපියෙක් මගින් එම කොටස් නැවත ප්‍රතිස්ථාපනය කරගැනීමට. නමුත් ඔබේ පරිගනකය ලැප්ටොප් එකක් නම් ඒවා වල කොටස් තරමක් මිලෙන් අධික වෙනවා වගේම Repair කිරීම සඳහා වැඩි කාලයක් වැය කිරීමට සිදු වෙනවා.


දුහුව්ලි ආශ්‍රිත හානියන් වලක්වා ගැනීමට කල යුතු දෑ 


ඔබේ පරිගනකය පිරිසිඳුව තබා ගැනීම සඳහා ඔබ කල යුතු සරලම දේ තමයි. අඩුමතරමේ මාසයකට වරක්වත් අප විසින් ඉහත සඳහන් කරන ලද උපකරණ ඇසුරෙන් පරිගණකය අභ්‍යන්තරයේ තිබෙන දුහුවිලි වැනි අපවිත්‍ර දෑ ඉවත් කරගැනීමයි.




18 comments:

  1. godak hodai. bt apita old post wlta Ikmanin yana puluwn wena widiyk hdana bro.

    ReplyDelete
  2. oyage mulma post wlta yaddi api page 1n 1ta wage yana one bro. eka godak karadari.

    ReplyDelete
  3. thanks byt lap wala tiyana kunu ewath karanna kohomada ?,,,,


    ReplyDelete
  4. Air in can wage ekak use karanna wenawa

    ReplyDelete
  5. nitharama use karana computers wala fans wala duuwili gana echchara care karanna one na kiyalai mata hithenne.

    ReplyDelete
    Replies
    1. Oya kiyana deya aththa. mokada nithara use wena fans wala dust randenna idak naha ne. Namuth dust nisa fan ekr speed eka sulu washayen ho adu weemata puluwan

      Delete
  6. Meke thyna app eka download karaganna giyama adfly page eken ehata yanne na ne...

    ReplyDelete
  7. වටින blog 1ක්.සිරා අ...........☺

    ReplyDelete
  8. ela.thanx.gud work.

    ReplyDelete