Android 4.4 KitKat release date, news and features
"Android 4.4 KitKat" පිළිබඳව සහ එහි ඇති අලුත්ම විශේෂාංග පිළිබඳව දැනගනිමු.
ඇන්ඩ්රොයිඩ් වල අලුත්ම සංස්කරණය වන "Kitkat" ඇන්ඩ්රොයිඩ් හී අතිමහත් රසික ජනතාව කලකිරවන්නේ නැති සුවිශේෂී වෙනස් කම් රැසකින් යුතු විශේෂාංග බොහොමයක් ඇති සංස්කරණයක් වී තිබෙනවා.
ඇන්ඩ්රොයිඩ් 4.4 මගින් ඔබට අවස්තාව උදාකර දෙනවා බොහොමයක් කාර්යයන් කරගැනීමට ඔබේ කටහඬ පමණක් භාවිතා කරගනිමින්. දුරකතනයේ තිරය ස්පර්ෂ කිරීමකින් තොරව "OK GOOGLE" යැයි පැවසු සැනින් google හී කැමති දෙයක් පරික්ෂා කර බැලීමට,පණිවුඩ යැවීමට, සහ තවත් බොහෝ දේවල් කරගැනීමට හැකියාව තිබෙනවා.
සුපැහැදිලි සහ නවීන නිමැවුම ගැන Google සමාගම ප්‍රධාන වශයෙන්ම අභිමානයට පත් වෙනවා. සැබවින්ම phone app , music app සහ movies app වගේ app ද පෙරට වඩා චිත්තාකර්ශනීය ආකාරයට නිර්මාණය කර තිබෙනවා. මෙම සංස්කරණයේදී වැඩි දියුණු කර තිබෙන්නේ එහි පෙනුම පමණක් නෙවෙයි එහි මොලයද වැඩි දියුණු කර තිබෙනවා මොකද පෙරට වඩා වැඩි වේගයකින් වැඩ කිහිපයක් වුනත් එකවර කරගැනීමට පුළුවන් වෙනවා.
Android 4.4 KitKat හී ඇති අලුත්ම විශේෂාංග
එහි තිබෙන අලුත්ම විශේෂාංග පිලිබඳ සම්පූර්ණ ලැයිස්තුව ඉතාමත් දිගු එකක් වෙන නිසා සියල්ලම වාගේ විස්තර කිරීම අපහසු වෙනවා. නමුත් එහි තිබෙනවා ඔබ විසින් දැනගතයුතුම වෙන අලුත්ම විශේෂාංග කිහිපයක්.
Google විසින් අලුත්වැඩියා කරතිබෙන "phone app" එක ඔබ වැඩිපුරම කතා කරන පුද්ගලයින්ගේ "Contacts" වලට ප්‍රමුකතාවය දෙන ආකාරයෙන් නිර්මාණය කර තිබෙන අතර ඔබ අවට තිබෙන Places , Businesses සහ Contacts පරික්ෂා කර බැලීමද සක්‍රීය කර තිබෙනවා.
A smarter caller ID
Caller ID එකත් සිත් ඇදගන්නා සුළු ආකාරයට නිර්මාණය කරතිබෙනවා වගේම ඔබ නොදන්නා අංකයකින් ඔබට ඇමතුමක් ලැබෙන විට ඇන්ඩ්රොයිඩ් විසින් එම අංකය Google Map එකේ ලැයිස්තු ගත කොට තිබෙන Business වල දුරකථන අංක වලට ගැලපෙනවාද යන්නත් සොයා බලනවා.
Print wherever, whenever
තවත් වැදගත් විශේෂාංගයක් තමයි ඔබේ දුරකතනයෙන් හෝ ටැබ්ලට් එකෙන් ලිපියක්, පින්තූරයක් වැනි දෙයක් "Google Cloud" වලට සම්බන්ධ කොට තිබෙන Printer එකක් මගින් මුද්‍රණය කරගැනීමට පුළුවන් වීම.
A work of art
ඔබ සංගීතයකට සවන් දෙන විට "Lock Screen" එක පුරාම විහිදී යන ආකාරයේ "Art Work" එකක් දැකගැනීමට පුළුවන් වෙනවා. නමුත් එම තිරයේ තිබෙනවා ඔබට අවශ්‍ය කරන Skip සහ Pause වගේ බටන්.
Immerse yourself
ඔබ විසින් E-Book එකක් කියවන විට අලුත් " Immersive Mode" එක මගින් Status bar Navigation බටන් වගේ දේවල් සඟවනු ලබනවා ඔබට වඩාත් හොඳ කියවීමේ අත්දැකීමක් ලබා දීම සඳහා.
තවත් සුවිශේෂී වූ විශේෂාංග බොහොමයක් ඇතුලත් කොට තිබෙනවා කෙටියෙන් කිව්වොත් IR Blaster add-ons, Low power audio playback, built-in pedometer, NFC capabilities වගේ දේවල් හඳුන්වන්න පුළුවන්.
මේ වන විට මෙම අලුත්ම සංස්කරණය එලි දක්වා ඇති නමුත් එය ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ "Nexus 5" දුරකථනය සඳහා පමණයි. නමුත් ඉදිරියේදී Android 4.4 වලට යාවත් කාලීන කරගැනීමට ගැනීමට හැකියාව ඇති ලෙස නිර්මාණය කර තිබෙන නවීන දුරකථන සඳහා මෙය ලබා ගැනීමට පුළුවන් වෙනවා.
Ei malli, Nexus 5 witharada? Nexus 7 tablet ekata kit kat enne nedda? Danne nethnam nokiya indapan ban.. nikan boru kiyawanne nethuwa..
ReplyDeleteniyamai tanx macho
ReplyDeleteCan I get it for s3?
ReplyDelete?
Plz Read this
ReplyDeletehttp://www.gottabemobile.com/2013/11/25/galaxy-s3-android-4-4-kitkat-update-early-look-expect-2/
Nexus nathuwa lg optimize eketh thiyanawane oya tika
ReplyDeletegalaxy s2 ekata kitkat daganna puluwanda
ReplyDeletegalaxy s2 ekata kitkat daganna puluwanda
ReplyDeleteGalaxy S2 eka Kitkat walata upgradable naha
DeleteHuawei y210D fon eaka update4.0 Karanna puluwanda?
ReplyDeletegalaxy s4 ekata kitkat update thiyanawada?
ReplyDeleteow thiyenawa
DeleteGalaxy s2 ekata kit kat update eka na neda...coustem rom ekak nadda kit kat wala...thye nm line ekak demawada..plz........:-)
ReplyDeleteGalaxy ace 3 ekata kit kat update ka puluwanda?
ReplyDeleteGalaxy ace 3 ekata kit kat update ka puluwanda?
ReplyDeleteupgrade karanna puluwan, eth damma labena ekak naha
Delete