Why Screen Savers Are No Longer Neccessory?
තවදුරටත් "Screen Savers" අවශ්‍ය නොවෙන්නේ ඇයි!
" Screen Savers" කියන්නේ යල් පැනගිය තාක්ෂණික ක්‍රමවේදයක්. මොකද " Screen Savers"මගින් තවදුරටත් කිසිවක් "Save" නොකරන බැවින්. එමගින් සිදු කරනු ලබන එකම දෙය නම් විදුලි බලය නිකරුනේ නාස්ති කිරීමයි. අද වෙන විට " Screen Savers" වල කිසිඳු අවශ්‍ය තාවයක් ඇත්තේ නැහැ.
ඔබ පරිගනකය භාවිතා නොකරන වේලාවන් වලදී ස්වයන්ක්රීයවම "Display"එක Off වෙනවානම්, එය තමයි නුතන ලෝකයට ගැලපෙන "Screen Saver"එක වෙන්නේ.මොකද එමගින් විදුලි බලය "Save"කරන නිසා.එම හේතුව නිසා ඔබේ විදුලි බිලද අඩු වෙනවා.තවත් දෙයක් තමයි ඔබ භාවිතා කරන්නේ Laptop එකක් නම් ඔබේ බැටරි බලයද සැලකිය යුතු ලෙස ඉතිරිකර ගැනීමට පුළුවන් වෙනවා.
"Screen Savers" හඳුන්වා දීමට හේතු වුනේ කුමක්ද?
පරණ "CRT Monitors" වල තිබුනා දෝෂයක් "burn in" යනුවෙන් හඳුන්වන. ඕනෑම පින්තූරයක් Monitor එකෙන් වැඩි වෙලාවක් දර්ශනය වීම නිසා Screen එක පිළිස්සුන ස්වභාවයකට පත් වෙන. ඔබ විසින් "Monitor" එක ක්‍රියා විරහිත කරත්. ඔබට එහි තිරයෙන් දැකගන්නට ලැබෙන්නේ (Ghost Image) කිසිවක් පැහැදිලි නැති පිළිස්සුනු ස්වභාවයකින් යුතු පින්තූරයක් පමණයි.
එම හේතුව නිසා පරිගණක තිරයේ තිබෙන සාමාන්‍යයෙන් වෙනස් නොකරන පින්තූර සඳහා එය සැබෑවටම නරක ප්‍රතිපලයක් ගෙන දෙන දෝෂයක් වෙනවා. උදාහරණයක් විදියට "Windows Task Bar" එක හඳුන්වන්න පුළුවන්. එක දිගටම පරිගනකය ක්‍රියාත්මක කරගෙන සිටීම නිසා එලෙස වෙනස් නොකරන පින්තූර නිසා මොනිටර් තිරය පිළිස්සුනු අපැහැදිලි එකක් බවට පත් වෙනවා.
අන්න එම දෝෂය නිරාකරණය කරගැනීම සඳහා තමයි "Screen Savers" හඳුන්වා දෙනු ලැබුවේ. එය සැබෑවටම බෙහෙවින් උපකාරී වුනා ඒ කාලය තුල පරිගණක භාවිතා කරන්නන්ට. පරිගනකය භාවිතා නොකරන වේලාවන්හී ස්වයන්ක්රීයවම ක් "Screen Savers" ක්‍රියාත්මක වෙනවා. එම "Screen Savers" වල තිබෙන පින්තූර දිගින් දිගටම වෙනස් වෙමින් පවතින නිසා මොනිටර් තිරය පිළිස්සීමට ලක් වීම එයින් වැළකෙනවා.
CRT vs LCD Displays
අදවෙන විට පරිගණක සඳහා භාවිතා කරන නවීන "Monitors" සහ රූපවාහිනී "CRT" ගණයට වැටෙන්නේ නැහැ. ඒවා වල තිබෙන "LCD" තිර ක්‍රියාකරන්නේ "CRT" වලට වඩා වෙනස් විදියකටයි.එම නිසා "CRT" මොනිටර් වල තිබු පිළිස්සීමේ දෝෂය LCD වල ඇත්තේ නැහැ. එකම පින්තූරයක් දීර්ඝ වෙලාවක් වෙනස් නොකර පැවතුනත් LCD තිරයට කිසිඳු හානියක් වෙන්නේ නැහැ.
නමුත් තවමත් බොහොමයක් පරිගණකවල මේ වන විටත් පරිගනකය භාවිතා නොකර සිටීමෙන් ස්වයන්ක්රීයවම "Screen Savers" ක්‍රියාත්මක වෙන ලෙස සකස් කොට තිබෙනවා. ඇත්තටම එය අනවශ්‍ය දෙයක් කියල දැන් ඔබට තේරෙනවා ඇති කියල හිතනවා.
Screen Savers vs Power Saving
තවමත් මිත්‍යා මතයක්ව පවතින දෙයක් තමයි "Screen Saver" මගින් බල ශක්තිය ඉතුරු කරනවා කියන එක. නමුත් "Screen Saver" බල ශක්තිය ඉතුරු කරනු ලබන්නේ නැහැ, එයින් සිදු වෙන එකම දෙය තමයි තිරය "On" එකේ තබා ගැනීමට සහ "Animation" ක්‍රියාත්මක කරවීමට තවත් අමතර බල ශක්තිය භාවිතා කිරීම. "3D Screen Savers" ක්‍රියාත්මක වීමට ඔබේ "Graphics Hardware" භාවිතා කරනු ලබනවා එම නිසා තවත් වැඩි වශයෙන් ඒ සඳහා බලශක්තිය භාවිතා කරනු ලබනවා. ඔබ පරිගනකය භාවිතා නොකරන විට එය ස්වයන්ක්රීයවම ක්‍රියාත්මක වී ඔබේ පරිගනකය "Gaming Mood" එකට දමා විදුලි බලය නිකුරුනේ නාස්ති කරනු ලබනවා. "Screen Savers" මගින් සිදු කරනු ලබන්නේ එයයි.
"Modern Display" සතුව තිබෙනවා "power-saving" කියන පහසුකම. පරිගනකය භාවිතා නොකරන වෙලාවට විදුලි බලය නිකරුනේ නාස්ති කරන "Screen Saver" එකක් ක්‍රියාත්මක වීමට සකසනවා වෙනුවට ඔබට හැකියාව තිබෙනවා මොනිටර් තිරය ස්වයන්ක්රීයවම Off වෙන ආකාරයට සැකසීමට. එයින් ඇත්තටම විදුලි බලය සහ ඔබේ Laptop පරිගනකයේ බැටරි බලය ඉතිරි කරනු ලබනවා.
Windows මෙහෙයුම් පද්දතිය මගින් මොනිටර් තිරය ස්වයන්ක්රීයවම Off වීමට සැලැස්වීමට අවශ්‍ය කරන පහසුකම් සපයා තිබෙනවා. ඒසඳහා පළමුව "Windows Key" ඔබන්න, ඉන්පසුව එහි "Turn off display" යනුවෙන් type කර enter ඔබන්න. Windows 8 වලදී නම් Enter එබීමට ප්‍රථමව "Settings" යන්න ක්ලික් කර යුතු වෙනවා. නැවත පරිගනකයේ තිරය ක්‍රියාත්මක කරගැනීමට නම් කරන්න තිබෙන්නේ ඕනෑම "Key" එකක් එබීම හෝ "Mouse" එක සෙලවීම පමණයි.
ඒවගේම තමයි ඔබට අවස්තාව තිබෙනවා පරිගනකය ස්වයන්ක්රීයවම Lock කිරීමට "power-saving" mode එකට යන අතරතුර . ඒක හරියට පරිගනකය භාවිතා නොකරන අතරතුර "Screen Saver" එක මගින් පරිගනකය Lock කරනවා වගේ.
ඔබ මේ වන විටත් "Screen Saver" භාවිතා කරනවානම් එය ඔබේ කැමැත්ත විය හැකියි. නමුත් අප විසින් ඔබව දැනුවත් කරනු ලබනවා එමගින් විදුලි බලය නිකරුනේ නාස්ති වීමක් වෙන බවට. ඒවගේම ඔබට පුළුවන් සම්මුතියකට පැමිණීමට, ටිකවෙලාවක් "Screen Saver" එක ක්‍රියාත්මක වීමට සහ ඉන් පසුව ස්වල්ප මොහොතකින් "Display" එක Off වෙන ලෙස සකස් කිරීමට. උදාහරණයක් මගින් පැහැදිලි කරොත් පරිගනකය භාවිතා නොවෙන අවස්තාවේදී විනාඩි පහකින් පසුව "Screen Saver" එක ක්‍රියාත්මක වීමට සකස් කොට විනාඩි දහයකින් පසුව මොනිටර් තිරය Off වෙන විදියට සකස් කරගැනීමට පුළුවන්.
ඔබේ දැනුමට මෙම ලිපියෙන් වටිනා යමක් එකතු වුනා කියා ඔබ සිතනවානම් "Comment" එකක් මගින් අපිව දිරීමත් කිරීම සඳහා ඔබේ අදහස් දක්වන ලෙස කරුණාවෙන් යුතුව ඔබ දැනුවත් කර සිටිනවා.
very useful.tnx a lot
ReplyDeleteThere is a similar situation in LCD's as well..Its known as image retention..Which is also causes ghost artifacts to remain on the screen..It can be temporary most of the time.but there are cases where it can be permanent. Thats why screen savers are still used.
ReplyDeleteThis is true. The temporary variety happened to me on my Viewsonic VA1601w-LED. The writer of this blog post should learn more before posting this kind of article.
Delete@blogpost author:
Deletehttp://en.wikipedia.org/wiki/Image_persistence
^ Read more here. And next time, learn properly before you post bullshit on your blog.
This is not an issue with LCD/LED monitors. Plasma or older CRT's could have screen burn problems though.
DeleteActually, "image retention" ( "image persistence") on LCDs is a real thing. However, it differs from "burn-in" in that the condition is only temporary.
It can happen if the image displayed on the screen does not change for a very long time (which can be anywhere from an hour to several days depending on the monitor). Then, once you finally change what is displayed on the LCD display, you will see a faint "ghost" of the old image, which will eventually fade away (a few seconds to a few hours).
No damage is actually done, the crystals eventually return to their normal state.
http://en.wikipedia.org/wiki/Image_persistence
ayesh@ ඔබ තුමා ඉහතදී සඳහා කරන ලද දෝෂය ඇත්තටම LCD සහ LED තිර වලට බලපාන දෙයක් නෙවෙයි. නමුත් Plasma සහ CRT මොනිටර් වල මෙම ගැටලුව බරපතල විදියට පවතිනවා.
ReplyDeleteimage retention කියන එක සැබෑවටම LCD වල ඇති වෙන තත්වයක්. නමුත් මෙම ලිපියෙන් සඳහන් කෙරුණු "Burn in " කියන දෝෂයත් එක්ක බලනකොට එය වෙනස් වෙනවා. .
එය සිදු වෙනවා තිරය මත වෙනස් නොකර දීර්ඝ වෙලාවක් වෙලාවක් එකම පින්තූරයක් දිස් වීම නිසා. නමුත් ඉන් පසුව ඔබ එම පින්තූරය වෙනස් කර ටික වෙලාවකින් පසුව නැවතත් යතා තත්වයට පත් වෙනවා. එඑය CRT වල වගේ "Permanent Damage" එකක් නෙවෙයි.
ස්තූතියි !
Deleteඑළකිරි
ReplyDeleteela eal...
ReplyDeleteniyamai...
ReplyDeletepatta loweth ne
ReplyDeleteGood Article....
ReplyDeleteතවත් කරුණු කිහිපයක් එක් වුණොත් තවත් හොඳ වෙයි!....
ayeshk සහ anonymous නමින් මේකට විරුද්ධව වගේ comment දාපු අයට විශේෂයෙන් මේ ටික කියන්නෙ...
Screen Saver වල අවශ්‍යතාවය ලස්සණට විතරයි.... "Thats why screen savers are still used" no, that is not why... just for viewing pleasure..... Turning Of the display does everything screen savers used to do, it protects the screen, plus Saves Energy!!
Turn Off Display හැම පැත්තෙන්ම හොඳයි!...
අනික තමයි මම අහල තියන විදිහට නම් CRT වලත් පරණ ඒවගෙ තමා ඔය ලේඩේ තියෙන්නෙ... 2000 විතර වෙද්දි ඔය ලෙඩේ තිබිල නෑ.... ඒ කියන්නෙ අපි දන්න කාලෙ ඉඳල තිබ්බ CRT වල ඔය ලෙඩේ නෑ කියල තමයි කියන්නෙ. අනිත් එක තමයි 98, XP වගේ කාලෙ Windows වල default screen saver එක ON වෙලා එන්නෙ.... Win 7 (Vista මතක නෑ) ට පස්සෙ ඉඳන් Screen Saver එක OFF (Disable) වෙලා තියෙන්නෙ (NONE)... අපි enable කරන්න ඕනෙ.... Microsoft අය ඇයි එහෙම කරල තියෙන්නෙ??? ඒ screen saver වැඩක් නැති නිසා!.... අනික XP වල microsoft ලම ලස්සණ aquarium වගෙ screen saver තිබ්බ වෙනම... Service Pack Plus අමතර ඒවගෙ (මම කියන්නෙ 3rd party ඒව නෙමෙයි microsoft අයගෙම scr) ඒත් පස්සෙ ඒව එක්ක එහෙම screen saver තියනව මම නම් දැකල නෑ....
ඒක නිසා Display Off එක හැම පැත්තෙන්ම හොඳයි!...
කවද හරි වෙන article එකක් power consumption ගැනත් කතා කළොත් හොඳයි.... මොකද windows වල තියන Blank, Win XP, Marquee වගේ ගොඩක් screen saver වල Background එක කලුයි... කළු, අඳුරු background තියෙද්දි screensaver යුගයෙ මොනිටර් (CRT) වල power save වෙන නිසයි එහෙම එන්න ඇත්තෙ.... ඒත් LCD (ccfl, LED) ඒවගෙ dark, black රූප පෙන්නද්දි power වැඩියෙන් යනව.... ඒ කියන්නෙ blank screen saver එක දාල තියෙද්දි මොන්ටරෙන් උපරිම power ගන්නව (LCD අඩුවෙන් power ගන්නෙ තනි සුදු පෙන්නද්දි).... ගොඩක් අය මේක දන්නෙ නෑ!!! :/
I really appreciate your valuable comment bro
ReplyDeleteThis is very use full, any how now screen servers are seen very rarely !
ReplyDeleteGood........
ReplyDeletethnx machan
ReplyDeleteඉතා හොඳ ලිපියක්. මේ වගේ වෙනසක් හිතන අය තමයි රට ට වැදගත් වෙන්නේ. ස්තූතියි ඔබට!
ReplyDeleteithama watina lipiyak....
ReplyDeleteඇත්තටම වැදගත් ලිපියක්. බොහෝම ස්තූතියි..
ReplyDeleteThnx machan
ReplyDeleteThnx machan
ReplyDeletethanx dear...!
ReplyDeleteI'ts truth . Well don good idea this is very importation document ..........
ReplyDeleteTHANK YOU !!!!
Machan windows key eks press kalama koheda turn off display kiyala type karanne
ReplyDeleteSearch bar eke
ReplyDeleteelaaz mchn..
ReplyDelete