What is the difference between Jailbreaking, Rooting and Unlocking ?

Jailbreaking, Rooting, Unlocking වල ඇති වෙනස නිවැරදිව හඳුනා ගනිමු!





පරිගණක සමග සසඳන විට Phones සහ Tablet කියන්නේ තරමක් අගුලු දමා තිබෙන උපකරණ කියල කියන්න පුළුවන්. අන්න එම හේතුව නිසා තමයි Jailbreaking, Rooting සහ Unlocking කියන ක්‍රම මගින් ඒවා වල අගුලු බිඳදමා ඒවා විසින් පනවා තිබෙන සීමා මායිම් මගහැරයාමට Users ලාට සිදුවී තිබෙන්නේ. සමහර රටවල් වල ඔබ විසින් නීත්‍යානුකුලව මිලදී ගත් එම උපකරණ වලට මෙවැනි දේවල් සිදුකිරීමට නොහැකි වෙන ලෙස නීති පද්ධති සකස් කොට තිබෙනවා.නමුත් ප්‍රායෝගික මට්ටමේදී එම නීතී ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
 
Jailbreaking

Jailbreaking කියන්නේ එම උපකරණය නිපදවනු ලැබී ආයතනය විසින් එයට දමා තිබෙන සීමාවන් ඉවත් කිරීම සඳහා සිදු කරනු ලබන ක්‍රියාවලියක්. සාමාන්‍යයෙන් Jailbreaking කරන්නේ Apple සමාගම විසින් නිපදවනු ලබූ ios මෙහෙයුම් පද්දතිය ක්‍රියාත්මක වෙන iphone සහ iPad වගේ උපකරණ සඳහා පමණයි. එලෙස Jailbreaking කල පසුව Apple සමාගම විසින් එයට දමා තිබු සියලු අවහිර තාවයන් ඉවත්ව යනවා. ඒවගේම තමයි Apple Apps Store එකට පිටින්  Third-Party මෘදුකාංග install කරගැනීමටත් අවස්තාව හිමි වෙනවා ඉන් පසුව. 

ඒවගේම තමයි එක හා සමාන සීමාවන් පනවා තිබෙන උපකරණ සඳහාත් Jailbreaking ක්‍රියාවට නැංවීමට පුළුවන්. උදාහරණයක්  විදියට Microsoft සමාගමේ Windows RT මෙහෙයුම් පද්දතිය Jealbreak කර ඉන් පසුව Windows විසින් අනුමත නොකරන Desktop Application වුනත් install කිරීමට හැකියාව ලැබෙනවා. මොකද Windows RT වලට ස්ථාපිත කිරීමට සඳහා අවසර ලබන්නේ Microsoft විසින් ලියන ලද Software පමණයි. 

Microsoft සහ  Apple වගේ ආයතන වලට කිසිඳු අවශ්‍ය තාවයක් නැහැ ඔවුන් විසින් පනවා තිබෙන එම සීමාවන් මග හරවා ඔබට යන්න දීමට. මොකද ඔබ Jailbreak කොට Third-Party මෘදුකාංග ස්ථාපිත කිරීම එම මෙහෙයුම් පද්දතියේ ආරක්ෂාවට බලපෑමක් එල්ල කරන නිසා. 

නමුත් Android මෙහෙයුම් පද්දතිය භාවිතා කරන Users ලාට නම් Third-Party මෘදුකාංග ස්ථාපිත කිරීම සඳහා එම උපකරණය Jailbreak කිරීමට අවශ්‍ය වෙන්නේ නැහ. මොකද Android විසින් ඒ සඳහා එයට අවසර ලබා දී තිබෙන නිසා. 



Rooting
Root කිරීම පිළිබඳව තවත් විස්තරයක් ඉදිරිපත් කිරීම අනවශ්‍යයි කියල හිතනවා මොකද ඒ පිළිබඳව සම්පූර්ණ පැහැදිලි විස්තරයක් අප විසින් මින් පෙර ඉදිරිමත් කොට තිබෙන නිසා. එය කියවීම සඳහා මෙම පහත තිබෙන ලින්ක් එක ක්ලික් කරන්න.






Unlocking a Bootloader

Android කියන්නේ Open Source මෙහෙයුම් පද්දතියක් කියල හැමෝම දන්නවනේ. එක නිසා ඔනම් කෙනෙකුට පුළුවන් වෙනවා එහි තිබෙන "Source Code" එක අරගෙන එය කැමති විදියකට සංස්කරණය කොට තමන්ගේම සංස්කරණයක් හදා ගැනීමට. උදාහරණයක් විදියට "Cynogenmod" වගේ "Custom Roms" හඳුන්වන්න පුළුවන්. එයට අමතරව බොහොමයක් "Custom Roms" Android සඳහා ලබා ගැනීමට හැකියාව  තිබෙනවා.  

කොහොම නමුත්  බොහොමයක්  Android දුරකථන පැමිණෙන්නේ Lock කරන ලද "Bootloader" සමගින්. එම හේතුව නිසා එම දුරකථන වලට install කිරීමට පුළුවන් වෙන්නේ Android විසින් අනුමත කරන ලද සංස්කරණ පමණයි . එම "Bootloader' එක Unlock කරගත් පසුව ඕනෑම  "Custom Rom" එකක් ස්ථාපිත කරගැනීමට පුළුවන් වෙනවා. එවග්මේ Android නොවෙන මෙහෙයුම් පද්දතියක් වුනත් install කිරීමට ඉඩ ලැබෙනවා. 



Unlocking a Phone


සමහර දුරකථන නිපදවන ආයතන ඔවුන්ගේ දුරකථන නිෂ්පාදනය කරන්නේ විශේෂිත Carrier (Mobile Network) එකක් සඳහා ක්‍රියාත්මක වෙන ආකාරයට පමණයි. අනෙකුත් Mobile Networks සඳහා එම දුරකථන සහයෝගය දක්වන්නේ නැහැ. ඒ මොකද ඔවුන් එම Carriers ලා සමග ගිවිසුම් වලට එකඟ වී තිබෙන නිසා. ඔබේ වෙනත් Carrier's Network එකක SIM පතක් දුරකතනයට ඇතුලත් කල විට පණිවිඩයක් මගින් ඔබට දැනුම් දෙනු ලබනවා ඔබේ දුරකථනය Lock වී තිබෙන බවත් එම SIM පත මෙම දුරකථනය සමග භාවිතා කිරීමට නොහැකි බවත්. 

දුරකථනය Unlock කිරීමේන් පසුව ඕනෑම SIM පතක් දුරකතනයට ඇතුලත් කිරෙමට පුළුවන් වෙනවා. Unlock කිරීම සඳහා අවශ්‍ය වෙනවා "Unlock Code" එකක්.  බොහොමයක් "Carrier's" ලා විසින් එම "Unlock Code" නිකුත් කරනු ලබන්නේ ඔවුන්ගේ ගිවිසුම් කාලය ඉවත් වූ පසුවයි. නමුත් "Carrier" ගේ අවසරය නොමැතිව වුනත් දුරකථනය Unlock කිරීම සඳහා ක්‍රම තිබෙනවා.

 



හැම කෙනෙක්ටම අවශ්‍ය වෙන්නේ නැහැ Jailbreaking, Rooting සහ Unlocking කිරීමට. මොකද ඒ සඳහා වෙන් වූ විකල්ප තිබෙන නිසා 
 

14 comments:

  1. දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා. නියමයි!

    ReplyDelete
  2. iphone carrier unlock karane kohomada dannawada?

    ReplyDelete
    Replies
    1. widiyak thiyenawa ..eth salli yanwa machan.....carrier eka anuwa thama gaana depend wenne :)

      Delete
  3. jailbreak කලාම divice එකට වෙන්න පුලුවන් හානි මොනවද???

    evasion jailbreak කියන එක ipad mini වලට හොඳයිද..??? උදවු...!!!!

    ReplyDelete
    Replies
    1. Jail break karama official update eka labenne naha apple walin

      Delete
  4. Greentel safari phon ekata sinhala install karanne kohomada

    ReplyDelete
  5. jelibreak karapu apple device ekakata apps install karana widiya post ekak danna puluwanda??

    ReplyDelete
  6. machn dell laptop ekakata iso danna barida?mac wala thiyenawa wage ehema puluwan seen 1k thiyenawa nm post 1k dapankoo

    ReplyDelete
  7. Samaung galaxy pocket plus root karana widiya kiyannako mona wunath good post ekak

    ReplyDelete
  8. dialog i35 eka unlock karanna puluwanda

    ReplyDelete