Ransomware: Why This New Malware is So Dangerous and How to Protect Yourself
"Ransomeware" කියන භයානක "Malware" වල ගොදුරක් වීමට ප්‍රථම ඒ පිළිබඳව දැනුවත් වෙමු.
"Ransomeware" කියන්නේ ඔබේ මුදල් පැහැරගැනීම සඳහා නිර්මාණය කරපු එකතරා ආකාරයක "Malware" වර්ගයට ඇතුලත් වෙන වෛරස් එකක් කියල කියන්න පුළුවන් . එමගින් සිදු කරනු ලබන්නේ ඔබේ Files සිරකරගෙන ඔබෙන් කප්පම් මුදලක් ලබා ගැනීම සඳහා රඳවා තබා ගැනීමයි. කප්පම් මුදල වශයෙන් විශාල මුදලක් ගෙවීමට ඔබට සිදු වෙනවා.
මෙවැනි ආකාරයේ Malware නිර්මාණය කරනු ලබන්නේ වංචනික ලෙස මුදල් උපයා ගැනීම සඳහා සංවිධානය වෙච්ච පිරිසක් විසින්.
"Ransomware" ක්‍රියාත්මක වෙන්නේ කෙසේද ?
හැම Ransomware එකක්ම හඳුනාගැනීමට පහසු ඒවා නෙවෙයි.ඔබෙන් කෙලින්ම මුදල් ලබා ගැනීම සඳහා නිර්මාණය කරපු Malware එකක් තමයි "Ransomeware" එකක් කියන්නේ.
එවැනි ආකාරයේ Ransomware සමහරක් පැමිණෙන්නේ වෙස් වලාගෙනයි. උදාහරනයක් විදියට ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින විට හදිසියේම පැන නගින පණිවිඩයක් මගින් ඔබට පවසා සිටිනවා ඔබේ පරිගනකය වෛරස් එකකින් අසාධනය වී ඇති බවත්. එම වෛරස් එක ඉවත් කරගැනීම සඳහා ඔවුන් විසින් නියම කරන මෘදුකාංගයක් මිලදී ගන්න ලෙස ඔබව පෙළඹවීමට උත්සහ කරනවා.
තවත් ආකාරයක් නම් කෙලින්ම ඔබ ඉදිරියේ පෙනී සිට ඔබේ මෙහෙයුම් පද්දතියේ ගැඹුරටම කිඳා බැස පණිවිඩයක් මගින් ඔබට පවසා සිටිනවා ඔබ විසින් මුදල් ගෙවනවානම් පමණක් ඉවත්ව යන බවට. මේ ආකාරයේ වෛරස් එකක් නම් "Malware Removal Tool" එකක් මගින් හෝ නැවත windows මෙහෙයුම් පද්දතිය අලුතෙන් ස්ථාපනය කිරීමෙන් ඉවත් කරගැනීමට පුළුවන් වෙනවා.
අවාසනාවකට සමහර "Ransomware" ඉතාමත් ප්‍රභල වෙනවා. උදාහරණයක් විදියට "Cryptolocker" කියන Ransomware එක හඳුන්වන්න පුළුවන්. එය පරිගනකයට ඇතුල් වූ ක්ෂණිකව ඔබේ Files Encrypt කිරීම ආරම්භ කරනවා. ක්‍රමයෙන් මුළු පද්දතියම ආක්‍රමණය කරනවා. ඉන් පසුව ඔබේ Files ඔබට නැවත අරගනීමට අවශ්‍යනම් ඔවුන්ගේ "Encryption Key" එක මුදල් ගෙවා ඔබ ලබා ගත යුතු වෙනවා. එම මුදල ඩොලර් 300 ක් හෝ ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. ඔබ එම මුදල් ලබා දුන් පසුව ඔබේ Files ඔබට නැවත අරගනීමට හැකියාව තිබෙන එම key එක ඔවුන්ගෙන් ඔබට ලැබෙනවා.
ඔබේ Files "Ransomware" වලින් ආරක්ෂා කරගමු!
මේ ආකාරයේ "Ransomware" කියන්නේ හොද උදාහරණයක් ඔබ විසින් ඔබේ වටිනා Files නිරතුරු "backup" කරගෙන තබා ගත යුතු බව ඔබට කියා දෙන. සාමාන්‍යයෙන් ඔබ විසින් වෙනම Hard Drive ඒකකට ඔබේ වටිනා Files backup කරතබා ගත යුතු වෙනවා. මොකද මෙවැනි ආකාරයක අනුතරකට ඔබ ලක්වුණා හොත් ඔවුන් විසින් නියම කරන එම කප්පම් මුදල ඔබට ගෙවා ගත නොහැකි වුනොත් ඔවුන් විසින් ක්ෂණිකව මකා දමනු ලබනවා ඔබේ Files.
"Ransomware" මග හරින්නේ කෙසේද?
ඉහත ආකාරයට backup කරගැනීම හැරුන කොට. ඔබට "Ransomware" මග හැරීමට පුළුවන් වෙනවා ඔබ විසින් අනිකුත් "Malware" වර්ග මග හරින ආකාරයටම. "Cryptolocker" කියන තර්ජනාත්මක "Ransomware" එක පැමිණෙන්නේ E-Mail එකක "Attachment" එකක් විදියට, Java plug-in එකක් විදියට වගේ.
- හොඳ ප්‍රති වෛරස මෘදුකාංගයක් භාවිතා කරන්න. එයින් ඔබට පුළුවන් වෙනවා "Ransomware" පැමිණෙන මාර්ග අවහිර කිරීමට. ප්‍රති වෛරස මෘදුකාංග කියන්නේ සර්ව සම්පූර්ණ ඒවා නෙවෙයි. ඔබ විසින් එවැනි Virus එකක් ක්‍රියාත්මක කරොත් එයින් එම වෛරස් එක පරිගනකයට ඒමට ඉඩ තිබෙනවා. නමුත් එය ආරක්ෂාව සඳහා භාවිතා කරන්න පුළුවන් හොඳ ස්ථරයක් වෙනවා.
- සැකසහිත Files Run කිරීමෙන් වලකින්න. මොකද "Ransomware" එකක් ".exe" file එකක් විදියට පැමිණෙන්න පුළුවන් නිසා.ඒවගේම තමයි ඔබ අන්තර්ජාලයෙන් බාගත කරගෙන Install කිරීමට සැරසෙන මෘදුකාංගයක සැඟවී එයට පැමිණීමට පුළුවන්. එම නිසා හොඳ අවධානයෙන් පසුවන්න.
- නිතරම මෘදුකාංග යාවත්කාලීන කරගෙන තබා ගන්න. "Web Browser" එකක පරණ සංස්කරණයක්, පැරණි මෙහෙයම් පද්දතියක්, භාවිතා කිරීම නිසා පහසුවෙන්ම "Ransomware" එකකට ඔබේ පරිගනකයට ඇතුල්වීමට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔබේ පරිගනකයට java ස්තාප්ත කර තිබෙනම් එය Uninstall කිරීම වඩා නුවනට හුරුයි. මොකද මෙවැනි වෛරස් වලට java කියන්නේ හොඳ තෝතැන්නක්.
"Cryptolocker" කියන Ransomware එක වඩාත් දරුණු ප්‍රභල එකක් වෙනවා. මොකද එයට අවශ්‍ය වෙන්නේ එහි ස්වාමියාට කප්පම් වශයෙන් ඔබගෙන් මුදල් ලබා දීමයි. ඔබේ Files රඳවා ගෙන තිබීම වඩාත් බුද්ධිමත් ක්‍රමයක් වෙනවා ප්‍රති වෛරස් මෘදුකාංගයක් මගින් ඉවත් කිරීම වැලැක්වීම සඳහා. මොකද ඔබ වෛරස් එක ඉවත් කිරීමට උත්සහ කරොත් එමගින් රඳවා ගෙන තිබෙන ඔබේ Files මැකී යන නිසා. නමුත් ඔබේ වටිනා Files ඔබ backup කරගෙන තබා ගන්නවානම් තරමක් හෝ එයින් වෙන හානිය ඔබට අවම කරගැනීමට පුළුවන් වෙනවා.
ඔය case එකක් මටත් pc එකක උනා , අයින් කරන්න ලේසියි ..
ReplyDeleteඅපේ යාලුවොන්ට දැනගන්නත් එක්ක කියන්නකෝ ඔය එක ඉවත් කර විදිය ?
ReplyDeletenorton virus guard1 hodaida me wadeta?
ReplyDeletebitdefender thami hodama
DeleteMe aiye apps lanka eke androud app eke back yanna button ekak develop karannako button eka nathuwa epa wenawa machanla
ReplyDeleteOk. api eka idiriyedi athulath karannam. Thanku you
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඔන්න අපි කියෙව්වා අනිත් යට කියවන්ඩ page එකේ share කරා
ReplyDeleteහරි එහෙනම් සෙට් වෙලා ඉමු.
ReplyDeleteThis Post is very important one Brother! :) thnq soo much!!
ReplyDeleteElaz, thanx 4 da information
ReplyDeleteResycle,shortcut virese gana lipiyak dantakoooo.... plz eken maha wadayak
ReplyDeleteUse best virus guard ever AVG...........(not free version)
ReplyDeleteUse best virus guard ever AVG...........(not free version)
ReplyDeleteActivate kare kohmada??
DeleteThanks for infomation
ReplyDelete