Microsoft now recommends you use a Third-Party Antivirus
Microsoft සමාගම විසින් Third- Party Antivirus මෘදුකාංගයක් ස්ථාපිත කිරීමට නිර්දේශ කරයි.
මීට කාලයකට පෙර Microsoft Security Essentials ( Windows Defender - Windows 8) කියන ඇන්ටි වෛරස් මෘදුකාංගය ගොඩක් ඉදිරියෙන් සිටියා. ඇන්ටි වෛරස් මෘදුකාංග පිළිබඳව පැවැත්වූ පරීක්ෂණ මගින් දිගින් දිගටම එහි අසාර්ථක භාවය පිළිබිඹු වෙද්දී. Microsoft සමගම විසින් එම පරීක්ෂණ පිළිගත යුතු මට්ටමක නොමැති බවට එම ආයතන සමග තර්ක කිරීමට පෙළඹුනා. නමුත් අද වන විට Microsoft සමාගම විසින් Windows මෙහෙයුම් පද්දතිය භාවිතා කරන Users ලාට වෙනත් Anti-Virus මෘදුකාංගයක් ස්ථාපිත කර ගැනීමට නිර්දේශ කොට තිබෙනවා.
ශක්තිමත් ආරම්භයක්
2009 වර්ෂයේදී හොඳම ප්‍රති වෛරස මෘදුකාංග ශ්‍රේණිගත කිරීමේදී Microsoft සමාගම විසින් නිර්මාණය කරපු Microsoft Security Essentials කියන ප්‍රති වෛරස මෘදුකාංගය එම ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණේම සිටියා. ඒවගේම තමයි AV- Comparatives.org කියන ආයතනය මගින් වසරේ විශිෂ්ටම ප්‍රති වෛරස මෘදුකාංගය හැටියට Microsoft Security Essentials නම් කොට තිබුනා.
MSE මෘදුකාංගයේ Malware වගේ වෛරස හඳුනා ගැනීමේ අගය ඉතා ඉහල මට්ටමක තිබුනා. නොමිලේම ලබා දෙන එකක් වුනත් එහි ඉතාමත් හොද වේගයක් තිබුනා. අනෙකුත් ප්‍රති වෛරස මෘදුකාංග වගේම එහි මුදල්ගෙවා ලබාගැනීමට හැකියාව තිබෙන ඉහල ගුණාත්මක භාවයකින් යුතු සංස්කරනයකුත් තිබෙනවා. එම කාලය වෙන විට එහි තිබුන වඩාත් ඉහල ආරක්ෂාව නිසා Windows මෙහයුම් පද්දතිය භාවිතා කරන පුද්ගලයින්ට වෙනත් ප්‍රති වෛරස මෘදුකාංගයක අවශ්‍යතාවයක් තිබුනේ නැහැ.
windows වල අලුත්ම සංස්කරණය වෙන Windows 8 සඳහා Windows Defender ලෙස අලුත් නමකින් එය ඇතුලත් කොට තිබෙනවා. Windows 8 වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා Micrsoft සමාගම විසින් අරගත් ඉතාමත් වැදගත් පියවරක් ලෙස එය හඳුන්වන්න පුළුවන්.
ලකුණු සටහන්වල පසුබෑම සහ නිදහසට කරුණු දැක්වීම
පසුගිය වසර කිහිපය තුල Microsoft Security Essentials සතු Malware වගේ වෛරස හඳුනා ගැනීමේ හැකියාව ඉතාමත් අභාග්‍ය සම්පන්න ලෙස පහත වැටී තිබෙනවා. 2011 වර්ෂයේ පැවැත්වූ වාර්ෂික ප්‍රති වෛරස මෘදුකාංග ප්‍රතිපල සටහනේ අවසාන තැන හිමිවුනේ Microsoft සමාගමේ Microsoft Security Essentials කියන ප්‍රති වෛරස මෘදුකාන්ගයටයි. 2013 ජුලි මස පළවූ ප්‍රති වෛරස ප්‍රතිපල සටහනේ Microsoft Security Essentials ඉදිරියේ සටහන් වී තිබුනේ ලකුණු 0 වගේ ඉතාමත් අවම ලකුණු ප්‍රමාණයක් බව ඔබ දන්නවාද? එයට සම කාලීනව Denis Technology Lab මගින් පල කර තිබු ප්‍රති වෛරස මෘදුකාංග ප්‍රතිපල සටහනද ඉහත ප්‍රතිපල සටහනට සමාන කිරීමට පුළුවන් වෙනවා.
2013 වර්ෂයේ ජුලි සහ අගෝස්තු වර්ෂ වල ප්‍රති වෛරස මෘදුකාංග පිළිබඳව එලි දැක්වූ ප්‍රතිපල සටහනේ පහලම තිබෙන්නේ Microsoft Security Essentials මෘදුකාංගය බව මෙම පහත තිබෙන සටහනින් ඔබට දැකගන්නට පුළුවන්.
මේ කාලය වන විට Microsoft සමාගම විසින් දිගින් දිගටම එම ප්‍රතිපල සටහන් පිළිගත හැකි මට්ටමක නොමැති බව ලෝකයාට ඒත්තු ගැන්වීම සඳහා තර්ක විතර්ක ඉදිරිපත් කරනු ලැබුවා.
Microsoft ආයතනය සියලු උත්සහයන් අතහරියි
Microsoft Security Essentials හී නිල වෙබ් අඩවිය මගින් පොරොන්දුවී සිටිනවා ඉතා ඉහල මට්ටමක ආරක්ෂාවක් Malware වගේ වෛරස සඳහා ඔවුන් විසින් සපයන බවට. නමුත් මේ වන විට Microsoft සමාගමේ නිල වෙබ් අඩවිය මගින් පවසන්නේ Microsoft Security Essentials මගින් ඔබේ පරිගණකයට ලැබෙන්නේ මුලික ආරක්ෂාවක් පමණක් බවයි.
Dennis Protection Lab කියන ආයතනය සමග පැවැත්වුණු සම්මුක පරීක්ෂනයකදී Microsoft ආයතනයේ Senior Program Manager වන Holly Stewert මහත්මිය ඒ පිළිබඳව කරුණු දක්වමින් පවසා සිටියේ Microsoft Security Essentials කියන්නේ මුලික මට්ටමේ ආරක්ෂාවක් පමණක් ලබා දීමටම නිර්මාණය කරපු ප්‍රති වෛරස මෘදුකාංගයක් බවත් එය ප්‍රතිපල සටහන් වලින් පහලට වැටීම පුදුමයට කරුණක් නොවෙන බවයි. ඒවගේම වඩා හොඳ ආරක්ෂාවක් බලාපොරොත්තු වෙනවානම් ඒ සඳහා Third-Party ප්‍රති වෛරස මෘදුකාංගයක් ස්ථාපිත කර ගත යුතු බවයි.
එතුමිය විසින් එසේ ප්‍රකාශ කර සිටියත් තවදුරටත් තර්ක කරනු ලබනවා මුලික මට්ටමේ ආරක්ෂාවක් කියල කියන්නේ වඩාත් පහල මට්ටමක් නොවන බව.
එසේනම් ඔබ විසින් තෝරාගත යුතු වෙන්නේ කුමක්ද
ඉහල ආරක්ෂාවක් සපයන වඩාත් හොඳ ප්‍රති වෛරස මෘදුකාංගයක් තෝරාගැනීම සඳහා ඔබට "Antivirus Test " වෙබ් අඩවියක් මගින් සහය පැතීමට පුළුවන්. වාසනාවකට නුතන ප්‍රති වෛරස ප්‍රතිපල සටහන් වලට අනුව එක දෙයක් වෙනස් වෙලා නැහැ, අප විසින් මේ වන විටත් මුදල් ගෙවා ලබා ගන්න පුලුවන් වෙන ප්‍රති වෛරස මෘදුකාංග නිර්දේශ කරනු ලබන්නේ නැහැ. මොකද නොමිලේම ලබා ගන්න පුළුවන් වෙන ඉහල ගුණාත්මක භාවයකින් යුතු ප්‍රති වෛරස මෘදුකාංග තිබෙන නිසා.එම ප්‍රති වෛරස ප්‍රතිපල සටහන් වල ඉහල ලකුණු ලබා ගැනීමට "Avast Free Antivirus" මෘදුකාංගය සමත් වී තිබෙනවා. අවාසනාවකට එය Microsoft Security Essentials වලට වඩා තරමක් බරින් වැඩියි. එහි Interface එක භාවිතා කරන්නාට එතරම් සහයෝගයක් දක්වන්නේ නැහැ. ඒ වගේම තමයි එමගින් ඔබට නිතරම ඇවිටිලි කරනු ලබනවා එහි මුදල් ගෙවා ලබා ගැනීමට හැකියාව තිබෙන සංස්කරණය ලබා ගන්නා ලෙසට. කොහොම නමුත් අප විසින් Avast වල නොමිලේ ලබා ගැනීමට පුළුවන් වෙන සංස්කරණය නිරේදේශ කරනු ලබනවා Average Users ලා සඳහා.
Avast ප්‍රති වෛරස මෘදුකාංගය බාගැනීමට පහත තිබෙන link එක ක්ලික් කරන්න
vatina lipiyak nodanna deaval godak dana gattha oyata thankzzz
ReplyDeletethanks machan
ReplyDeletemachan meka sureda? Microsoft web site ekenam kiyala nane
ReplyDeleteESET NOD32 ANTIVIRUS 7 download karaganna activation cod eka magan illanna
DeleteYou Could get BitDefender for free even. It has a free version.
ReplyDeletemona jaravakda ESET NOD32 ANTIVIRUS 7 download karaganna
Deleteman nam dan awrudu 3 kthisse avast dan inne. asawakata virus ekak awe na.
ReplyDeleteESET NOD32 ANTIVIRUS 7 download karaganna activation cod eka magan illanna
Deleteniyamai yaluwa
ReplyDeleteNiyamai
ReplyDeleteAVG Godak Hondai..
ReplyDeleteela kiri, mageth thiyenne mse e unata mata nam avast free ekata wada eka hodata weda karanawane.mama kalin dala thibune avast eth virous allanne ne hariyata
ReplyDeleteදවස් 30ක් විතරයිද FREE තියෙන්නෙ ?..........
ReplyDeleteESET NOD32 ANTIVIRUS 7 download karaganna
Deleteavast eken windows xp wala rundll32.exe file eka delete karnwne...a withrak newi games wla .exe file serama delete karnwa..eka nathi karnne kohomada ? plzzzzzzz loku help ekak....
ReplyDeleteavast jarava ain karala ESET NOD32 ANTIVIRUS 7 download karaganna
Deleteමගෙත් කලින් තිබුනේ avast. එකට වඩා msc එක හොඳින් වැඩ කරනවා
ReplyDeleteWindows 8 walata wada krnne nane
ReplyDeleteESET NOD32 ANTIVIRUS 7 download karaganna
Deletesuperb.........
ReplyDeleteaparade mse .wena hoda deyak nedda
ReplyDeletedawas 30k witharada free thiyenne..kalin thibba eka wagemane.dawas 30i free kiyalane kiyanne.
ReplyDeleteoyab install karala thiyenne trial period ekakakta, Free eka ganna, eka awuruddakma free use karann apulwuan
DeleteESET NOD32 ANTIVIRUS 7 download kara ganna
Deletewatinawa
ReplyDeletegodak watinawa...thanks
ReplyDeleteMicrosoft security essentials free download karaganna link ekak tiyanawanam dennako
ReplyDeleteavas eka hodai kiyanna tanikara boruwak ESET NOD32 ANTIVIRUS 7 /ESET SMART SECURITI 7 Ekatai gahanna hoda program na
ReplyDeleteyaluwana ESET NOD32 ANTIVIRUS 7 download karaganna elaz
ReplyDeletemage thiyenneth avast me wenakan virus awilla ne matanam.
ReplyDeleteESET NOD32 Antivirus 7 eke activation code eka dennakoo... :)
ReplyDeleteESET eke activation code eka meya wikunananawa eka hodai kiya kiya he he
ReplyDelete