Usefull features hidden in VLC player
VLC Player එකෙන් කරගන්න පුළුවන් ඔබ මෙතෙක් නොදැන සිටි දේවල් කිහිපයක්
VLC Player එක ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඒ තරමටම පරිගණක භාවිතා කරන්නන් අතර VLC ජනප්‍රිය වෙලා තියෙනවා. නමුත් වැඩි දෙනෙක් එම Player එක භාවිතා කරන්නේ පරිගණකයේ තිබෙන Video Files නැරඹීමට පමණයි. නමුත් VLC player එකෙන් බොහොමයක් ප්‍රයෝජනවත් දේවල් කරගැනීමට හැකියාව තිබෙනවා.
Convert Media Files
VLC Player එකට හැකියාව තිබෙනවා එහි Play කිරීමට හැකියාව තිබෙන ඕනෑම File Format එකකට Video Convert කිරීමට. එම පහසුකම මගින් ඔබට හැකියාව තිබෙනවා ඔබේ ජංගම දුරකථනය සඳහා අවශ්‍ය කරන Video වල ප්‍රමාණය කුඩා කරගැනීමට වගේ දේවල් කරගැනීමට. ඒවගේම Video එකකින් Audio එක වෙන් කොට එය වෙනම File එකක් විදියට Save කරගැනීමටත් පුළුවන් වෙනවා.
එම පහසුකම ලබාගැනීම සඳහා Media Menu එක ක්ලික් කොට Convert / Save තෝරන්න. ඉන් පසුව ඔබට Convert කරගැනීම සඳහා අවශ්‍ය වෙන File එක Load කර පෙන්වන්න. මීළඟට එම File එක Convert කිරීමට අවශ්‍ය වෙන Format එක නිවැරදිව තෝරන්න.
එම පහසුකම ලබාගැනීම සඳහා Media Menu එක ක්ලික් කොට Convert / Save තෝරන්න. ඉන් පසුව ඔබට Convert කරගැනීම සඳහා අවශ්‍ය වෙන File එක Load කර පෙන්වන්න. මීළඟට එම File එක Convert කිරීමට අවශ්‍ය වෙන Format එක නිවැරදිව තෝරන්න.
VLC Player එක මගින් හැකියාව තිබෙනවා ඔබගේ Local Network එක හරහා හෝ අන්තර්ජාලය හරහා Media Stream කිරීමට. එය කරගැනීම සඳහා Media Menu එක මත ක්ලික් කොට එහි තිබෙන Stream කියන එක තෝරන්න. ඉන් පසුව Stream කිරීමට අවශ්‍ය වෙන Media file එක තෝරා අවසානයෙදී "Stream" බටන් එක ක්ලික් කරන්න. ඒවගේම තමයි VLC Player එක Media Server එකක් බවට පත් කොට ලෝකයේ ඕනෑම තැනක සිටින කෙනෙකුට එයට සම්බන්ධ වී Stream කොට ඒවා දැක බලා ගැනීමටද අවස්තාව හිමිකොට දීමට හැකියාව තිබෙනවා.
Record Your Desktop
VLC එකට පුළුවන් Input Device එකක් විදියට Desktop එක Load කරගැනීමට. එයින් අදහස් කරන්නේ ඔබට හැකියාව තිබෙන බවට Convert /Save පහසුකම මගින් ඔබේ Desktop එකේ Video එකක් Save කරගැනීමට. එම පහසුකම මගින් Screen Capture මෘදුකාංගයක් විදියට VLC භාවිතා කරන්නත් පුළුවන් වෙනවා. ඒවගේම ඔබට හැකියාව තිබෙනවා ඔබේ Desktop එකේ සජීවී වීඩියෝ එකක් Internet එක හරහා හෝ Network එකක් හරහා Broadcast කිරීමට. ඒ සඳහා වෙනත් කිසිඳු මෘදුකාංගයක් අවශ්‍ය වෙන්නේ නැහැ.
Watch YouTube Videos
ඔබට අවශ්‍යද YouTube එකේ තිබෙන වීඩියෝ ඔබේ ප්‍රියතම Player එකෙන් නැරඹීමට. එසේනම් එය පහසුවෙන්ම ඔබට කරගැනීමට පුළුවන් VLC Player එකෙන්. ඔබට අවශ්‍ය කරන YouTube වීඩියෝ එකේ URL එක පමණයි ඔබට අවශ්‍ය වෙන්නේ.
ඉහත පින්තූරයේ තිබෙන පරිදි ඔබට අවශ්‍ය කරන වීඩියෝ එකේ URL එක Copy කරගන්න. දැන් Media Menu එක ක්ලික් කොට Open Network Stream තෝරන්න.ඉන් පසුව ඔබ ඉහතදී Copy කරගත් වීඩියෝ එකේ URL එක එම BOX එකට paste කරගන්න. ඉන් පසුව ස්වල්ප වෙලාවකින් පසුව VLC විසින් එම Video එක VLC Player එකේ Play වීමට පටන් ගනු ලබනවා.
Use a Video Wallpaper
VLC මගින් කරගන්න පුළුවන් තවත් වැඩක් තමයි යම්කිසි වීඩියෝ එකක් ඔබේ පරිගණකයේ Desktop එකට Wallpaper එකක් විදියට ඇතුලත් කරගැනීමට පුළුවන් වීම. ඇත්තටම එය සැබවින්ම පප්‍රයෝජනවත් දෙයන් නෙවෙයි. නමුත් බොහොමයක් Player වල මෙම පහසුකම ඇත්තේ නැහැ.
එය කරගැනීම සඳහා VLC එකේ තිබෙන Preferences Window එකට යන්න. ඉන්පසුව එහි තිබෙන Video Icon එක ක්ලික් කරගෙන Output Box එක සඳහා "Directx (Direct Draw)" කියන එක තෝරන්න. මීළඟට VLC Player එක Restart කරගන්න ඉන්පසුව වීඩියෝ එකක් Load කරගෙන Video Menu එකට ගොස් එහි තිබෙන "Set as wallpaper" කියන Option එක තේරීමෙන් පහසුවෙන්ම එම වීඩියෝ එක Wallpaper එකක් විදියට භාවිතා කිරීමට පුළුවන් වෙනවා.
මෙහි සඳහන් නොවුන් VLC Player එකෙන් කරගන්න පුළුවන් ප්‍රයෝජනවත් de තිබෙනවානම් Comment එකක් මගින් අපිව සඳහන් කරන්න.
Good Work .
ReplyDeletegood
ReplyDeleteela machn thanks...
ReplyDeletemeke wallpaper eke wadenam maru
ReplyDeletemeke wallpaper eke wadenam maru
ReplyDeletevlc stream karama web add aka hoyaganne kohomada
ReplyDeletethax machan
ReplyDeletepatta bn
ReplyDeletethanx bn elaz elaz
ReplyDeletegood
ReplyDeleteඔකේ සිංහල බසාවත් තියනවා tools>preferences> සිංහල බාසාව තෝරලා sava කරන්න
ReplyDeleteniyamai
Deleteපට්ට.අද තමා ඕවා දැනගත්තේ.ඔච්චරකල් කරේ video බලපු එක විතරනේ
ReplyDeleteela ela.supiri.
ReplyDeletemaru wedak!!
ReplyDeleteniiyamai niyamai ආ..............................
ReplyDeletegood job...........
ReplyDeleteela ela maxxxa wadak
ReplyDeletedirectx (direct drw) select karama rosa pata screen 1k denne video 1 penne ne.
ReplyDeletereally thanx for this info...cheers...hemz
ReplyDeleteelaaa
ReplyDeletebalassoriya back
ReplyDeletewebcam eka VLC eken balannath puluwan,,,,video Record karanna puluwan,,,,video wala photos ganna puluwan
ReplyDeleteniyamai machan
ReplyDeleteසුපර් මචං . . තෑන්ක්ස් . . . .
ReplyDeletepattta
ReplyDeleteniyamaaaaaaaaaaaaaaaaaaaaaaaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
ReplyDeletegood
ReplyDeleteElazzzz
ReplyDelete