Five new things you can do with iOS 7

Apple iPhone iOS 7 මෙහෙයුම් පද්දතියේ තිබෙන සුවිශේෂී පහසුකම් 5ක් 




iOS 7 මෙහෙයුම් පද්දතියේ තිබෙන විශේෂත්වය iOS 6 මෙහෙයුම් පද්දතිය සමග සසඳන විට එහි තිබෙන වෙනස්ම මුහුණුවර පමණක් නෙවි. iOS 6 වල නොමැති අලුත් පහසුකම් විශාල සංඛ්‍යාවක් එහි අන්තර්ගත කොට තිබෙනවා. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ මීට පෙර iOS මෙහෙයුම් පද්දති වල නොතිබුණු iOS 7 මෙහෙයුම් පද්දතියේම පමණක් තිබෙන සුවිශේෂී වූ පහුකම් 5ක් පිළිබඳවයි. 



Block Phone Numbers

හැමකෙනෙක් සතුවම තිබෙනවා දුරකථන අංක නාමාවලියක් ඔවුන්ගෙන් ඇමතුමක් ලැබුනත් එය ලබා ගැනීමට අකමැති . උදාහරණයක් විදියට කරදරකාරී නෑදෑයන්, ඔබට නිතර ඇමතුම් ගෙන කරදර කරන පුද්ගලයන් වගේ ය සඳහන් කරන්න පුළුවන්. දැන් ඔබට හැකියාව තිබෙනවා iOS 7 විසින් එම පුද්ගලයන්ගේ දුරකථන අංක පමණක් Block කර දැමීමට.

Block කිරීමට අවශ්‍ය වෙන දුරකථන අංක list එකට ඇතුලත් කිරීමට. "Phone Settings" වල තිබෙන "Blocked" කියන එක තෝරන්න.දැන් ඔබට අවශ්‍ය කරන එම දුරකථන අංක කිහිපය එයට Add කිරීමට පුළුවන්.




New Flashlight


මෙම අලුත් මෙහෙයුම් පද්දතියේදී Apple සමාගම විසින් අලුතෙන් ඇතුලත් කොට තිබෙනවා flashlight බටන් එකක් "Control Center" එකේ වම් පසට වෙන්න . iOS 6 සහ ඉන් පෙර තිබු මෙහෙයුම් පද්දති වලදී නම් එම කාර්ය ඊට සමාන ආකාරයෙන් කරගැනීමට නම් third party app එකක් install කරගැනීමට සිදු වෙනවා. ඔබ අඳුරු තැනක සිටින විට එම තැන ආලෝක මත කරගැනීම සඳහා ඔබට කරගැනීමට තිබෙන්නේ එම බටන් එක එක වරක් ස්පර්ශ කිරීම පමණයි. එය Off වීමට ඔබ නැවත එම බටන් එක ස්පර්ශ කල යුතු වෙනවා.






Balancing Act 


iPhone Accelerometer කියන්නේ සුපිරි Feature එකක්. මින් පෙර ඔබ එම පහසුකම භාවිතා කරන්න ඇති කියල හිතනවා. මොකද මින් පෙර තිබු iOS මෙහෙයුම් පද්දති වලද එය අන්තර්ගත කොට තිබුණු නිසා. එය භාවිත කොට ඔබට හැකියාව තිබෙනවා යම් කිසි පෘශ්ටයක Level එක පරික්ෂා කිරීමට. ඒවගේම Phone එක හොල්ලා පෙර කර වැඩ Undo කිරීම වගේ දේවල්.

iOS 7 වලදී ඒ සඳහා අලුතෙන් Visual Indicator එකක් ඇතුලත් කොට තිබෙනවා. මෙම පහත තිබෙන පින්තූරයේ දිස් වෙන පරිදි ඔබට දැකගන්න පුළුවන් phone එක ආනත වී තිබෙන අංශක ගණන.






Save passwords to all Apple devices 

බොහොමයක් දෙනෙක් සතුව Passwords විශාල ගණනක් තිබෙනවා. ඒවා මතක තබා ගැනීමටත් අපහසු වෙන්න පුළුවන්. නමුත් iOS 7 මෙහෙයුම් පද්දතියේ තිබෙන "iCloud Keychain" කියන අලුත්ම පහසුකම මගින් ඔබට හැකියාව තිබෙන Passwords සියල්ලම සුරක්ෂිතව ගබඩා කර තබා ගැනීමට.

 Safari Browser එකේ "Passwords and Autofill"  තේරීමෙන් එම පහසුකම සක්‍රීය කරගැනීමට පුළුවන්.





මෙම Feature එක ක්‍රියාත්මක වෙන විට. සියලුම Passwords ස්වයන්ක්‍රීයවම Encrypt වී iCloud  එකේ ගබඩා වෙනවා. මෙහි තිබෙන විශේෂම පහසුකම තමයි එම Passwords Mac, Ipad, Ipod වගේ  Apple Devices සමග උනත් පහසුවෙන් භාවිතා කිරීමට හැකි වීම

තව දුරටත් ඔබට සංකීර්ණ Passwords මතකයේ තබා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. 


AirDrop : Exchange Everything 



තව දුරටත් ඔබට Email මගින් Photos, Documents හුවමාරු කරගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් ඔබට අවස්තාව තිබෙනවා ක්‍ෂනිකව පහසුවෙන් Devices අතර Files හුවමාරු කරගැනීමට AirDrop කියන පහසුකම හරහා. එය සිදු කරගැනීමට ඔබට File එකක් එවනු ලබන පුද්ගලයා යම් කිසි සීමාවක් ඇතුලත සිටිය යුතු වෙනවා. එසේ වුනත් එය ඉතාමත් වැදගත් පහසුකමක්. එය මින් පෙර ලිපියකදී අප සඳහන් කර NFC කියන පහසුකමට තරමක් සමාන කරන්න පුළුවන්.



කිසිඳු බාදාවක් නොමැතිව  එකවර මිතුරන් කිහිප දෙනෙකු සමග වුවද මෙම පහසුකම හරහා Files Share කරගැනීමට පුළුවන්. එම Files නියමිත තැන වල ඒ ආකාරයටම තැන්පත් වෙනවා. උදාහරණයක් විදියට Addressees නම් ඒවා Address Book එකේ පිළිවෙලකට තැන්පත් වෙනවා. photos නම් Camera roll එකේ තැන්පත් වෙනවා.




 මෙම ලිපියෙන් ඔබේ දැනුමට වැදගත් දෙයක් එකතු වුනා කියා ඔබ සිතනවානම් අපව දිරිමත් කිරීම සඳහා ඔබේ අදහස් Comment එකක් මගින් දැක්වීමට අමතක කරන්න එපා.


12 comments:

  1. I have a lumia 920. i bought it in March and i can do all the above stuff in my phone. Nokia user all the time....

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Replies
    1. yes, Apple has included the Airdrop option in iOS 7

      Delete
  4. Nokia Lumia has the NFC feature , it works same as the Airdrop feature

    ReplyDelete
  5. mata dana ganna puluwanda iso 7 apple 4 phone akakata niwaradiwa boot kara ganna vidiya.. puluwannam lipiyak danna....


    ReplyDelete
    Replies
    1. oyage phone moudle1 kiyanna mama kiyannam oyata daganna widiya

      Delete
  6. i hav galaxy s3 i also hav those features LOl IoS7 still a growin child :P

    ReplyDelete
  7. Good........................

    ReplyDelete
  8. bt the androied jst lyk a baby OS,,. itz getting stuck ,, all the time, use the apple 1 and see the different

    ReplyDelete
  9. Brother.... android gaena waedagat articles tikak dannakkoo

    ReplyDelete