Check if someone is using your WiFi
ඔබේ WiFi සම්බන්ධතාවය තව කෙනෙකුන් විසින් හොරෙන් භාවිතා කරනවාද කියා දැනගන්න.
වෙනත් පුද්ගලයෙක් විසින් ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවය හොර රහසේ භාවිතා කරනවාද කියා දැනගන්නට අවශ්‍ය වෙන හේතු ගණනාවක් තිබෙනවා. ඔබ අන්තර්ජාලයට මුදල් ගෙවා ලබාගනු ලබන සේවාව තව කෙනෙකුන් විසින් හොර රහසේ භාවිතා කිරීම ඔබ සෑහෙන අපහසු තාවයට පත් කරන දෙයක්. ඒවගේම තමයි අන්තර්ජාලයේ වේගය අඩු වීමට එය බලපානවා. අන්න ඒ වගේ හේතුන් නිසා ඔබ ඒ පිළිබඳව දැනුවත්ව සිටීම වටිනවා නේද?
Router එකත් සමග සම්බන්ධ වී තිබෙන Devices පරික්ෂා කිරීම.
මුලින්ම ඔබ විසින් කල යුතු වෙන්නේ ඔබේ Router එකට log වීමයි. එසේ connect වීමට ඔබ භාවිතා කරන Browser එකේ address bar එකේ 192.168.0.1 හෝ 192.168.1.1 ලෙස type කර enter කිරීමෙන් ඔබට Router එකට log වීමට පුළුවන්. එසේත් නොමැතිනම් command prompt එකේ "ipconfig" ලෙස type enter කිරීමෙන් එම router එකට log වෙන ip එක පහසුවෙන්ම සොයා ගන්න පුළුවන්. Default Gateway ලෙස තමයි එම ip එක දිස් වෙන්නේ.
එම IP එක enter කල පසුව Router එකට log වීමට username, password ඇතුලත් කිරීමට සිදු වෙනවා. ඔබ මින් පෙර එහි password, usernmae වෙනස්කොට නොමැතිනම් එහි username සහ password වෙන්නේ "admin" කියන එක. එලෙස login details ඇතුලත් කිරීමෙන් ඔබට පහසුවෙන් Router එකට log වීමට පුළුවන්.
දැන් ඔබ Router එකලට ඇතුල්වුන පසුව එහි සොයා බලන්න "Connected Devices, Wireless Network " වගේ වචන වලට සමාන යමක් තිබෙනවාද කියා. එහි තිබෙන වචන එකිනෙකට වෙනස් වෙන්න පුළුවන් එම නිසා ඔබට එය සොයා ගැනීමට සිදු වෙනවා. එය එතරම අපහසු වෙන්නේ නැහැ. මෙහිදී ඔබට උදාහරණයක් මගින් පෙන්වනු ලබන Router එකේ නම් Status කියන tab එක ක්ලික් කරපසුව එහි එහි තිබෙනවා Wireless නමින් සඳහන් වෙන තැනක්. වෙනත් Router වල එය Attached Devices ලෙස සඳහන් වී තිබෙන්න පුළුවන්.
මෙම පහත තිබෙන්නේ එම Router එකේ Screenshot එකක්.
ඔබේ WiFi සම්බන්ධතාවය මගින් එලෙස අන්තර්ජාලයට සම්බන්ධවී සිටින වෙනත් පුද්ගලයන්ගේ Device වල IP සහ MAC Address වගේ තොරතුරු ඉහත තිබෙන පින්තූරයේ දිස් වෙන පරිදි දැක ගැනීමට පුළුවන් වෙනවා.
ඒ සඳහා ගතයුතු පියවර.
ඒ සඳහා ගන්න පුළුවන් හොඳම පියවර තමයි වඩාත් Strong Passwrod එකක් මගින් ඔබේ wifi සම්බන්ධතාවය ආරක්ෂා කරගැනීම. wep ක්‍රමය මගින් ඇතුලත් කරන password ලෙහෙසියෙන් crack කිරීමට පුළුවන්. එම නිසා WPA2 මගින් password එක ඇතුලත් කරගන්න එක තමයි වඩාත් ආරක්ෂිත වෙන්නේ. එයට අමතරව තවත් ක්‍රම තිබෙනවා ඒ තමයි SSID Broadcast කියන option එක disable කර දැමීම. ඊට අමතරව ඔබට පුළුවන් MAC address එක මගින් අවශ්‍ය කරන Devices block කරදැමීමට. උදාහරණයක් විදියට අපි හිතමු ඔබේ අසල්වැසියා කෙසේ හෝ ඔබේ Password කඩාගෙන හෝ ඔබේ WiFi connection එකට රිංගනවා කියල. එසේනම් ඔබට පුළුවන් ඔහුගේ Device එකේ MAC Address එක මගින් ඔහුව block කරදැමීමට. Router එකෙන්ම එම කාර්ය කරගන්න පුළුවන්. තරමක් ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් ඔබට එය පහසුවෙන් කරගන්න පුළුවන්.
ඔබ සතුවත් වටිනා දැනුම තිබ්නේනම් මෙම කරුණ පිළිබඳව එම අදහස් comment එකක් මගින් සඳහන් කර අනිත් අයත් දැනුවත් කරන මෙන් කරුණාවෙන් යුතුව දන්වා සිටිනවා.
ou
ReplyDeleteoya kiyana okkoma man karala tiyenne
thanks for update my knowledge
very informative article..thanks
ReplyDeleteVery Good machan . Tanx A Lot
ReplyDeleteGood Post..
ReplyDeleteaney ban paduwe hitapan salli nethi ekekne ganne ubalata paduwak wenne nene ubalage site ekata hari ena un innawane duppath kollo
ReplyDeleteMachan uben horen wifi gannawa nm uba mokada karanne bn
Deletethanks machan
ReplyDeletemata danne nathi wifi ekaka password eka hoyaganna kramayak puluwan nam kiyanwada kuwait eke ona tharam wifi thiyenawa use karanna widihak na password danne nathi nisa puluwan nam loku udawwak priyanthasdmn13@gmail.com
ReplyDeleteaiye 3G wi fi walat mehemamada/?
ReplyDeletepassword dala limit karla tiynwa ewa kadanda vidiyak nadda bn...
ReplyDeleteGood article.
ReplyDeleteaiyo comment walta reply naan ne/
ReplyDeletemonawatada reply one :D
Deletetks macho
ReplyDeleteelaaa
ReplyDeletewep ක්‍රමය සහ WPA2 ක්‍රමය මගින් Password දාන හැටි කියල දෙන්නකො
ReplyDeletepassword wenas kale na Awunata admin 1n yanna denne na ne??????????
ReplyDeleteHello admin,
ReplyDeletemama inne kuwait eke. Mage gawa hoda wifi wireless adapter ekak thiyanawa. Habai eka mage thiyena net sim ekata vada karanne ne. Eka vena samagamakata aithi ekak. Mama meka unlock kara ganne kohomada. Mona software ekinda eka kara ganna puluwan venne? Pls help thanks
එම Device එකේ මොඩල් එක මොකක්ද?
DeleteAdmin,
ReplyDeleteමෙග් wifi eke model eka mama passe evannam. Eka mage room eke mama tika davasakata tikaka duraka wada karanne. Thankas