5 Ways to protect yourself while shopping on the Internet

Online  Shopping කිරීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු 5ක්. 


අන්තර්ජාලය භාවිතා කොට අවශ්‍ය කරන දේවල් මිලදී ගැනීම අද වන විට සුලබ වශයෙන් දකින්න ලැබෙන දෙයක්. බොහොමයක් මෙවැනි Site විශ්වාස තැබිය හැකි ඒවම තමයි. නමුත් අන්තර්ජාලයෙන් ඔබ ගනු දෙනු කිරීමේදී වන්චාකාරයිනට හසු නොවී විශ්වාස වන්ත තැනකින්ම ගනුදෙනු කල යුතු වෙනවා නේද?


Online Shopping සඳහාම වෙන් වූ අතිශය ප්‍රසිද්ධ web අඩවි.



බොහොමයක් web අඩවි ඔවුන්ගේ සේවාව අතිශය විශ්වාස  වන්ත  ලෙස පාරිභෝගිකයාට ලබා දීම හේතුවෙන් ජනප්‍රියත්වයට පත් වී තිබෙනවා. උදාහරණයක් විදියට "Ebay" කියන ලොව අංක එකේ web අඩවිය හඳුන්වන්න පුළුවන්. එම E-bay කියන  web අඩවියේ වන්චාකාරයින්ට කිසිම ඉඩක් නොමැති වෙන ආකාරයට ඔවුන් එහි වටපිටාව නිර්මාණය කර තිබෙනවා. එම හේතුව නිසා අන්තර්ජාලයෙන් ගනු දෙනු කරන අයගේ නොමද පැසසුමට ලක් වී තිබෙනවා.  ඒ වගේම තමයි ගොඩක් ප්‍රසිද්ධ ආයතන ඔවුන්ගේ බඩු අන්තර්ජාලයෙන් මිලදී ගැනීම සඳහා පාරිභෝගිකයින්ට අවස්තාව ලබා දෙනවා. එවැනි සේවාවන් ලබා දෙන ආයතන සතුව තිබෙනවා ඔවුන්ගේම Customer Care Service එකක්. පාරිභෝගිකයාට ඇති වෙන ඕනෑම ගැටලුවක් සම්බන්ධව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට හැකියාව තිබෙනවා.


ආරක්ෂාව 


ඔබ අන්තර්ජාලයෙන් Retailer's web අඩවි සමග ගනුදෙනු කිරීමේදී . ඔබට සොයා බැලීමට හැකියාව තිබෙනවා ඔවුන්ගේ "Security Documents" පිළිබඳව. ඒ සඳහා ඔබට ''Checkout'' කියන page එකට ගොස් ඒ පිළිබඳව සොයා බැලීමට පුළුවන්. එම පිටුවේ අන්තර්ගත වී තිබෙන්නේ මෙම web අඩවිය ගනුදෙනු කිරීම සඳහා සුදුසු වෙන්නේ කෙසේද යන්න පිළිබඳව ඇතුලත් වෙන ලියකියවිලි වලිනුයි. එහිදී සොයා බලන්න ''SSL" හෝ "Verisign" වගේ සහතික එම  web අඩවිය සතුව තිබෙනවාද කියා. ඊට අමතරව එවැනි web අඩවි මගින් දැනුවත් කර සිටිනවා එම web අඩවිය ආරාක්ෂා කර තිබෙන්නේ කුමන Anti-Virus program එකකින්ද, ඒවගේම එය අවසාන වරට update කර තිබෙන්නේ කවදාද වගේ දේවල් පිළිබඳව.


ඔබව දැඩි ලෙස මිලදී ගැනීම  සඳහා පොළඹවන්නා වූ දේවල් වලින් ප්‍රවේසම් වෙන්න.




Online Shopping කිරීමේදී, සමහර web අඩවි මගින් ලබා දෙනවා සිත් ඇදගන්නා සුළු දීමනා. එවැනි web අඩවි Scam ගණයට වැටෙන වංචනික ඒවා වෙන්න පුළුවන්. උදාහරණයක් මගින් පැහැදිලි කරනවානම් 300$ වටිනා යම් කිසි බඩුවක් 50$ කටවගේ විකිණීමට තිබෙනවානම් එය ඔබට අනතුරකට ඇත වන්න සේයාවක් වෙන්න පුළුවන්. එවැනි ගනුදෙනු මගහැරීමට සැලකිලිමත් වෙන්න.


Use Paypal






Paypal කියන්නේ අන්තර්ජාලයෙන් ගනුදෙනු කිරීම සඳහා භාවිතා කරන්න පුළුවන් වඩාත් ආරක්‍ෂිත ක්‍රමයක්. එමගින් ඔබට හැකියාව තිබෙනවා අන්තර්ජාලයෙන් සිදුවෙන වංචනික ගනුදෙනුවලින් වැළකී සිටීමට. ඔබේ බැංකු ගිණුමේ තිබෙන මුදල් පළමුව Paypal ගිණුමට යවනු ලබනවා. මීළඟට එම මුදල seller ට යවනු ලබනවා. එබැවින් ඔබගේ පෞද්ගලික බැංකු තොරතුරු seller ට කිසිසේත් ලබා ගැනීමට නොහැකි වෙනවා. ඔබ එවැනි වංචනික ක්‍රියාවකට අසු වුනොත් නැවත ඔබට එම මුදල් ඔවුන් ලබා දෙනවා. ඔබට paypal වගේ ගිණුමක් හදාගෙන Ebay වගේ අතිශය ප්‍රසිද්ද web අඩවියකින් ආරක්ෂිතව Shopping කිරීමට පුළුවන්.


Check Return Policy


ඔබ Ebay වගේ web අඩවියකින් Shopping කිරීමේදී. නැවත එම භාණ්ඩය Return කිරීම සඳහා තිබෙන නීති පිළිබඳව අවදානය යොමු කිරීම වැදගත් වෙනවා. ඔබගේ මිලදී ගැනීම පිළිබඳව ඔබ සෑහීමකට පත් නොවන්නේ නම් කිසිඳු ගැටළුවක් නැතිව එය Return කිරීමට හැකි විය යුතුයි නේද? සමහර Store වලින් ගනු ලබන භාණ්ඩ Shipping කිරීම සඳහාත් අමතර මුදලක් ගෙවිය යුතු වෙනවා එම නිසා එවැනි දේවල් පිළිබඳව අවදා නය යොමු කල යුතු වෙනවා. 



මෙම ලිපියෙන් ඔබේ දැනුමට වැදගත් දෙයක් එකතු වුනා කියා ඔබ සිතනවානම් අපව දිරිමත් කිරීම සඳහා ඔබේ අදහස් Comment එකක් මගින් දැක්වීමට අමතක කරන්න එපා.



38 comments:

  1. Godak watina Lipiyak...... thava me wage safe ganudenu karanne kohomad akiyana eka wena lipiyakin daanna.... godak honda artical ekak

    ReplyDelete
  2. හොදයි ගොඩක් වටිනවා... සිංහලනේ අපේ අයව දැනුවත් කරන එක ගොඩක් වටිනවා... ස්තුතියි.. දිගටම කරගෙන යන්න.. :)

    ReplyDelete
  3. ග්රෙට් වර්ක් බ්රදර්, කීප් it අප් :D

    ReplyDelete
  4. Good one, keep it ip

    ReplyDelete
  5. online shoping karana widiya kiyala denna ko

    ReplyDelete
  6. well done bro:::::keep it up

    ReplyDelete
  7. Grate....Thank you very much

    ReplyDelete
  8. ගොඩක් වටිනවා දිගටම කරගෙන යන්න ස්තුතියි

    ReplyDelete
  9. ගොඩක් වටිනා ලිපියක් ...,හැකිනම් paypal ගිණුමක් හදාගන්නේ කොහොමද මස්ටෙර් card එකක් enter කරන්නේ කොහොමද කියල ලිපියක් ඉදිරිපත් කරන්න , ගොඩක් ස්තුතියි ඔයාට

    ReplyDelete
  10. pay pal gana hoda lipiyak danna.lankawe ayata

    ReplyDelete
  11. paypal acnt ekak ape crdit card ekakata set kara ganna vidiyath kiyanna if u can tanx... (y)

    ReplyDelete
  12. ඒ වගේ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටියට වැදගත් දෙයක් ....................... !!!!!!!!!

    ReplyDelete
  13. thank you for the infomation..........good job...........

    ReplyDelete
  14. apen salli kapagena a seller ebay aken ewat welanam mkada karanna one

    ReplyDelete
  15. obalata godaaak sthuthi... me sewaya digatama balaporothu wemi....

    ReplyDelete