How to check the health of your Hard Drive ?

ඔබේ පරිගණකයෙහි Hard Drive එකෙහි සෞඛ්‍ය තත්වය පිළිබඳව දැනගන්න.


අපි හැමෝම දන්නා දෙයක් තමයි පරිගණකයේ හදවත විදියට ක්‍රියා කරන්නේ Hard Drive එක බව. ඔබ ඔබේ හදවත පිළිබඳව උනන්දු වෙනවා වගේම, Hard Drive එකේ සෞඛ්‍ය  තත්වය පිළිබඳවත් සොයා බැලිය යුතු වෙනවා නේද. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ Hard Drive එකේ සෞඛ්‍ය තත්වය පිළිබඳව නිවැරදිව සොයා බලන ක්‍රමය පිළිබඳවයි.


Hard Drive සතුව තිබෙනවා S.M.A.R.T (Self Monitoring, Analysis, and Reporting Technology ) නමින් හඳුන්වන තාක්ෂණයක් එමගින් හැකියාව තිබෙනවා Hard Drive එකකට එහි සෞඛ්‍ය තත්වය පිළිබඳව වාර්තා කිරීමට. එම තාක්ෂනය භාවිතා  කොට අපිට හැකියාව තිබෙනවා Hard Drive එකේ කුමක් හෝ දෝෂයක් තිබේදැයි හඳුනා ගැනීමට.


අවාසනාවකට Windows සතුව පහසුවෙන් S.M.A.R.T Data කියවීමට පුළුවන් Application එකක් නැහැ. එම හේතුව නිසා අපිට සිදු වෙනවා Third Party මෘදුකාංගයක පිහිට පැතීමට. නමුත් Command prompt මගින් S.M.A.R.T තොරතුරු දැක ගැනීමට පුළුවන් ක්‍රමයකුත් තිබෙනවා. ඒ පිළිබඳව ඉදිරියට කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.


CrystalDiskInfo මෘදුකාංගය මගින් Hard Drive එකේ සෞඛ්‍ය තත්වය පිළිබඳව වාර්තාවක් ලබා ගැනීම.



CrystalDiskInfo කියන්නේ පහසුවෙන් භාවිතා කරන්න පුළුවන් ක්ෂණිකව S.M.A.R.T data මගින් Hard Drive එකක් ගැන සම්පූර්ණ සෞඛ්‍ය වාර්තාවක් සැපයීමට හැකියාවක් තිබෙන Open Source මෘදුකාංගයක්. එය ඔබට නොමිලේම බාගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි එය Install කිරීමේදී එමගින් ලබා දෙන Browser Widget එක Uncheck කර Install කිරීමට වග බලාගන්න .





එය Install කරගත් පසුව. ඔබට කරන්න තිබෙන්නේ එම Software එක Open කරගැනීම පමණයි. ඉන්පසුව ඔබට දැකගන්න පුළුවන් එම මෘදුකාගය මගින් S.M.A.R.T data උපයෝගී කරගනිමින් Hard Drive එක පිළිබඳව ලබා දෙන සෞඛ්‍ය වාර්තාව කෙබඳු එකක් දැයි දැක ගැනීමට. හැම දෙයක්ම නිසියාකාරව ක්‍රියාත්මක වෙනවානම් ඔබට දැක ගැනීමට පුළුවන් එහි "Good" යනුවෙන් සටහන් වී තිබෙනවා.

CrystalDiskInfo මගින් Hard Drive එක පිළිබඳව වෙනත් තොරතුරුත් සපයනු ලබනවා. උදාහරණයක් විදියට උෂ්ණත්වය, Hardware Specifications වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. කුමක් හෝ දෝෂයක් Hard Drive එකේ තිබෙනවානම්. එයද ඔබට මෙමගින් හඳුනා ගැනීමට පුළුවන්.




කිසඳු Software එකක් Install නොකර Command prompt එක මගින් S.M.A.R.T data වාර්තාවක් ලබා ගන්න අයුරු.


කිසිඳු මෘදුකාංගයක් Install නොකර ක්‍ෂනිකව S.M.A.R.T data කියවීමට පුළුවන් Command Prompt එක මගින්. පළමුව Command Prompt එක Open කරගන්න. මීළඟට මෙම පහත තිබෙන Command එක එහි Type කර Enter ඔබන්න.



wmic
diskdrive get status


හැම දෙයක්ම නිවැරදිව ක්‍රියාත්මක වෙනවානම් ඔබට එහි "OK" යනුවෙන් සඳහන් වී තිබෙනවා දැක ගන්න පුළුවන්.

ඔබේ Hard Drive එක මිය යෑමට ආසන්නනම් !

ඔබ ඉහත මෘදුකාංගය භාවිතා කොට එහි යම් කිසි දෝෂයක් තිබෙනවා දුටුවහොත්. එයින් අදහස් කරන්නේ Hard Drive එක වහාම ක්‍රියා විරහිත වෙනවා යන්න නොවෙයි. කොහොම උනත් එවැනි Error එකක් තිබුනොත්. ඔබ දැන ගත යුතුයි ඔබේ Hard Drive එක ක්‍රියා විරහිත වීමේ ක්‍රියාවලිය පටන් අරගෙන ඇති බව. සම්පූර්ණ වශයෙන් Hard Drive එක අක්‍රීය වීමට මිනිත්තුවක්, පැයක්, දවසක්, මාසයක්, අවුරුද්දක් වගේ කාලයක් හෝ ඊට වැඩිය් කාලයක් ගත වෙන්න පුළුවන්. එම නිසා ඔබගේ වටිනා තොරතුරු එම Hard Drive එකෙහි ආරක්ෂත නොමැති බව දැනගන්න.

එම නිසා  වැදගත් Data  වෙනත් Storage Device එකකට backup කරගැනීමට කටයුතු කරන්න. මොකද ඔබේ Hard Drive එක මරණය කුමන වෙලාවක සිදු වෙන්න පුළුවන් නිසා.

මෙම ලිපියෙන් ඔබේ දැනුමට වැදගත් දෙයක් එකතු වුනා කියා ඔබ සිතනවානම් අපව දිරිමත් කිරීම සඳහා ඔබේ අදහස් Comment එකක් මගින් දැක්වීමට අමතක කරන්න එපා.


41 comments:

  1. apple ios 1 danna berida android vage virtualbox eken ????

    ReplyDelete
  2. Apple ios eke PC version ekak naha ne bro

    ReplyDelete
  3. niyamai me note eken niyama danumak labaththa

    ReplyDelete
  4. impotant letter.thanks

    ReplyDelete
  5. machan umbe blog eka niyamay.. eath facebook like karanna kiyana eka like kalath hemawelawema podi file ekak enawa.. 10 second kiyala.. eaka disturb macho

    ReplyDelete
    Replies
    1. OK mata therenawa machan, mama eka ikmanatama ain karannam

      Delete
  6. how should i change to D and check D

    ReplyDelete
  7. partition ekak wisheshayenma check karanna awashya naha, meken mulu hard ekama thamai check karanne

    ReplyDelete
  8. thanks.. math mehema ekak hoya hoya hitiye..

    ReplyDelete
  9. Thanx machan best computer hospital ekak mea web wka thanx again

    ReplyDelete
  10. apita thiyana errors nethikaranna berida???

    ReplyDelete
  11. thanxxxxxxxxxxxxxxxxxxxxxxxs

    ReplyDelete
  12. nice machan..thanks

    ReplyDelete
  13. Hugak hodai yaluwane.Watina adahasak meka.

    ReplyDelete
  14. health status wenas kalama result 1 wenas una. e ai? mcn

    ReplyDelete
  15. loku deyak danagatta bro

    ReplyDelete
  16. Thank you very much!!!! you are doing a great job bro.. keep it up. I really appreciate you.. :))

    ReplyDelete
  17. mata denaganna puluwanda winrar password remove karana vidiha .winrar password remover software eka gathath..eketh password ilanawa ..im
    confucing brooo

    ReplyDelete
  18. Hard dekak thiyeddi a dekama ekawara check karanawada command promt eken

    ReplyDelete
  19. Command Prompt eken nam hariyatama kohomada danne naha. namuth me software eken nam puluwan dekakin thaman kamathi ekak pilibandawa parikshaa karabaleemata

    ReplyDelete
  20. Thanks a lot. Wada nathi hard hadanna barida. power short da disk eka Bad sector nisa wada nathida kiyala check karanna kramayak nadda?

    ReplyDelete