How To Change Drive icons in windows 7

කිසිඳු මෘදුකාංගයක් ඉන්ස්ටෝල් නොකර Windows 7 වල Drive Icons වෙනස් කරමු.


Windows 7 වල Drive Icons වෙනස් කරන්න කොතෙකුත් ක්‍රම තිබුනත් , මෙම ක්‍රමය තමයි වඩාත් පහසුම ක්‍රමය වෙන්නේ . මෙම ක්‍රමය මගින් Hard Drive එකක සියලුම Partitions වල Drive Icons වෙනස් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවි Pen Drive එකක උනත් Drive Icon එක බොහොම පහසුවෙන් වෙනස් කරගන්න පුළුවන්.


පියවර 1

පළමුව ඔබ කරගත යුතු දෙයක් තිබෙනවා ඒ තමයි " Hide extensions for known file types " කියන Option එක disable කරගැනීම.

Mycomputer/ Organize/ Folder and search options/ View/ " Hide extensions for known file types " 


පියවර 2

Drive Icon  එක  වෙනස් කිරීමට  බලාපොරොත්තු වෙන Drive එක Open කරගන්න.


පියවර 3

එම Open කර ගත්  Drive එකේ හිස් තැනක Right-Click  කර Text Document එකක් හදා ගන්න.

Right-Click/ New/ Text Document

එලෙස සකස් කරගත් Text file එක "autorun.inf " ලෙස rename කරගන්න. (එම Drive එකේ  "autorun.inf " file එකක් තිබෙනවානම් එම file එක delete කරන්න . එම file එක hidden වෙලා තියෙන්න පුළුවන් එම නිසා Hidden file show කරගන්න.)





පියවර 4

වෙනස් කිරීමට බලාපොරොත්තු වෙන .ico file ( Drive Icon ) එක එම Drive එකට copy කරන්න. google වල search කර ඔබට කැමති ප්‍රමාණයක් මෙම Icon හොයා ගන්න පුළුවන්.


පියවර 5

ඔබ කලින් සාදා ගත් "autorun.inf " file එක open කරගන්න. ඉන් පසුව මෙම පහත තිබෙන Code එක copy කර paste කරන්න. "Icon file name" එකට ඔබ ඉහතදී තෝරාගත් Icon file එකේ name එක ලබා දෙන්න.


Code:
 
[autorun]
icon="icon file name.ico"

දැන් file menu එකට ගොස් save කරන්න.


දැන් පරිගණකය Restart කරන්න. ඉන් පසුව ඔබට දැකගන්න පුළුවන් Drive එකේ පෙර තිබු Icon එක වෙනුවට ඔබ විසින් අලුතෙන් එකතු කරන ලද Icon එක තිබෙනවා.


10 comments:

  1. සමහර වෛරස් ගාඩ් වලින් ඔටෝ රන් එක බ්ලොක් කරනවා! ඒකට මොකක්ද කරන්න පුලුවන්??

    ReplyDelete
    Replies
    1. me autorun eka allana ekak naha

      Delete
    2. Avira වලින්නම් මේ ඔටෝරන් එකත් බ්ලොක් කරනවා. අත්දැකීමෙන් කියන්නෙ. මේක මම මගෙ ලඟ තියෙන හැම පෙන් ඩ්‍රයිව් එකකටමත් හැම මෙමරි කාඩ් එකකටමත් කරලා තිබුනේ(එකම වෙනස මම අයිකන් තනියම හදාගත්ත එක විතරයි.) ඒ වගේම මම රයිට් කරපු හැම CD හෝ DVD එකකටමත් දැම්මා. ඒත් ඒ හැම එකක්ම වගේ Aviraa වලින් බ්ලොක් කරනවා. Avira බයයි ඔටෝරන් කියන නමට. ඒකයි. Aviraa හොඳ වයිරස් ගාඩ් එකක් නෙවෙයි. දාගන්න ESET.
      http://piresoft.blogspot.com/2013/10/eset-smart-security-with-purefix-free.html

      Delete
  2. widows hama version ekakatama galapena siyaluma Drivers download karaganna widiyak kiyannako

    ReplyDelete
  3. windows 7 32bit eke wada karanawada, ane mage wada karanne nanne

    ReplyDelete