Send large files over the internet



විශාල file එකක් අන්තර්ජාලය හරහා තවත් කෙනෙකුට ලබා දීමට uTorrent setup කර ගත යුතු ආකාරය.

පළමුව ඔබ කර ගත යුතු වන්නේ ඔබගේ පරිගණකයේ වගේම file එක ලබා ගැනීමට බලාපොරොත්තු වෙන පුද්ගලයාගේ පරිගනකයටද uTorrent install කර ඇත්දැයි සොයා බැලීමයි. ඔබගේ file එක ලබා ගැනීමට ඔබ ලින්ක් එකක් ලබා දෙන පුද්ගලයාට එතැනින්ම uTorrent download කරගැනීමටද option එකක් එහි තිබෙනවා.

මීළඟට ඔබ යැවීමට බලාපොරොත්තු වෙන file එක uTorrent window එකට ඇද දමන්න. එම file එකෙහි ප්‍රමාණය යම් තරමකින් හෝ අඩු කරගැනීමට එය zip කරනවානම් වඩා හොඳයි. ඔබ file එක ඒවිදියට අද දමන කොට එයින් window එකක් පැමිණෙනවා. එම window එකේදී ඔබට හැකියාව තිබෙන file එක rename කිරීමට. අවසානයේ " Get Link " කියන බටන් එක ක්ලික් කරන්න.



link එක සකස් වීමේදී ඔබ යවන file එකේ ප්‍රමාණය අනුව කාලය අඩු හෝ වැඩි වීමට පුළුවන්. එම නිසා මදක් ඉවසා සිටින්න.


ලින්ක් එක සකස් වී ඉවර වූ පසුව. ඔබට දැකගන්න පුළුවන් tiny url ලින්ක් එකක්. එම url එක ඔබ file යවන පුද්ගලයාට ලබා දීමෙන් එම ලින්ක් එක හරහා file transfer එක පටන් ගැනීමට පුළුවන්. මේ විදියට ඔබට එම file එක කිහිප දෙනෙකුට වුනත් ලබා දීමට පුළුවන්.


ඔබ ලබා දුන් link එක මත click කිරීමෙන් පසුව මෙම පහත තිබෙන ආකාරයේ web site එකකට ඔහුව ගෙන යනවා. මේ වනවිටත් ඔහු uTorrent install කර ගෙන නොමැතිනම් එය download කරගැනීමට පුළුවන්. මේ වන විටත් ඔහු uTorrent install කර තිබේනම් " magnet link " එක මත click කිරීමෙන් ක්ෂණිකව file transfer එක ඇරඹීමට පුළුවන්.


මේ විදියට file transfer එක සිදු වෙන අතරතුර සම්බන්දතාවය ගිලිහුනොත් කිසිඳු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එම තැන සිටම එය නැවත ඇරඹීමට පුළුවන් .

මේ විදියට file share කර ගැනීමේදී ඔබ දැනුවත් විය යුතු කරුණක් තිබෙනවා. ඔබ අනෙකුත් පුද්ගලයාට එම ලින්ක් එක ලබා දීමේදී එය බොහොම පෞද්ගලිකව ලබා දීමට වග බලා ගන්න. යම් කෙනෙකු එම ලින්ක් එකට අනවසරයෙන් පිවිස ඔබේ පෞද්ගලික file එක download කරගැනීමට ඉඩ තිබෙන නිසා. file transfer එක ඉවර වුනු පසුව සම්බන්දතාවය නැති කර දැමීමට මතක තබා ගන්න.


මෙම ලිපියෙන් ඔබ වැදගත් යමක් ඔබගේ දැනුමට එකතු කර ගත්තානම් comment එකක් දාල යන්නත් අමතක කරන්න එපා. මෙවැනි ලිපි ඉදිරියට ලිවීමට ඔබගේ comments ලොකු ශක්තියක් වෙනවා.


41 comments:

  1. දැනුවත් කලාට ෙගාඩක් ස්තුතියි

    ReplyDelete
  2. puluawam,torrent client onama soft ekak use karanna puluwan

    ReplyDelete
  3. Ela me wage dewal tawa liyanna ...

    ReplyDelete
  4. Also u guys can send via "wetransfer" its easy and fast .. no one need to download anything .. just try :)
    https://www.wetransfer.com/ <<< this is the link for "wetransfer"

    ReplyDelete
  5. අපිට ඒ ෆයිල් එක කම්ප්‍රෙස් කරන්න පුලුවන්ද? මට හම්බුනා වින්ඩෝස් එක් පී ඉමේජ් ෆයිල් එකක්! ඒක රාර් ෆයිල් එකක් හමුවුනේ! ඒකෙ සයිස් එක මෙගාබයිට් දෙකයි! කොහොමද ඒ වගේ කම්ප්‍රෙස් කරන්නේ?? ඒක මීට වඩා හොඳ ක1මයක් මං හිතන්නේ!

    ReplyDelete
  6. Elaine ban.thanks machan!!!

    ReplyDelete
  7. Me kramaya use karanna yawannai labannai dennama ekapara online inna one neda... ithin mae kramaye proyojana sima sahithai neda...

    ReplyDelete
    Replies
    1. අන්තරජාලයට සම්බන්ධ වෙන්නම ඕනේ

      Delete
  8. torrent files id, eken download karanna vidiyak nedda unlimited speed

    ReplyDelete
  9. ගොඩක් වඩගත් ල්ලිපියක් තැන්ක්ස්

    ReplyDelete
  10. Thanks so much..Apps lanka

    ReplyDelete
  11. ෙගාඩක් ස්තුතියි

    ReplyDelete
  12. අදයි දැන ගත්තේ ගොඩක් ස්තුතියි bro.

    ReplyDelete
  13. හැබැයි ඉතිං ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙන්න මාස ගානක් යයි. ටොරන්ට්වල සීඩ්ස් නැතුව නේද?

    ReplyDelete
    Replies
    1. මෙතන එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මොකද මේක seed වෙන්නේ එක පරිගණකයකින්. :D

      Delete
  14. try link ekata giyama podi file ekak ne download wenne mokada karanna one?anika fill eka torrent walata demma rename kalata type wenne mokada karanna oni.me wede sartaka una kenek mata udaw karanna loku udawwak?

    ReplyDelete