How to Find Your Lost Android Phone
ඔබගේ නැතිවූ Android දුරකථනය පහසුවෙන්ම සොයා ගන්න ක්‍රමය
අද ලියන ලිපිය android දුරකථනයක් භාවිතා කරන සෑම කෙනෙකුටම අතිශය වැදගත් වෙන ලිපියක්. මදකට සිතන්න ඔබගේ android දුරකථනය නැති වුනොත්, එහෙමත් නැත්නම් කවුරුන් හෝ එය ඔබෙන් හොරකම් කලොත් ඔබ අසරණ වෙනවා නේද?. ඒවගේ අවස්ථාවක් ඔබට ඇති නොවෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. නමුත් අපිට හරියටම කියන්න බැහැ නේද අපේ දුරකථනය මොන වෙලාවේ නැති වේවිද කියා. අන්න එවැනි අවස්ථාවකදී ඉතාමත්ම පහසුවෙන් ඔබගේ දුරකථනය නැවත සොයා ගන්නේ කෙසේද කියා දැනගන්නනම් මේ ලිපිය කියවන්නම වෙනවා.
Android දුරකතනයක් කියන්නේ බොහොම බුද්දිමත් උපකරණයක්. එම නිසා එය නැති වුවහොත් එය සොයා ගැනීමට අනෙකුත් දුරකථන මෙන් අපහසු නැහැ. අද මම ඔයාලට හඳුන්වා දෙන මෙම android මෘදුකාංගයෙන් ඔයාලට පුළුවන් ඉතාමත්ම පහසුවෙන් ඔබගේ නැතිවූ හෝ හොරකම් කරන ලද දුරකථනය නැවත සොයා ගන්න.එම මෘදුකාංගය තමයි "Avast Mobile Security" කියල කියන්නේ. ඔබගේ android දුරකතනයට මෙම මෘදුකාංගය ඉන්ස්ටෝල් කිරීමෙන් පසුව එක sms පණිවිඩයකින් ඔබට දුරකථනය පාලනය කිරීමට, තිබෙන තැන සොයා ගැනීමට පුළුවන්.
ඔබගේ නැතිවූ දුරකථනය සොයා ගැනීම සඳහා මෙම මෘදුකාංගය සතු සුවිශේෂී පහසුකම්
avast! Anti-Theft
01. App Disguiser
avast! Anti-Theft, කියන මෘදුකාංගය download කරගෙන ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ. ඔබට පුළුවන් එම මෘදුකාංගය සඳහා වෙනස් ආකාරයට කැමති නමක් දෙන්න උදාහරණයක් විදියට "Pinocchio game" වගේ නමක්.මෙමගින් ඔබට තිබෙන වාසිය තමයි ඔබගේ දුරකථනය හොරකම් කල පුද්ගලයාට එය හඳුනාගෙන ඉවත් කිරීමට නොහැකි වීම.
02. Stealth Mode
anti-theft කියන option එක සක්‍රීය කරගත්තට පස්සේ, app tray එකේදී මෙම app එකේ icon එක පෙනෙන්නේ නැහැ. එය සැඟවී තමයි තිබෙන්නේ. මෙවැනි මෘදුකාංගයක් එම දුරකතනයට ඉන්ස්ටෝල් කර නොමැති බව තමයි දුරකථනය හොරකම් කල පුද්ගලයාට පෙනෙන්නේ.
03. Trusted SIM Cards List
ඔබ සතුව තිබෙන ඔබ පාවිච්චි කරන sim number කිහිපයක් white list එකට ඇතුලත් කරන්න පුළුවන්. එමගින් ඔබ sim එකක් මාරු කරත් මෙම මෘදුකාංගය මගින් theft alert එකක් පෙන්වන්නේ නැහැ. එය ඔබට පහසුවෙන් වෙනස් කරගන්නත් පුළුවන්. අවශ්‍යනම් එකම sim number එකක් වුවත් භාවිතා කරන්න පුළුවන්.
04. SIM-Card-Change Notification
මෙම පහසුකමනම් ඉතාමත් වැදගත් එකක්. එමගින් සිදු වෙන්නේ ඔබගේ දුරකථනය සොරකම් කල පුද්ගලයා ඔහුගේ sim card එක ඇතුලත් කල සැනින් එම sim card එකේ number එක ඔබට sms පණිවිඩයකින් ලබා දෙනවා. ඒ වගේම number එකත් සමගම phone එක තිබෙන තැන ගැන geo-location වාර්තාවකුත් ලබා දෙනවා. අවශ්‍යනම් වෙන sim එකක් ඇතුලත් කල සැනින් phone එකෙන් siren නාදයක් පිටවීමටද, lock කිරීමටද මෙහි පහසුකම් තිබෙනවා .
05. Self-Protection
මෙම මෘදුකාංගය ඉන්ස්ටෝල් කිරීමෙන් පසුව ඔබගේ දුරකතය හොරකම් කරපු පුද්ගලයාට එය මකා දැමීම අතිශය අපහසුයි. විශේෂයෙන්ම root කරපු දුරකථන වල. root කරපු දුරකතනයක නම් phone එක Hard Reset කලත් මෘදුකාංගය ඉවත් නොවී පවතී.
Remote Features
01. Remote Siren
phone එකෙන් siren නලාවක තියුණු හඬක් පිටවෙන ආකාරයට මෙය දුරක ඉඳන් පාලනය කිරීමට පුළුවන්. ඒ වගේම එම නාදය අඩු කිරීමට තැත් කලොත් තවත් වේගයෙන් නාද වීමටද සකස් කල හැකියි. මෙම siren නාදය සඳහා ඔබට කැමති නාදයක් ඒක් කිරීමට පුළුවන් record කිරීම මගින් හෝ sound file එකක් පෙන්වීමෙන් හෝ.
02. Remote Lock
ඔබගේ වැදගත් තොරතුරු වල ආරක්ෂාව සඳහා දුරක ඉඳන් phone එක lock කිරීමට පුළුවන්. එම ආකාරයට lock කිරීමෙන් පසුව ඔබ සතු password එක හැර එය කිසිසේත් unlock කිරීමට ලැබෙන්නේ නැහැ.
03. Remote Locate
GPS,WiFi, mobile network, මගින් ඉතා නිවැරදිව phone එක තිබෙන තැන සොයා ගැනීමට පුළුවන් . ( Android 1.6 to 2.2 දක්වා root කරන ලද හෝ root නොකරන ලද phone වල GPS ස්වයන්ක්රීයවම on කිරීමට පුළුවන් )
04.Remote Memory Wipe
sms පණිවිඩයක් මගින් ඔබට ඔබගේ දුරකථනයෙහි ඇති පෞද්ගලික data මකා දැමීමට පුළුවන්.(e.g. contacts, call log, SMS/MMS, browser history, apps, email accounts). ඔබ භාවිතා කරන දුරකතය Android 2.2 වැඩි එකක් නම් memory card එකෙහි ඇති සියලුම දේවල් මකාදැමීමටද පුළුවන්.
05. Remote Calling
දුරස්ථ පාලකව ඔබට phone එකට call එකක් ගන්න පුළුවන්. එම call එක ස්වයන්ක්රීයවම answer වෙන අතර කලුපාට screen එකක් පමණයි දිස් වෙන්නේ එම නිසා එය සොරා ගත් පුද්ගලයාට නොපෙනෙන පරිදි ඔබට අවට වටපිටාවට සවන් දීමට පුළුවන්.
06. Remote Settings Change
anti-theft හී සියලුම settings දුරස්ත පාලකව වෙනස් කිරීමට පුළුවන්
මෙම පහසුකම් වලට අමතරව තව ගොඩක් මේ වගේ පහසුකම් තියෙනවා. මේ ඉහතදී සදහන් කරේ වැදගත් වන ප්‍රදානම පහසුකම් කිහිපයක් පමණයි.
Setting up Anti-Theft on avast! in Android
ඔබ පළමු වතාවට avast mobile security දියත් කිරීමේදී anti-theft module එක configure කර ගන්න කියා පවසාවි. ඔබ එය accept කිරීමත් සමගම මෙම module එක ක්‍රියා කිරීම සඳහා ඔබගේ දුරකථනය සතුව සුදුසුකම් ඇත්දැයි සොයා බලනු ලබයි. උදාහරණයක් විදියට Internet Connection එක වගේ දේවල්.
මීළඟ පියවරේදී ඔබගෙන් අසාවි මෙම app එක run කරන ඕනේ root user කෙනෙක් විදියටද නැත්තම් normal user කෙනෙක් විදියටද කියලා. ඔබගේ දුරකථනය root කල එකක් නම් root user කෙනෙක් විදියට මෙම app එක ඉන්ස්ටෝල් කරගන්න. මොකද normal users ල සඳහා නොවූ root users ලා සඳහාම වෙන් වූ සුපිරි පහසුකම් මෙහි ඇති බැවින්.
මීළඟ පියවර විදියට තියෙන්නේ බොහොම සිත් ගන්න සුළු දෙයක් . ඒ තමයි දැන් අහනවා dummy app එකක් download කරගන්න නමක්.මෙය සිදු කරන්නේ ඔබගේ දුරකථනය සොරා ගත් පුද්ගලයා නොමග යැවීම සඳහා. එම නම යොදා ok කිරීමත් සමගම ඔබ ලබා දුන් නම සඳහන් app එක download වී ඉන්ස්ටෝල් වේවි. මෙමගින් බලාපොරොත්තු වෙන්නේ icon එක වෙනස් ආකාරයකට දිස් වීමෙන් එහි නම වෙනස් ආකාරයකට දිස් වීමෙන් පුද්ගලයා නොමග යැවීමයි. එම නිසා එම පුද්ගලයාට මෙම app එක remove කිරීමට කිසිසේත් නොහැකි වෙනවා.
ඉහතදී සඳහන් කරන ලද dummy app එක ඉන්ස්ටෝල් කරගැනීමෙන් පසුව. avast! Mobile Securities එක ඉවත් කරන්න. දැන් Anti-Theft features නැවත open කරගැනීම සඳහා එම dummy app එක භාවිතා කරන්න. දැන් ඔබට පුළුවන් basic settings, advanced settings ටික නිවැරදිව සාදා ගන්න.
Advanced settings යටතේ ඔබ සකස් කල යුතු වෙනවා phone එක නැති වුන පසුව, හොරකම් කල පසුව එය හැසිරිය යුතු ආකාරය.උදාහරණයක් විදියට lock screen message, USB debugging settings, GPS behavior, වගේ දේවල්. root users ලාටනම් මීට අමතරව තව options ලබා ගන්න පුළුවන්.
avast සතුව ඔබගේ දුරකථනය දුරස්තකව පාලනය කිරීමට commands ගොඩාක් තිබෙනවා. එම commands මතක තබා ගැනීමටත් බොහොම පහසු ආකාරයේ ඒවා. මේ හැම එකක්ම වගේ පටන් ගන්නේ ඔබ කලින් ඇතුලත් කරන ලද pasword එකත් සමගම. LOST, TRACK වගේ ඒවා.
මෙම app එක භාවිතා කිරීමට අවස්තාවක් ඔබට උදා නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමුත් අපිට හරියට කියන්න බැහැ නේද එම අවස්තාවක් මොන වෙලේ උදා වේවිද කියල. අන්න ඒ වගේ අවස්තාවක් උදා උනොත් ඔබට මෙම මෘදුකාංගය මගින් ඔබගේ නැතිවු දුරකථනය නැවත පහසුවෙන් සොයා ගන්න පුළුවන්. එක නිසා මෙම මෘදුකාංගය දැන්ම ඉන්ස්ටෝල් කරගන්න.
thanx a lot.
ReplyDeleteThanks.
ReplyDelete4N EKA FLASH KALATA PASSE MEKEN ATHI WADE MOKAKDA????
ReplyDeleteRoot karapu phone ekak nam devise eka Hard Reset karath me software eka ehemmama thiyenawa, kisi awulak naha
Deletethanxxx
ReplyDeleteathakota root karapu nathi awata wadak naneda..........????????
ReplyDeleteroot karapu nathi Phone walanam Hard Rest ekak karoth me app eka ain wenawa, echcharai tiyena awasiya
ReplyDeleteado mama root karala oya app eka damme maare vasi una bn dn awruddakata isselle mage phn eka issuwa masa 1kai giye a ponnaya sim eka damma athe maattu meka mara softwere ekak bn avast rockzzzz
ReplyDeleteoya code monaada bn kohenda code hoya ganne ?
ReplyDeleteissella app eka insatall karanna, eeta passe thamai code labenne
ReplyDeletemama android walata aluth kenek..mage xperia-s phone eka root kara ganna widiya kiyala denawada? pls...
ReplyDeleteසෑහෙන වටින ඇප් එකක්...
ReplyDeleteMeka x10 mini pro ekaka use karanna puluwanda?? 256ram,600Mhz A2.1???
ReplyDeletepuluwan wei, try karala balanna
Deletenorthen security app ekath honda eketh root karapu nathi ewata puluwn
ReplyDeleteනියමයි . ගොඩක් වටිනවා
ReplyDeleteDanatamath nethi una phone1k IMI no 1n hoyaganna kramayak nedda?
ReplyDeleteroot karala thiyena 4n kiyanne monawatada
ReplyDeletehttp://apps-lanka.blogspot.com/2013/07/what-is-rooting-and-what-are-benefits.html
ReplyDeletemeka kiyawanna
ස්තුතියි :)
ReplyDeletehalo meka korean 4n walata hariyanne nadda....
ReplyDeleteAndroid OS eka thiyenawawanam korean kiyala prashnayajk wenne naha
Deletexpirea u root karana soft dodak bewa akak wath hari giye ne best ekak danna aya denawada pzz machan
ReplyDelete?????????????////.
ReplyDeletemama download karala haduwa dan a app 1k hide una ne settings wenas karanne kohomada
ReplyDeletedr mage xperia u akak tiyenne root karana heti dena ganna puluwanda
ReplyDeletemeka install karama 4n eka off karala on karana hema welema GPS on wenawada auto?
ReplyDeleteehema wenne naha
ReplyDeleteThanx
ReplyDeleteandroid phone vala thiyenawa neda machan mobile date on/off karanna date off karala thibunoth apita kisema deyak karaganna baha neda ...... anika ape sim 1 remove karoth eya apita gataluwak wenawa neda ....
ReplyDeleteandroid phone vala thiyenawa neda machan mobile date on/off karanna date off karala thibunoth apita kisema deyak karaganna baha neda ...... anika ape sim 1 remove karoth eya apita gataluwak wenawa neda ....
ReplyDeletepahadili naha ne oya kiyana de
Delete