What is Chromecast

මොකක්ද මේ "Google Cromecast" කියන්නේ?




අන්තර්ජාලය හරහා ඔබ නරඹන  TV Shows, Music, YouTube සහ Netflix ඇතුලත්ව තවත් බොහොමයක් දේවල් නිවසේ තිබෙන රූපවාහිණී යන්ත්‍රයෙන්ම නැරඹීමට හැකියාව තිබෙනවා මෙම උපකරණය හරහා   .  ගූගල් සමාගමේ මෙම උපකරණය Smart TV සඳහාද හොඳ  විකල්පයක් ලෙස හඳුන්වන්න පුළුවන්. 


අන්තර්ජාලය හරහා Smartphone, Tablet සහ Notebook වලින් ඔබ නරඹන සෑම දෙයක්ම ඔබ නිවසේ තිබෙන රූපවාහිනී යන්ත්‍රයෙන්ද නරඹන්න පුළුවන් ආකාරයට මෙම උපකරණය නිර්මාණය කර තිබෙනවා .  ඔබ නිවසේ තිබෙන රූපවාහිනී යන්ත්‍රයේ  HDMI Port එකට මෙම උපකරණය සවි කිරීමෙන් සරලව දුරකථනය සහ රූපවාහිනී යන්ත්‍රය අතර ගොඩනැගෙන WiFi සම්බන්ධතාවය   හරහා ඔබට  ඉඩ ලැබෙනවා අන්තර්ජාලයේ ඔබ වඩාත් ප්‍රිය කරන දේවල් රූපවාහිණී යන්ත්‍රයේ තිරයට ගෙන ඒමට. රූපවාහිනී යන්ත්‍රයේ තිබෙන පුළුල් තිරය නිසා වෙනදා නොලැබූ නවතම අත්දැකීමක් එයින් ඔබට ලබා ගන්න පුළුවන්.

මෙම උපකරණයටම සමාන වෙනත් උපකරණ වෙළඳ පොලේ තිබුනත් Chromecast හා සසඳන විට ඒවා වල මිල ඉතා අධිකයි . මෙම පහත තිබෙන පින්තූරයෙන් ඔබට එය දැකගන්න පුළුවන්. 




35$ ක් වැනි මුදලකට Amazon වෙබ් අඩවිය හරහා මෙම උපකරණය ඔබ නිවසටම ගෙන්වා ගන්න පුලුවන්. 


රූපවාහිණී යන්ත්‍රයේ HDMI port එකට මෙම උපකරණය සවි කොට ඒ සඳහා බලය සැපයීමට රූපවාහිනී යන්ත්‍රයේම තිබෙන USB port එකකට මෙහි ඇතුලත් micro usb cable එක සවි කල යුතු වෙනවා. රූපවාහිනයේ අමතර USB port එකක් නොමැතිනම් ඔබට power adapter එක  හරහා අවශ්‍ය කරන  බලය සපයන්නටද පුලුවන්. ඒ සඳහා අවශ්‍ය කරන සියලුම උපාංග මෙම උපකරණය සමග නොමිලේම ලැබෙනවා. පහතින් ඔබට එම උපාංග දැකගන්නට පුළුවන්. 



මේ අවස්තාව වන විටනම Streaming කිරීමට හැකියාව තිබෙන දේවල් තරමක් සීමිතයි. නමුත් වැඩි දෙනෙක් භාවිතා කරන YouTube, Netflix, Google Play Movies, Music, Chrome, HBO වගේ දේවල් නම් නැරඹීමට හැකියාව තිබෙනවා. නමුත් ඉදිරියේදී නම් මේ සඳහා තවත් බොහොමයක් දේවල් ඇතුලත් වීමට නියමිතයි. 






හොඳයි එහෙනම් ගූගල් සමාගමේ අලුත්ම තාක්ෂණික මෙවලම පිළිබඳව  ඔබට තරමක දැනුමක් මෙයින් ලැබෙන්න ඇති කියා සිතනවා. මෙය එතරම් මුදලක් නොවෙන නිසා මිලදී ගෙන සුපිරිම අත්දැකීමක් ඔබට ලබා ගන්නට පුලුවන්. මේ පිළිබඳව ඔබට ඇති ගැටළු comment එකක් මගින් අපෙන් අසන්නට පුලුවන්. 

0 comments: