What Is BIOS ?

මොනවද මේ BIOS කියන්නේ?





ඔබේ පරිගනකයේ තිබෙන BIOS වැඩසටහන පිළිබඳව දැන  සිටීම ඉතාමත්ම වැදගත් වෙනවා. මෙම ලිපියෙන් ඔබට දැනගන්නට පුළුවන් BIOS කියන සැඟවුණු මෘදුකාංගය මගින් ඇත්තටම සිදු කරන්නේ කුමක්ද? යන්න පිළිබඳව සහ එම මෘදුකාංගය සමග වැඩ කරන්නේ කෙසේද යන කරුණු පිළිබඳව. 



මෙම  BIOS වැඩසටහන පරිගණකයන් වල මව්පුවරුවෙහි තිබෙන firmware chip එකක තමයි ගබඩා කර තිබෙන්නේ. එම BIOS වැඩසටහන මගින් ඔබේ පරිගනකයේ තිබෙන ඉතාමත්ම වැදගත් කාර්යයන් පාලනය කරනු  ලබනවා. උදාහරණයක් විදියට පරිගනකය ක්‍රියාත්මක වෙන මොහොතේම mouse, keyboard වලට අදාල drivers ලෝඩ් කිරීම , පරිගණකය boot වියයුතු පිළිවෙල සහ output එක මොනිටර් තිරයෙන් දර්ශනය කිරීම වගේ දේවල් හඳුන්වන්න පුළුවන්. 




BIOS වලට පිවිසෙන්නේ කෙසේද?


ඔබ කරන්න යන දෙය පිළිබඳව අවබෝධයක් නොතිබුනත් BIOS වැඩසටහනට පිවිස එහි තිබෙන settings සියල්ලම වාගේ පරික්ෂා කර බැලීමට ඔබට හැකියාව තිබෙනවා. නමුත් කිසිවක් වෙනස් නොකිරීමට ප්‍රවේසම් වෙන්න. පරිගනකය පළමුව ක්‍රියාත්මක වෙන විට delete key එක එබීමෙන් BIOS වැඩසටහනට පිවිසෙන්න පුළුවන්. නමුත් පරිගනකය නිෂ්පාදනය කරනු ලැබූ ආයතනට  අනුව සමහර විට BIOS වලට පිවිසෙන key එක වෙනස් වෙනවා. කෙසේ වෙතත් පරිගනකය ක්‍රියාත්මක වෙන විට එම තිරයෙන් ඔබට පවසනවා එබිය යුතු වෙන්නේ කුමන key එකද යන්න පිළිබඳව. 






UEFI vs. Traditional BIOS 


BIOS වලට පිවිස එහි තිබෙන සැකසුම් මගින් සිදු කරගන්න පුළුවන් මොනවාද යන්න කතා කිරීමට ප්‍රථම, ඔබ දැනගත යුතු වෙනවා අලුත් UEFI BIOS වල සහ පැරණි BIOS අතර තිබෙන වෙනස පිලිබඳව. 


UEFI BIOS වැඩසටහන පරිශීලකයාට ඉතාමත් (user friendly) සුහදශීලී ආකාරයට තමයි නිර්මාණය කර තිබෙන්නේ. මෙම BIOS  වර්ග දෙක අතර තිබෙන පැහැදිලිම වෙනස ලෙස ඔබට දැකගන්නට ලැබෙන්නේ එයයි. ඒවගේම mouse එකෙන්ද BIOS වල තිබෙන සැකසුම් වෙනස් කිරීමට සහ හැසිරවීමට හැකි වීම එහි තිබෙන තවත් පැහැදිලි වෙනසක් ලෙස හඳුන්වන්න පුළුවන්. 



නමුත් සාම්ප්‍රදායික පැරණි BIOS වැඩසටහන නම් ඉතාමත් අශෝභන, සීමිත (configuration options) වලින් සමන්විත එකක් බව මෙම පහත තිබෙන පින්තූරය දෙස  බැලීමෙන් ඔබට පහසුවෙන්ම අවබෝධ කරගන්නට පුළුවන්. මෙම BIOS වැඩසටහන් පද්දතිය අවුරුදු ගණනාවක් තිස්සෙම භාවිතා කරනු ලැබුවා. මෙහි තිබෙන යම් යම් අඩුපාඩු නිසා සෑම පරිගණක නිෂ්පාදන ආයතනයක්ම ඒ සඳහා විකල්පයක් ලෙස අලංකාරවත් මුහුනතකින් යුතු වැඩිදියුණු කරන ලද UEFI BIOS  නිර්මාණය කිරීමට පෙළඹුනා. 




BIOS වැඩසටහන මගින් කරගන්නට පුළුවන් මොනවාද?

යම් දෝෂයන් නිරාකරණය කරගැනීමට, මෘදුකාංග වලින් සිදු කරගැනීමට නොහැකි (advanced configuration) වගේ දේවල් සහ තවත් බොහොමයක් දේවල් කරගැනීමට BIOS මගින් අවස්තාව ලබා දෙනවා . එම නිසා සෑම පරිගණක පරිශීලකයෙක්ම BIOS වැඩසටහන පිළිබඳව දැනුවත්ව සිටීම අතිශය වැදගත්. 


Boot වෙන පිළිවෙල වෙනස් කිරීම 

ඔබේ පරිගනකයේ තිබෙන දෘඩ තැටි කිහිපයක මෙහෙයුම් පද්දති එකකට  වඩා වැඩි ගණනක් ස්ථාපිත කර තිබෙනවානම්, පරිගනකය ක්‍රියාත්මක වෙන මොහොතේදී boot විය යුත්තේ කුමන දෘඩ තැටියේ තිබෙන මෙහෙයුම් පද්දතියද යන්න තේරීමට BIOS මගින් හැකියාව තිබෙනවා. ඒවගේම දෘඩා තැටි වලට අමතරව CD ROM, USB Devices මගින් පරිගනකය boot කිරීමටද boot order එක සකස් කරගන්න පුළුවන්. 





උෂ්ණත්වය, පංකා  වල වේගය, වෝල්ටීයතාව පිළිබඳව සොයා බැලීම. 


අනවශ්‍ය ලෙස උෂ්ණත්වය ඉහල යෑම පිළිබඳව සහ පරිගනකයේ තිබෙන කොටස් වලට නිසිලෙස විදුලිය ලැබෙනවාද යන්න පරික්ෂා කර බැලීම සඳහා හොඳම ස්ථානය වෙන්නේ BIOS වැඩසටහනයි. 






Overlocking

CPU එකෙහි clock rate එක,  වෝල්ටීය තාවය වගේ දේවල් වෙනස් කිරීම මගින් පරිගනකය වේගවත් කරගැනීමට හැකියාව තිබෙනවා. මෙය සිදු කිරීමේදී ඉතාමත් ප්‍රවේසමින් කල යුතු වෙනවා. 




පරිගනකයට අගුලු දැමීම. 


අවසර නැති මෙහෙයුම් පද්දති boot වීම වලකා  භාවිතා කිරීමට නොහැකි වෙන ලෙස අගුලු දැමීමට UEFI BIOS වලින් හැකියාව තිබෙනවා. පෞද්ගලික සහ රහසිගත තොරතුරු ආරක්ෂා කරගැනීම සඳහා භාවිතා කරන්න පුලුවන් ඉතාමත් හොඳ ආරක්‍ෂිත ක්‍රමවෙදයක් ලෙස එය හඳුන්වන්න පුළුවන්. ඒවගේම පරිගනකය on වෙන මොහොතේදී මුරපදයක් දැමීම මගින් පරිගනකයට අගුලු දමන්නද පුළුවන්. 


වෙනත් සුළු දේවල්. 

ඉහත සඳහන් කරනු ලැබුවේ BIOS වලින් කරගන්න පුළුවන් ප්‍රධානම සහ පොදු දේවල් කිහිපයක් ගැන පමණයි. ඊට අමතරව තවත් බොහෝ දෑ තිබෙනවා. පද්දතියේ වෙලාව සකස් කිරීම, දෘඩාංග profile තෝරාගැනීම වගේ දේවල් ඊට අමතර සිදු කරගන්න පුළුවන්. කාලයක් BIOS පිළිබඳව පුරුදු පුහුණු වීමෙන් ලැබෙන අත්දැකීමෙන් ඔබට BIOS පිළිබඳව වඩාත් උසස් දැනුමක් ලැබෙනවා ඇති. ඒ මගින් එදිනෙදා ඇති වෙන ගැටළු පහසුවෙන් විසඳා ගැනීමට ඔබට හැකි වෙනවා. 


වැඩි දෙනෙක් අවධානයක් යොමු නොකරන සැඟවී තිබෙන BIOS වැඩ සටහන පිළිබඳව සහ එයින් කරගන්නට පුලුවන් වැදගත් දේවල් රාශියක් පිළිබඳව අද අපි ඔබව දැනුවත් කරනු ලැබුවා. මෙවැනි තවත් බොහෝ දේවල් දැනගන්න ඔබේ ප්‍රියතම වෙබ් අඩවිය වෙන Apps Lanka සමග රැදී සිටින්න. 


ඔබේ අදහස් පහලින් දක්වා යන්නට අමතක කරන්න එපා. 

0 comments: