YouTube Tricks, Tips & Secret Features
YouTube වල ඔබ මෙතෙක් නොදැන සිටි (Tricks, Tips & Secret Features) රාශියක්.
1. YouTube My Speed
YouTube වීඩියෝ නරඹන විට වැඩි වෙලාවක් ලෝඩ් වෙනවාද එසේනම් ඔබේ වීඩියෝ ස්ට්‍රීමින් වේගය අන්තර්ජාල පහසුකම් සපයන්නා (ISP), ඔබේ නගරය, ඔබේ පළාත, ඔබේ රට සහ ලෝකයේ සාමාන්‍ය වීඩියෝ ස්ට්‍රීමින් වේගය සමග සසඳා බලන්න මෙම පහත තිබෙන වෙබ් පිටිවට පිවිසෙන්න.
2. YouTube Snakes Easter Eggs
ඔබට මතක ඇතියි කියා සිතනවා අපි සෙල්ලම් කර පැරණි Snake game එක. ඔබ දැන සිටියාද ඔබට පුළුවන් බව වීඩියෝ එකක් නරඹන ගමන් එම game එක YouTube මගින් play කරන්නට හැකියාව තිබෙන බව. එය play කිරීමට වීඩියෝ එක pause කර Left Arrow Key එක තත්පර දෙකක් පමණ ඔබා ගෙන සිටින්න. එය ඔබා ගෙන සිටින අතර තුර Up Arrow key එක ඔබන්න. දැන් ඔබට වීඩියෝ එක නරඹන ගමන් snake game එක play කරන්න පුලුවන්.
3. YouTube Editor
YouTube එකට වීඩියෝ upload කිරීමට ප්‍රථමව ඔබ ඒවා එඩිට් කරනවාද? නමුත් ඔබ දැන් එසේ කලයුතු නැහැ මොකද ඔබට පුළුවන් වීඩියෝ YouTube එකට upload කර පසුවත් එඩිට් කිරීමට. මෙහිදී ඔබට පුළුවන් වීඩියෝ එකට එකතු කිරීමට , කපාගැනීමට සහ හැරවීමට. එයට අමතරව තවත් බොහොමයක් දෑ කරගන්න පුළුවන්. පහත තිබෙන ලින්ක් එකෙන් ඒ වෙත ඔබට පිවිසෙන්න පුළුවන්.
4. Watch Videos blocked in your country : URL trick
සමහර වීඩියෝ සමහරක් රටවල් වලට නැරඹීමට නොහැකි වෙන ලෙස YouTube එකෙන් අවහිර කරනවා. නමුත් සරල URL ට්‍රික් එකක් මගින් ඔබට පුළුවන් අවහිර කරන ලද එම වීඩියෝ නැරඹීමට.
එලෙස අවහිර කරන ලද වීඩියෝ එකක URL එකක් දිස් වෙන්නේ මේ පහත තිබෙන ආකාරයට.
youtube.com/watch?v={video-id}
එම වීඩියෝ එක නැරඹීම සඳහා ඔබට කරන්න තිබෙන්නේ ඉතාමත්ම සුළු දෙයක්. එය නම් මෙම පහත තිබෙන පරිදි සුළු වෙනස් කමක් සිදු කිරීමයි.
youtube.com/v/{video-id}
ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති එහි දී සිදු කර තිබෙන වෙනස. අන්න ඒ ආකාරයට අවහිර කර තිබෙන වීඩියෝ නරඹන්නට හැකියාව තිබෙනවා.
5. YouTube Live
YouTube වල තිබෙන මෙම පහුකම මගින් ඔබට පුළුවන් සජීවීව විකාශනය කරන වැඩසටහන් නැරඹීමට. ඉදිරියේදී සජීවීව විකාශනය කිරීමට නියමිත වැඩසටහන් වල ලැයිස්තුවක්ද බලා ගන්න පුළුවන්. එම පහසුකම සඳහා පහත තිබෙන ලින්ක් එක ක්ලික් කරන්න.
මෙය මෙම ලිපියේ පළමුවෙන කොටස වන අතර තවත් කොටසක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
0 comments: