Where is the BIOS Stored?

ඔබේ පරිගණකයේ තිබෙන BIOS වැඩසටහන ගබඩා කර තිබෙන්නේ කොහේද ?





පරිගනකයේ BIOS කියන වැඩසටහන ඇත්තටම ගබඩා කර තිබෙන්නේ කොහේද? යන ප්‍රශ්නය බොහොමයක් නවක පරිශීලකයින්ට ඇති වෙන දෙයක්. එහෙනම් අපි බලමු මෙම BIOS වැඩසටහන ගබඩා කර තිබෙන්නේ කෙසේද සහ ඒ සඳහා භාවිතා කර තිබෙන තාක්ෂනය කුමක්ද  යන්න පිළිබඳව. 


මෙම BIOS වැඩසටහන ගබඩා වී තිබෙන්නේ  විද්‍යුත් ක්‍රමයට මකා දැමිය හැකි සහ වැඩසටහන්ගත කර හැකි කියවීමට පමණක් හැකියාව තිබෙන මතකයක් හෝ Flash Memory එකක් විදියටයි. එම තාක්ෂණික ක්‍රමය "EEPROM" ලෙස හඳුන්වන්න පුළුවන්. කියවීමට පමණක් හැකි වෙන නිසා මෙහි තිබෙන chip එක ලෙහෙසියෙන් වෙනස් වෙන්නේ නැහැ. විදුලි බලය නොමැති වුනත් මතකයේ තිබෙන කරුණු ඒ විදියටම පවතිනවා.


මෙම ROM එක "EEP " වීම නිසා නැවත ලිවීමටද යාවත්කාලීන කිරීමටද හැකියාව තිබෙනවා.  අත්තීතයෙදී නම් BIOS chip එකක් යාවත් කාලීන කිරීමට සහ නැවත ලිවීමට නම් ඔබට සිදු වෙනවා මව් පුවරුවෙන් ගලවා නැවත අලුතෙන් එකක් සවි කිරීමට. එම chip එක "EPROM" ගණයට අයත් වන එකක් නම් එය නිෂ්පාදනය කරනු ලැබූ ආයතනයට භාර දී යාවත්කාලීන කරගන්නට පුළුවන්. නමුත් වර්තමානයේ අප භාවිතා කරන "EEPROM" ගනයේ  BIOS chip නම් ඔබටම වුවද ඔබේ පරිගණකයෙන්ම යාවත්කාලීන කරගන්නට හැකියාව තිබෙනවා. 








ඉහත සඳහන් කල පරිදි BIOS වැඩසටහන ගබඩා කර තිබෙන Flash-Memory එක පහසුවෙන් වෙනස් කල නොහැකි ගබඩා කරන මාධ්‍යයක් ලෙස හනුදුන්වන්න පුළුවන්. නමුත් විද්‍යුත් ආකාරයෙන් නැවත ලිවීමට සහ යාවත්කාලීන කිරීමට හැකියාව තිබෙනවා. Flash-Memory එකක් සහ EEPROM එකක් එකිනෙකට සමාන කරන්න බැහැ. මොකද ඒවා වල තිබෙන MOS වර්ගයේ ට්‍රන්සිස්ටර්ස් වල ඇතුලත් වෙන්නේ එකිනෙකට වෙනස් ආකෘතීන්. කොහොම වුනත් ඒවා වල තමයි මෙම BIOS වැඩසටහන් ගබඩා කර තිබෙන්නේ. 


මෙහිදී කතා කලයුතු වැදගත්ම දෙයක් තමයි CMOS සහ BIOS අතර තිබෙන සම්බන්ධ තාවය. අපි ඔබට කිව්වනේ මෙම BIOS වැඩසටහන ලෙහෙසියෙන් වෙනස් කර නොහැකි බව. ඔබට ගැටලුවක් ඇති එහෙනම් එහි තිබෙන settings අපිට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ කෙසේද කියා. එක වෙන්නේ මෙහෙමයි ඔබ BIOS settings වල සිදු කරන වෙනස් කම් ගබඩා වෙන්නේ  CMOS chip එකේ. එම chip එකට බලය ලැබෙන්නේ මව් පුවරුවේ සවි කර තිබෙන කුඩා බැටරියකින්. අන්න එම හේතුව නිසා තමයි ඔබ එම බැටරිය ඉවත් කර විට BIOS settings , Default settings වලට reset වෙන්නේ. 



තවත් මේ පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මෙහි තිබෙන ඇතැම් සංකීර්ණ කරුණු විග්‍රහ කිරීමට තරම් දැනුමක් මට නොමැති නිසා. නමුත් මේ විස්තර ඔබට ප්‍රමාණවත් වෙනවා මුලික අවභෝධයක් ලබා ගන්න BIOS පිළිබඳව. 



හැමදාම වගේ අදත් ඔබට කියනවා ඇති වෙන ගැටළු පහතින් සඳහන් කරන්න. ඒ සඳහා පිළිතුරු ලබා දීමට අප පොරොන්දු වෙනවා. 





0 comments: