Correct sinhala fonts error on some sinhala blogs

ඔබේ Andriod දුරකතනයෙන් සමහරක් සිංහල blog වල Font කියවන්න බැරිද? 





සමහරක් බ්ලොග් කරන අය unicode භාවිතා කරන්නේ නැතිව කෙලින්ම සිංහල Font එකෙන්ම ලිපි ලියනවා. එම හේතුව නිසා පරිගනකයෙන් සිංහල font එක කියවන්නට පුළුවන් වුනත් සාමාන්‍ය ආකාරයට android දුරකථන වලින් සිංහල font එක කියවන්නට බැරි වෙනවා. එහි තිබෙන sinhala ෆොන්ට් පෙන්වන්නේ ඉංග්‍රීසි අකුරු විදියටයි . එම හේතුව නිසා එවැනි බ්ලොග් වල තිබෙන වැදගත් ලිපි කියවීමට android දුරකථන භාවිතා කරන ඔබට නොහැකිව යනවා. මෙම ලිපියෙන් අප බලාපොරොත්තු වෙන්නේ නිවැරදි ආකාරයට ඔබේ android දුරකතනයෙන් එවැනි බ්ලොග් කියවන ආකාරයයි. 


වැඩි දෙනෙක් මේ ගැටලුවට මුහුණ දෙන්නේ opera mini වගේ වෙබ් browser භාවිතා කරන නිසා. එයින් unicode කියවන්නට පුළුවන් වුනත් සමහරක් බ්ලොග් වල තිබෙන සිංහල  font කියවන්නට හැකියාවක් නැහැ. නමුත් ඔබ Google Chrome වගේ ඉහල ගුණාත්මක තාවයකින් යුතු browser එකක් භාවිතා කරනවානම් මේ ගැටලුවට මුහුණ දෙන්නේ නැහැ. ඔබ එම අඩාල සිංහල බ්ලොග් එකට පළමු වතාවට ගිය විට ඔබට පෙන්වන්නේ එහි mobile site එක. එහිදීත් ඔබට සිංහල font පෙන්වන්නේ නැහැ. ඔබ ඒ සඳහා සුළු දෙයක් කර යුතු වෙනවා එවිට වඩාත් පැහැදිලිව පහසුවෙන්ම සිංහල font කියවන්න පුළුවන්.



1. පළමුව ඔබ Google Chrome ස්ථාපිත කරගෙන නොමැතිනම් එය play store එකෙන් බාගෙන ස්ථාපිත කරගන්න. 





2. එම බ්‍රව්සර් එක ස්ථාපිත කර ගත් පසුව. සිංහල font පෙන්වන්නේ නැති බ්ලොග් එකට පිවිසෙන්න. 




3. දැන් ඔබට දකින්නට ලැබෙන්නේ එම blog එකේ mobile site එකයි. එහිදීත් ඔබට සිංහල font පෙන්වන්නේ නැහැ විකාර ඉංග්‍රීසි අකුරු පමණයි පෙන්වන්නේ. 





4. දැන් එම බ්ලොග් එකේ පහලටම එන්න. පහලටම ආවිට ඔබට දැකගන්නට ලැබේවි (view web version) යනුවෙන් option එකක් දැන් එම option එක තෝරන්න. 





 5. එම option එක තෝරා ටික වෙලාවක් ගිය පසුව ඔබට දැකගන්නට ලැබේවි පහත පරිදි එම බ්ලොග් එකේ සිංහල font එක නිවැරදිව පෙන්වනවා. 






මෙම ක්‍රමය android දුරකථන සඳහානම් 100% ක් සාර්ථකයි. නමුත් apple, nokia වගේ දුරකථන සඳහා ගැටලුවක් තිබෙනවා. මෙම ආකාරයටම apple, nokia දුරකතන වල mobile version එක නැතිව web version එක තෝරා බලන්න. එසේත් හරි ගියේ නැතිනම් browser එක වෙනස් කර උත්සහ කරන්න. සමහර විට ඔබට හැකි වේවි එම ක්‍රමය මගින් sinhala font කියවවීමට සමහරක් sinhala බ්ලොග් වල තිබෙන.


හොඳයි එහෙනම් ඔබට මෙම ලිපිය ප්‍රයෝජනවත් වේවි කියා සිතනවා. මා මෙය මාගේ android දුරකතනයෙන් අත්හදා බලා තමයි මෙම ක්‍රමය ඉදිරිපත් කරේ. එය 100% ක්ම සාර්ථක ක්‍රමයක්. ලිපිය හොඳනම් comment එකක් දමා යන්නටත් අමතක කරන්න එපා. 


0 comments: