World's most viewed photograph by Charles O'Rear
ලෝකයේ වැඩිම පිරිසක් නැරඹු චායාරූපය.
ඔබ සතුව "windows xp" මෙහෙයුම් පද්දතියෙන් යුතු පරිගනකයක් තිබේනම්. ලෝකයේ වැඩිම දෙනෙක් නැරඹු එම චායාරූපය ඔබත් අනිවාර්යයෙන්ම නරඹා තිබෙනවාට කිසි සැකයක් නැහැ . (bliss) ලෙස හඳුවන මෙම චායාරූපය වින්ඩෝස් xp මෙහෙයුම් පද්දතියේ (lunar theme) හී ඩිෆෝල්ට් වෝල්පේපර් එක විදියට යොදා ගෙන තිබෙනවා. windows xp මෙහෙයුම් පද්දතියේ සාර්ථකත්වයත් සමග මෙම චායාරූපය බිලියනයක් පමණ මිනිසුන්ගේ පරිගණක අලංකාරයෙන් සරසනු ලැබුවා.
මෙම ලොකප්‍රසිද්ධ චායාරූපය අරගනු ලැබුවේ ( Charles O'Rear) නැමති පුද්ගලයා විසින්. ඔහු පවසන්නේ මෙම චායාරූපය චීනයේ ගම්බද පුද්ගලකුට පෙන්වුවොත් ඔහු පහසුවෙන්ම මෙය හඳුනා ගන්නා බවයි. ඒවගේම අනතර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ගගනගාමියෙකුට වුනත් මෙම චායාරූප පහසුවෙන්ම හඳුනා ගත හැකි බවයි . එයින් ප්‍රකාශ කිරීමට උත්සහ කරන්නේ කෙතරම් මෙම චායාරූපය මිනිසුන් අතරට සමීප වී ඇත්ද යන්නයි.
වින්ඩෝස් xp මෙහෙයුම් පද්දතිය බිහි වීමට වසර පහකට පෙර තමයි මෙමෙ චායාරූපය එම මහතා විසින් චායාරූපගත කර තිබෙන්නේ. කැලිෆෝනියාවේ නාපා නිම්නය පසුකරමින් යන අතරතුර දුටු දසුනක් තමයි මේ ආකාරයෙන් ඔහුගේ කැමරා කාචයට අසු වී තිබෙන්නේ. ඒවගේම තමයි එම චායාරූපය ඩිජිටල් තාක්ෂනය මගින් වෙනස් කිරීමට හෝ වැඩිදියුණු කිරීමට කිසි ලෙසක ඉඩ නොදෙන බව ඒ මහතා පවසා තිබෙනවා.
මයික්‍රොසොෆ්ට් ආයතනවා විසින් චායාරූපය සඳහා කොපමන මුදලක් ගෙව්වාද යන්න කියන්න දන්නේ නැහැ. නමුත් O"Rear මහතා පවසන පරිදි ඔහුට විශ්වාස කල නොහැකි තරමේ වැඩි වටිනාකමකින් යුතු මුදලක් මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් ඔහුට ලබා දී තිබෙනවා.
0 comments: