The Raspberry Pi is a credit-card-sized single-board computer

"රාස්බෙරි පයි" මෙය ක්‍රෙඩිට් කාඩ් එකක් තරම් කුඩා පරිගනකයකි.


සාමාන්‍ය ක්‍රෙඩිට් කාඩ් එකක් තරම් කුඩා මදර්බෝඩ් එකක් සහිත පරිගනකයක් තමයි "රාස්බෙරි පයි" කියන්නේ. මෙය බ්‍රිතාන්‍යයේ රාස්බෙරි ෆවුන්ඩේෂන් ආයතනයේ ඉදිරිපත් කිරීමකි.


මෙම රාස්බෙරි පයි පරිගනකය බැලු බැල්මට පෙනෙන්නේ කුඩා හුරුබුහුටි පෙටියක් ලෙසයි. එතුල තිබෙන්නේ 8.56 cm , 5.39cm ප්‍රමාණයේ මදර්බෝඩ් එකකි. එම පරිගනකයේ සකසනය ( CPU ) 700MHz ARM වර්ගයේ එකකි. අඩුම තාවකාලික මතකය (RAM) 128MB වන අතර 256MB මාදිලියක්ද වේ. මෙහි දෘඩ තැටියක් නොමැත ඒ වෙනුවට භාවිතා වෙන්නේ (SD Card) එකකි.

මෙම කුඩා පරිගනකයේ HDMI ඕඩියෝ ජැක් එකක් සහ වීඩියෝ ජැක් එකක් තිබෙනවා. ඒවගේම තමයි USB පෝට් එකක්ද  තිබෙනවා. මෙහි තිබෙන ග්‍රැෆික් කාඩ් එක ( Broadcom VideoCore IV ) මාදිලියට අයත් එකක්. මෙවැනි පරිගණක මාදිලි දෙකක් තියෙනවා එකක් ඩොලර් 25 ක මුදලකටද අනික ඩොලර් 35කට මිල නියම කොට තිබෙනවා. ඩොලර් 25 කට අලෙවි වෙන මාදිලියේ ( Ethernet Port) එකක් ඇත්තේ නැහැ. එය තිබෙන්නේ ඩොලර් 35කට අලෙවි වෙන මාදිලියේ පමණයි. මෙහි දත්ත ගබඩා කිරීම සඳහා දෘඩ තැටි භාවිතා වෙන්නේ නැහැ. ඒ සඳහා භාවිතා වෙන්නේ (SD Card). මතකය වැඩි කරගැනීමට අවශ්‍යනම් අමතර (SD Card) එකක් සවි කල හැකි ස්ලොට් එකක් එහි තිබෙනවා. පරිගනකය සඳහා බලය සැපයෙන්නේ මයික්‍රෝ වර්ගයේ USB කේබල් එකකින්.




ඔබ භාවිතා කරන සාමාන්‍ය පරිගනකයක් මෙන් මෙය භාවිතා කිරීමට පුළුවන්. යතුරු පුවරු, මවුස්. ස්පීකර් වැනි උපාංග සියල්ලම වාගේ සම්බන්ධ කිරීමට හැකියාව තිබෙනවා. සාමන්‍ය මොනිටරයකට මෙන්ම රූපවාහනි මොනිටරයකටද සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේම මෙම පරිගනකය linux මෙහෙයුම් පද්දතියෙන් බලගැන්වෙනවා. එම මෙහයුම් පදතිය මත ෆයර් ෆොක්ස් වෙබ් බ්‍රව්සරය, ලිබරේඔෆිස් වැනි ඔෆිස් පැකේජයන්ද කිසිඳු ගැටලුවකින් තොරව ධාවනය කිරීමට පුළුවන්. 


පාසල් දරුවන්හට මුලික පරිගණක අධ්‍යාපනය ලබා දීම සඳහා උපකරණයක් සෑදීම අරමුණු කොට ගෙන බ්‍රිතාන්‍ය ජාතික " ඩේවිඩ් බ්රුබන්" විසින් සැලසුම් කල දෙයක් තමයි රාස්බෙරි පයි කියන කුඩා පරිගනකය.  2006 දී ඇරඹුණු එම ව්‍යාපෘතිය වසර පහක් පමණ පරීක්ෂණ පවත්වා අන්තිමේදී වෙළඳ පොලට නිකුත් කරනු ලැබුවේ 2011 වර්ෂයේ දෙසැම්බර් මාසයේදීය




( raspberrypi.org) නිල වෙබ් අඩවිය විසින් ප්‍රකාශ කරන පරිදි ලොව ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය හරහා රාස්බෙරි පයි පරිගනකය ඇනවුම් කිරීමට හැකියාව තිබෙනවා.



2 comments: