How to know when it's time to replace your Laptop's Battery

ඔබේ Laptop පරිගනකයේ බැටරිය ප්‍රතිස්ථාපනය (Replace) කිරීමට සුදුසු කාලය  නිවැරදිව දැනගනිමු.


ඔබේ laptop පරිගනකයේ බැටරියට ඔබ වඩා හොඳින් සැලකුවත් වැඩක් වෙන්නේ නැහැ. අවසානයේදී එය භාවිතා කිරීමට නොහැකි තත්වයට පත් වෙනවා. ඔබ වාසනාවන්ත නම් ,  ඔබේ laptop පරිගනකයද Replace කිරීමට සිදු වෙන කාලයක බැටරිය භාවිතයට ගැනීමට නොහැකි ලෙසට පත් වේවි. එසේ නොමැතිනම්  ඔබට laptop පරිගණකයේ බැටරිය ඉවත් කොට අලුතෙන් බටරියක් දැමීමට සිදු වෙනවා.

බැටරියේ මිය යෑම හදිසියේම සිදු වෙන්න පුළුවන්. කෙසේ වුනත් Windows මගින් ඔබ දැනුවත් කරනු ලබනවා බැටරියේ ධාරිතාව වඩාත් අඩු මට්ටමකට පත් වූ විට. 



Windows විසින් ඔබව දැනුවත් කරනු ලබනවා 


සාමාන්‍යයෙන් windows විසින් දවසින් දවස බැටරියේ "Capacity Level" එක පිළිබඳව ඔබ දැනුවත් කරනු ලබන්නේ නැහැ. නමුත් laptop පරිගනකය භාවිතා කිරීමේදී ඔබට දැකගන්නට ලැබේවි වෙනදාට වඩා පරිගණකය වැඩි වෙලාවක් බැටරි බලයෙන් ක්‍රියා කිරීමට නොහැකි බව.

අවසානයදී, ඔබේ බැටරියේ ධාරිතා මට්ටම වඩාත් අඩු මට්ටමකට පැමිණිය විට. Windows විසින්  ඔබව දැනුවත් කරනු ලබනවා. ඔබට එය දැකගැනීමට පුළුවන් බැටරි Icon එක මත රතු පාට කතිර සලකුණකින්. ඔබ විසින් එය ක්ලික් කර විට ඔබේ laptop පරිගනකයේ බැටරිය ප්‍රතිස්ථාපනය (Replace) කල යුතු බවට දැනුවත් කර සිටින පණිවිඩයක් දිස් වෙනවා. ඒවගේම තමයි Windows විසින් කියා සිටිනවා බැටරියේ දෝෂයක් නිසා පරිගනකය හදිසියේම Shutdown වීමට හැකි බව. ඒ මොකද ඔබේ බැටරියට වැඩි වෙලාවක් එහි බලය රඳවා ගෙන සිටීමට නොහැකි නිසා.

සැ.යු - මෙවැනි දැනුවත් කිරීම් ඇතුලත් කර තිබෙන්නේ Windows 7 වලයි . ඔබ භාවිතා කරන්නේ Vista හෝ xp නම් මෙවැනි දැනුවත් කිරීම් ඔබ දකින එකක් නැහැ. 





ඔබේ laptop පරිගනකයේ බැටරියේ ධාරිතාව පරික්ෂා කර බලමු.

ඔබ කුතුහලයකින් පසු වෙනවානම් ඔබේ බැටරියේ බලය කොපමණ වෙලාවක් පවත්වා ගත හැකිද යන්න පිලිබඳව. ඔබට පුළුවන් ඒ සඳහා භාවිතා කිරීමට "BatteryInfoView" කියන  Third-Party මෘදුකාංගය. එයින් පුළුවන් වෙනවා බැටරිය කොපමණ වෙලාවක් භාවිතා කිරීමට පුලුවන්ද, දැනට එහි තිබෙන ධාරිතාව සහ බැටරිය නිෂ්පාදනය කර තිබෙන්නේ කොපමණ වෙලාවක් බලය සැපයීමටද කියන කරුණු පිළිබඳව දැනගැනීමට .

උදාරණයක් මගින් පැහැදිලි කරොත්  මෙම පහත තිබෙන ස්ක්‍රීන් ෂොට් එකේ තිබෙන ආකාරයට එම බැටරිය නිෂ්පාදනය කර තිබෙන්නේ 86,000 mWh වැනි බල ශක්තියක් රඳවා ගැනීමට. කොහොම වුනත් බැටරියේ දැනට පවතින ධාරිතාව අනුව උපරිම වශයෙන් "Charge" කරත් එහි රඳා පවතින්නේ 61,261 mWh වගේ බලයක්. වෙනත් විදියකට කිව්වොත් එහි නියම ධාරිතාවෙන් 70.8% වගේ ධාරිතාවයක් තමයි රඳවා ගෙන තබා ගැනීමට පුළුවන් වෙන්නේ එය උපරිම වශයෙන් "Charge" කරත්. 




Download BatteryInfoView


Calibrating Your Battery 

ඉහත සඳහන් වුන තොරතුරු සම්පූර්ණයෙන්ම නිවැරදි නොවෙන්න පුළුවන් ඔබේ බැටරිය ක්‍රමාංකනය (Calibration) කල යුතුව තිබෙනවානම්. උදාහරණයක් විදියට බැටරියක් තිබෙනවා කියල හිතමු සම්පූර්ණයෙන්ම මිය ගිය බවට වාර්තා වෙන. ඒවගේම තමයි windows විසින් බැටරිය වහාම Replace කල යුතුයි අනතුරු ඇඟවූ 

නමුත් බැටරිය ක්‍රමාංකනය  (Calibration) කල පසුව. Windwos විසින්පෙර කල අනතුරු ඇඟවීම නවතා තිබෙනවා. එහිදී ක්‍රමාංකනය උදව් වී තිබෙනවා බැටරියේ සංවේදක වලට බැටරියේ කොපමණ බලයක් තිබුනේද යන්න හඳුනා ගැනීමට. Windows විසින් පවසා සිටිනවානම් බැටරිය "Replace"  කල යුතුයි කියා, පළමුව එය ක්‍රමාංකනය (Calibration) කරන්න. ඔබේ එසේ සිදු කරනු ලබන්නේ නැති නම් ඔබ ඉවත දමන බැටරිය තවමත් යහපත් මට්ටමේ තිබෙන එකක් වෙන්න පුළුවන්. එමගින් නිකරුනේ මුදල් නාසිති වීම නැති කරගන්න පුලුවන්. 




බැටරිය ක්‍රමාංකනය (Calibration) කරන ආකාරය මෙහිදී දක්වන්නේ නැහැ. එය නිවැරදිව පියවරෙන් පියවර සිදු කරගන්නා ආකාරය ඉදිරියේදී ලිපියකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා 



ඔබට පොරොන්දු වුන පරිදි දවසක් ඇතුලත බැටරිය ක්‍රමාංකනය (Calibrate) කරගන්නා ආකාරය පිලිබඳ ලිපියක් අපි විසින් ඉදිරිපත් කළා. එය කියවීමට පහත තිබෙන බටන් එක ක්ලික් කරන්න. 




laptop පරිගණකයේ බැටරියේ ධාරිතාව ක්‍ෂය වෙන්නේ ඇයි.


laptop පරිගණක වල බැටරි වල ධාරිතාව ක්‍රමයෙන් ක්ෂය වීමට බලපාන සාධක ගණනාවක් තිබෙනවා. "Heat , Usage , Age" ඒවා වලින් සමහරක්. බැටරියේ වයස අනුව ධාරිතාවද ක්ෂය වෙනවා. වැඩි වෙලාවක් laptop පරිගනකය මේසයක් උඩ වගේ තබාගෙන භාවිතා කිරීම නිසා ධාරිතාව වැඩි වශයෙන් අඩු වීමට පුළුවන්. මොකද බැටරිය අධික ලෙස රත් වෙන නිසා, බැටරිය ගලවා තැබීම බැටරියේ ආයු කාලය තරමක් හෝ වැඩි කර ගැනීමට හේතු වෙනවා. 


බැටරිය ප්‍රතිස්ථාපනය (Repalce) කිරීම 

ඔබේ laptop පරිගනකයේ තිබෙන්නේ "user-serviceable" බැටරියක් නම්, ඔබට පුළුවන් වෙනවා පහසුවෙන්ම අලුත් බැටරියක් ඒ සදහා ආදේශ කිරීමට. නමුත් ඔබේ පරිගනකයේ බැටරිය "user-serviceable" එකක් නොවේනම් ඔබට සිදු වෙනවා "manufacture" සම්බන්ධ කරගැනීමට. ඉන් පසුව ඔවුන්ට හැකියාව තිබෙනවා   ඔබේ laptop එක ගලවා ඔබ වෙනුවෙන්  බැටරිය ප්‍රතිස්ථාපනය (Replace)  කර දීමට.

කිසි විටෙකත් බාල වර්ගයේ Third-Party බැටරි භාවිතා නොකරන්න. මොකද ඒවා නිෂ්පාදනය කරන අය විසින් පෙර පරික්ෂා කරනු ලබන ඒවා නෙවෙයි. එවැනි බැටරි හදිසියේ ගිනි ගැනීමට වුනත් හැකියාවක් තිබෙනවා. 





බැටරි වල ධාරිතාව පිළිබඳව දැඩි ලෙස පසුතැවීමට  අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒවා නිර්මාණය කොට තිබෙන්නේ පරිහරණය කිරීමට නිසා. නමුත් ඔබ සැලකිලිමත් විය යුතු යමක් එහි තිබෙනවා. ඒ තමයි ඉතාමත් වේගයෙන් බැටරියේ බලය පිරිහෙනවානම්. සමහර විට එය සලකුණක්  වෙන්න පුළුවන් ඔබ වඩාත් හොඳින් බැටරියට සැලකිය යුතු වෙන. සමහරවිට ඔබ බැටරිය අධික ලෙස රත් වීමට ඉඩතබනවා වෙන්න පුළුවන්. පරිගනකයට දැනෙන තරමේ වැඩක් පැය දෙක තුනක් එක දිගට කිරීමෙන් බැටරිය වැඩියෙන් රත් වීමට බලපානවා. උදාහරණය විදියට 3D Game එකක් හඳුන්වන්න පුලුවන්.  


14 comments:

  1. mine is a Toshiba, an it's just couple of years in use. But for a long time (over year and half) it suffered a problem. which is, after the battery is fully charged it won't recharge even after the level reduces. Are there any solutions? Please reply asap.

    ReplyDelete
  2. at what battery ware level(%) battery cant be use.my one is 59% now

    ReplyDelete
  3. both of you have to calibrate the battery. i think it will help you to slove problems

    ReplyDelete
  4. etakota battery eka nitarama charage ekata gahan wada karanna hoda nadda?

    ReplyDelete
  5. Thanx brother. thank you. keep it up. good work.. :))))

    ReplyDelete
  6. thnx mchn, Mge lap ekata 2years wenawa, Btry wear level eka 43% thiyenawa dn. mkadda meka gana kiyanna thiyenne mchn, (use karanawa hodaida, narakaida)

    ReplyDelete
  7. 3d game akak wage play karaddi battary aka godak waste wena hinda lap aka chager akata gahala wada karana aka hoda nadda?

    ReplyDelete
  8. yaluwa mage battery wear level eka 100.0% thiyanawane....mokada e gana kiyanne?mokadda eke theruma?

    ReplyDelete
  9. Oyalage oya gatalu walata pilithuru labewi heta dana lipiyen. Battery eka calibrate karana hati kiyala dena lipiyen

    ReplyDelete
  10. up to witch battery wear level battery can be use.....

    ReplyDelete
  11. adoo mage 1eth wetila thienne bn help meeeeeeeeeeeeee

    ReplyDelete
    Replies
    1. මචන් බැටරිය ක්‍රමන්ක්නය කරගෙන බලපන් (Calibrate) . අපි පොස්ට් එකක් දාල තියෙනවා අපේ site එකේ

      Delete
  12. My Toshiba laptop also about 5 years old. Now it automatically shut down when power i connected. Only it can be used from battery power. Charging should do when the machine is off. Any solution?

    ReplyDelete