Microsoft will ending support for XP in 2014

Microsoft සමාගම විසින් Windows XP සඳහා සහයෝගය දැක්වීම 2014 දී අවසන් කරයි.



Microsoft සමාගම විසින් 2014 අප්‍රේල් මස 8 වැනි දින සිට Windows XP සඳහා සහයෝගය දැක්වීම නතර කර දැමීමට තීරණය කර තිබෙනවා. ඔබ මේ වන විටත් Windows XP මෙහෙයුම් පද්දතිය භාවිතා කරන කෙනෙකු නම්. මෙය සැබෑවටම කනගාටුවට කරුණක්.

මේ වනවිටත් Windows XP සඳහා Mcrosoft මගින් ලබා දෙන සහයෝගය.

Microsoft විසින් Windows XP සඳහා ලබා දුන් "Mainstream Support"  2009 වර්ෂයේදීම අවසන් කර දැමුවා.නමුත් "Extended Support" මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒ වගේම තමයි Microsoft සමාගම විසින් Security patches, hot fixes වගේ දේවල් XP සඳහා මේ වනවිටත් නිර්මාණය කරනවා. Windows XP මෙහෙයුම් පද්දතිය අවුරුදු 12 පමණ වයස් ගත වෙනවා. ඒ වගේම මෙය එහි අවසානය වෙන්න පුළුවන්. නමුත් Microsoft විසින් මේ වන විටත් Security patches windows Update හරහා Windows XP වලට ලබා දෙනවා.

නමුත් Microsoft සමාගම වෙතින්  Windows XP සඳහා අවශ්‍ය කරන තාක්ෂණික සහය මුදල් ගෙවා ලබා ගැනීමට හැකියාව තිබෙනවා.





2014 අප්‍රේල් මස 8 වැනි දිනෙන් පසුව Windows XP වලට කුමක් සිදු වේවිද ?

2014 අප්‍රේල් මස 8 වෙනි දින ආරම්භයත් සමගම Windows XP සඳහා Security Patches ලබා දීමක් සිදු වෙන්නේ නැහැ. එම හේතුව නිසා Windows XP භාවිතා කරන අය ලොකු අමාරුවක වැටෙනවා. මොකද ඉදිරියේදී Windows XP සඳහා අවශ්‍ය වෙන Security Patches නොලැබීම නිසා. එම හේතුව නිසා  Microsoft සමාගම ඔබට උපදෙස් දෙනු ලබනවා  Windows XP මෙහෙයුම් පද්දතිය Windows 7 වගේ එකකට Upgrade කරන ලෙස. තව දුරටත් Windows XP සඳහා කිසිඳු තාක්ෂණික සහයෝගයක් Microsoft වෙතින් ලැබෙන්නේ නැහැ.

Microsoft සමාගමේ එම තීරණය නිසා Software නිපදවනු ලබන එම සමාගම් Windows XP සඳහා එම Software සහයෝගය නොදක්වන ආකාරයට තමයි ඒවා නිර්මාණය කරන්නේ. ඒවගේම අලුත් Hardware සඳහා එම සමාගම් විසින් Windows XP වලට Drivers නිෂ්පාදනය කරන්නෙත් නැහැ. එම හේතුව නිසා ඉදිරියේදී නිර්මාණය කරනු ලබන Software සහ Hardware Windows XP වල වැඩ කරන එකක් නැහැ.

උදාහරණයක් මගින් පැහැදිලි කරනවානම් Windows XP වල පැමිණීමත් සමගම Windows 98 වලට සිදු වුනේ අසරණ වීමටයි. මොකද අලුතෙන් හදන Hardware සහ Software තවදුරටත් 98 වල ක්‍රියාත්මක වෙන ආකාරයට ඒවා නිර්මාණය කරේ නැහැ. තව ටික කලකින් Windows XP වලටත් සිදු වෙන්නේ එම ඉරණමම තමයි.

Windows XP සඳහා Security patches නොලැබී යාම Windows XP මෙහෙයම් පද්දතිය භාවිතා කරන ආයතන වලට ලොකු ගැටලුවකට මුහුණ දීමට සිදු වෙන කරුණක් වෙනවා.මොකද එම Security patches අතිශය වැදගත් වෙන නිසා.

Windows XP භාවිතා කරන ඔබ Windows 7 හෝ 8 වගේ මෙහෙයුම් පද්දතියකට මාරු වීම වඩාත් නුවනට හුරුයි නේද ?



තවදුරටත් ඔබට Windows XP අවශ්‍ය නම් 

ඔබ තවදුරටත් Windows XP භාවිතා කිරීම එතරම් සුදුසු දෙයක් නෙවි. මොකද එමගින් ඔබට ආරක්ෂාවක් නොමැති නිසා. ඒවගේම තමයි අලුතෙන් හදන Hardware, Software බොහොමයක්  Windows XP වල ක්‍රියාත්මක වෙන එකකුත් නැහැ. දැනට නිකුත් කොට තිබෙන "Mozilla Firefox සංස්කරණය Windows 98 සඳහා සහයෝගය දක්වන්නේ නැහැ. එම හේතුව නිසා 98 භාවිතා කරන අයට සිදු වෙන්නේ එහි අනාරක්ෂිත පරණ සංස්කරණයම දිගටම පාවිච්චි කිරීමට. අන්න එවැනි අනාරක්ෂිත තත්වයට ඔබටත් මුහුණ දීමට සිදු වෙනවා මේ වන විටත් ඔබ භාවිතා කරන්නේ Windows XP නම්.

ඔබ සතුව තිබෙනවානම් පරණ Software Windows XP වල පමණක් වැඩ කරන, ඔබට හැකියාව තිබෙනවා Windows XP මෙහෙයුම් පද්දතිය Windows 7 වලට upgrade කල පසුවත් එම පරණ Software Windows 7 වලද ක්‍රියාත්මක කිරීමට. ඒ සඳහා ඔබට කරන්න තිබෙන්නේ Virtual Machine එකකින් Windows XP Install කරගන්න එක පමණයි. ඉන් පසුව ඔබට හැකියාව තිබෙනවා Windows XP වල පමණක් වැඩ කරන Software කිසිඳු ගැටළුවක් නැතිව Windows 7 වලත් ක්‍රියාත්මක කරගැනීමට. ඒවගේම තමයි Windows 7 වල Professional, Enterprise සහ Ultimate කියන සංස්කරණ වල තිබෙනවා "Windows Mode" කියාලා Option එකක්  එයිනුත් ඔබට පුළුවන් පරණ Software Windows XP වල ක්‍රියාත්මක කරන ආකාරයට Windows 7 වලදීද ක්‍රියාත්මක කිරීමට.




ඔබේ සමාගම විසින් මේ වනවිටත් පරිගණක සඳහා මෙහෙයුම් පද්දතිය විදියට භාවිතා කරන්නේ Windows XP නම්  මේ Windows 7 සඳහා Upgrade කිරීමට වද්දත් සුදුසු කාලයයි. ඒ වගේම ඔබේ පෞද්ගලික   පරිගණකයේ තිබෙන XP මෙහෙයුම් පද්දතියත් 7 වලට upgrade කල යුතුම වෙනවා. Microsoft සමාගම විසින් Windows 7 සඳහා 2020 දක්වා සහයෝගය දැක්වීමට කටයුතු කරනවා. Windows 8 වලට upgrade කිරීමට හැකිනම් එය වඩාත් සුදුසු වෙනවා.


මෙම ලිපියෙන් ඔබේ දැනුමට වැදගත් දෙයක් එකතු වුනා කියා ඔබ සිතනවානම් අපව දිරිමත් කිරීම සඳහා ඔබේ අදහස් Comment එකක් මගින් දැක්වීමට අමතක කරන්න එපා

24 comments:

  1. It is Very use full Thank You.............

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. වින්ඩොස් 7 හොදයි එ නිසා බය නැතිව පාවිචිචි කරන්න පුලුවන්

    ReplyDelete
  4. Thanks. It's very useful.

    ReplyDelete
  5. වින්ඩොස් 8 හොදයි එ නිසා බය නැතිව පාවිචිචි කරන්න පුලුවන්

    ReplyDelete
  6. win 8 gana danuwath karanna puluwan nm godak wadagath win xp gana danuwath kirima gana sthuthiy

    ReplyDelete
  7. monawa awath XP thamai best

    ReplyDelete