How to share files using WiFi

එක ළඟ තිබෙන පරිගණක කිහිපයක් සමග රැහැන් රහිතව  File Share කරගැනීම.


WiFi පහසුකම තිබෙන පරිගණක දෙකක් අතර ඔබට File Share කරගැනීමට අවශ්‍ය නම්. ඔබට හැකියාව තිබෙනවා Windows 7 වලදී එය පහසුවෙන්ම කරගැනීමට. File Share කිරීම පමණක් නොවෙයි Internet වුනත් මෙම ක්‍රමයට Share කරගැනීමට පුළුවන්. 

අපි මෙය සිදු කරගන්නේ Ad - Hoc කියන තාක්ෂනය භාවිත කරමින්. ඇත්තටම  Ad - Hoc  Network එකක් කියන්නේ විවිද අරමුණු සඳහා පරිගණක සහ Devices අතර ගොඩනගනු ලබන තාවකාලික සම්බන්ද තාවයක්. උදාහරණයක් මගින් පැහැදිලි කරොත් Meeting එකකදී එම අදාළ ලියකියවිලි එකිනෙකා සමග බෙදා ගැනීමට, ඒවගේම Multiplay Games Play කිරීමේදී වගේ දේවල් සඳහා. ඒ විතරක් නෙවි ඔබට හැකියාව තිබෙනවා තාවකාලිකව Internet Connection එක වුනත් Ad-Hoc network එකට සම්බන්ද වී තිබෙන පරිගණක අතර බෙදා ගැනීමට.

මෙම ආකාරයට සම්බන්ධ තාවය ගොඩනැගීම සඳහා Cables, Routers, Access Points වගේ අමතර උපකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒසඳහා අවශ්‍ය වෙන්නේ WiFi පහසුකම තිබෙන පරිගණක දෙකක් පමණයි. එලෙස සාදාගත් Network එකක් මගින් දත්ත සම්ප්‍රේෂණය කිරීම Flash Drive එකකින් කරනවාට වඩා වැඩි වේගයකින් කරගැනීමට හැකියාව තිබෙනවා.

Wireless Enabled පරිගණක දෙක Ready කර ගැනීම 


1.Network & Sharing Center" Open කරගන්න.  දැන් "Connect or Disconnect" කියන තැන ක්ලික්  කරන්න.දැන් ඔබට බලාගැනීමට පුළුවන්. ඔබේ පරිගණකය සම්බන්ධ වී තිබෙන සියලුම Networks. දැන් ඔබේ පරිගණකය කුමන හෝ Network එකකට සම්බන්ධ වී තිබෙනවානම් ඒවා Disconnect කරගන්න.මේ ආකාරයට පරිගණක දෙකේම කරගන්න.




2. මීළඟට වම පසින් පෙනෙන්නට තිබෙන "Manage Wireless Networks " කියන තැන ක්ලික් කරගන්න.




3. ටික වෙලාවක් ගියාට පස්සේ මේ පහත තිබෙන ආකාරයේ Dialog Box එකක් ඔබට දැකගන්න පුළුවන්. ඉන් පසුව "Add" කියන බටන් එක ක්ලික් කරන්න 




4. "Add" බටන් එක කිල්ක් කර පසුව මෙම පහත තිබෙන Windows එක ඔබට දැක ගන්න පුළුවන්. එහි " Create an ad hoc network " ක්ලික් කරන්න.





Ad hoc Network එක Configure කරගැනීම 

5. දැන් ඔබට පේනවා ඇති "Set up a wireless ad hoc network" කියන Window එකක්. දැන් එහි තිබෙන "Next" බටන් එක ක්ලික් කරන්න.



6. ඉන්පසුව ලැබුණු Window එකේදී ඔබට පුළුවන් Network එක සඳහා Name, Security Type, Security key වගේ දේවල් ඇතුලත් කරගන්න.



7. එලෙස Network එක සඳහා එම අවශ්‍ය කරන දේවල් ඇතුලත් කරගත් පසුව "Next" බටන් එක ක්ලික් කරන්න.

ටික වේලාවකින් පසුව මෙම පහත තිබෙනව වගේ තවත් Window එකක් ඇවිත් තිබෙනවා ඔබට දැකගන්න පුළුවන්.



දෙවෙනි Wireless System එක Configure කර ගැනීම.

8. ඔබ විසින් සාදාගත් ad hoc network එකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන පරිගණකයේ, ඒ කියන්නේ අනිත් පරිගණකයේ "Network and Sharing Center" Open කරගන්න. ( Control Panel / Network and Internet / Network and Sharing Center). ඉන්පසුව "Connect or Disconnect" කියන එක කිල්ක් කරන්න. දැන් ඔබට දැකගන්න පුළුවන් ඔබ විසින් අනිත් පරිගණකයෙන් අලුතෙන් හදා ගත් ad hoc network එක එහි දැක ගන්නට ලැබෙනවා. එම Network එක මත ක්ලික් කරන "Connect" කියන බටන් එක කිල්ක් කරන්න.



9. "Connect" බටන් එක කිල්ක් කර පසුව ඔබට ඒ සඳහා ලබා දෙන්න වෙනවා ඔබ එම Network එක සඳහා ලබා දුන් Security Key එක.  

එම Key එක ඇතුලත් කොට network එකට සම්බන්ධ වූ පසුව. Windows විසින් ස්වයන්ක්රීයවම එම Network එක Public Network Profile එකට ඇතුලත් කරනු ලබනවා.

Public Network වලදී Network Discovery and File Sharing Option එක Default ම Disable කරලා තමයි තියෙන්නේ. කොහොම වුනත් දැන් පරිගණක දෙක එකට සම්බන්ධ වී තමයි තිබෙන්නේ. එම Connection එක මගින් ඔබට ගොඩක් දේවල් කරගන්නට හැකියාවක් නැහැ. උදාහරණයක් විදියට ඔබට එක පරිගණකයකින් තවත් පරිගණකයක් Browse කිරීම, File Share කිරීම වගේ දේවල්.

ඒ සඳහා විසඳුම තමයි Home or Work network Profile වලින් එකකට Switch වීම. එමගින් හැකියාව තිබෙනවා File Sharing වගේ දේවල් කරගැනීමට.


10. Network and Sharing Center Open කරගන්න. ඉන්පසුව පහළින්ම තිබෙන "Choose Home Group and Sharing Options " කියන එක කිල්ක් කරන්න.




11. එය ක්ලික් කරගත් පසුව open වුනු window එකේ "What is a network location" ක්ලික් කරන්න.




12. දැන් ඔබට කැමති Network Profile එකක් තේරීමට පුළුවන්. නමුත් මෙහිදී "Home Network: කියන profile එක Select කරන්න.




අවසාන පියවර 

දැන් අනිත් පරිගණකයට ගොස්. 10 - 12 වෙනකන් එම පියවරවල් ටික එම පරිගණකයේත් කරගන්න. මතක ඇතිව එකම network Location එක තෝරන්න මතක තබා ගන්න . දැන් පරිගණක දෙකම තිබෙන්නේ එමක Network Location එකේ. 


දැන් ad hoc network එක භාවිතය සඳහා සුදානම්.


Network කියන එක Open කරගත් පසුව ඔබට දැකගන්න පුළුවන් ඔබ විසින් connect කරගත් computer දෙක දිස් වෙනවා. ඔබට අවශ්‍ය කරන File එක Share කර පසුව අනෙකුත් පරිගණකයෙන් එය Copy ගැනීමට පුළුවන් ad hoc network එක හරහා.



වැඩි දුර අවබෝදයක් ලබා ගැනීම සඳහා මෙම Video එක බලන්න.




මෙම ලිපියෙන් ඔබේ දැනුමට වැදගත් දෙයක් එකතු වුනා කියා ඔබ සිතනවානම් අපව දිරිමත් කිරීම සඳහා ඔබේ අදහස් Comment එකක් මගින් දැක්වීමට අමතක කරන්න එපා


35 comments:

  1. very important & useful.

    ReplyDelete
  2. fatta boss...useful

    ReplyDelete
  3. you may doing a good job for our knowledge

    ReplyDelete
  4. niyamai hoya hoya hitapu ekak

    ReplyDelete
  5. ගොඩක් වටිනා ලිපියක්....

    ReplyDelete
  6. oke file eka share karla thiyennath oni bun.naththan pennanne na.(mama karpu ewa wala)
    :p

    ReplyDelete
  7. Internet share karanne khmda machn? anika lap wla wtharda pluwn? wifi card ekak ghala pc wla barida?

    ReplyDelete
    Replies
    1. puluwan machan.if you have wifi same method machan.
      internet share karana option eka adhoc eka hadaddi recomend karala pennanwa. :)

      Delete
    2. Mn mge lap eken dongle ekak ghala net yanne kiamuko.. ubath lap ekak use krnwa.oya system ekata api mage lap eka harha cnncet karla thyna dongle eknma ube ekatath internet share krnna pluwnda? wifi witharda share krnna pluwn?

      Delete
    3. Internet connection eka share karanna puluwan

      Delete
  8. Virus eheme enna puluwanda machan.......?

    ReplyDelete
  9. ඉතාම වැදගත් තොරතුරු සමුහයක්. බොහෝම ස්තුතියි යාළුවා...!!!!

    ReplyDelete
  10. elazzzzzzzzzzzzzzzzzzzzzzz

    ReplyDelete
  11. win 8 wala HOC network option eka pennanne nane. ekata mokada karanne?

    ReplyDelete
  12. meke thiyenawa podi software ekak eka use karala balanna may wadema thamai lesiyen karanna puluwan win8 wala niyameta weda.
    http://www.softpedia.com/get/Network-Tools/Misc-Networking-Tools/Wi-MAN.shtml

    ReplyDelete
  13. machan phone ekekui lap ekekui me wge connect karanda puluwanda

    ReplyDelete
  14. machan phone ekekui lap ekekui me wge connect karanda puluwanda

    ReplyDelete
  15. මෙකත් බලන්න http://www.javashan.tk/

    ReplyDelete
  16. 4n 1k wifi walin connect karanna barida?

    ReplyDelete
  17. meka windows 8 walata set wenne nadda?

    ReplyDelete
    Replies
    1. kisima gataluwak nathiwa win6 walata meka use karanna puluwan

      Delete