Why Windows Has the Most Viruses

Windows මෙහෙයුම් පද්ද්දතියට මෙතරම් Virus බලපෑම් තිබීමට හේතුව කුමක්ද ?



අපි හැමෝම දන්නා දෙයක් තමයි පරිගණක සඳහා භාවිතා කරන මෙහෙයුම් පද්දති අතරින් වැඩිපුරම Virus බලපෑමක් තිබෙන්නේ Windows වලට බව. නමුත් අනෙකුත් මෙහෙයුම් පද්දති සඳහා Virus Guard අවශ්‍ය වෙන්නේ නැහැ කියාත් ඔබ අසා ඇති. උදාහරණයක් විදියට Linux මෙහෙයුම් පද්දතිය ගන්න පුළුවන්. මෙම ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ Windows මෙහෙයුම් පද්දතිය අනෙකුත් මෙහෙයුම් පද්දති සමග සසඳන විට වැඩි ලෙස Virus බලපෑමක් තිබෙන්නේ කුමක් නිසාද යන්න පිළිබඳව  පැහැදිලි කරදීමටයි.


ප්‍රසිද්ධත්වය සහ ජනප්‍රියත්වය 



ඇත්තටම Windows කියන්නේ ලොකු Target එකක් මොකද ලෝකයේ භාවිතා කරන පරිගණක අතරින් වැඩි බහුතරයක්ම මෙහෙයුම් පද්දතිය විදියට භාවිතා කරන්නේ Windows නිසා. අපි මෙහෙම හිතමුකෝ ඔබ Virus ලියන කෙනක් කියා. ඒවගේම ඔබ Key Logger මගින් පුද්ගලයන්ගේ රහස්‍ය තොරතුරු Credit Card Details වගේ දේවල් රහසිගතව ලබා ගැනීමට උත්සහ කරන කෙනෙක් කියා. එම නිසා අනිවාර්යයෙන්ම ඔබේ Target එක වන්නේ වැඩිම දෙනෙක් භාවිතා කරන මෙහෙයුම් පද්දතිය නේද?

තවත් දෙයක් තමයි Windows වලට Malware වගේ Virus වල ලොකු ඉතිහාසයක් තිබීම. එය Windows වල ජනප්‍රියත්වයට වඩා බලාපාන විශාල හේතුවක් වෙනවා.


Windows වල දුක්බර Security ඉතිහාසය.

පෙර සිටම Windows නිර්මාණය කරේ Security සඳහා නෙවෙයි. එයට වැඩි ඉඩක් ලබා දී තිබුනේ නැහැ. නමුත් linux, Apple වගේ සමාගම් විසින් නිර්මාණය කරන ලද මෙහයුම් පද්දති ඒ සඳහා විශේෂ අවදානයක් යොමු කර තිබෙනවා. එක පුද්ගලයෙකුට වඩා වැඩි දෙනෙකුට භාවිතා කිරීමේදී limited Accounts විදියට භාවිත කරන්න පුළුවන්.

DOS කියන්නේ Single User මෙහෙයුම් පද්දතියක්. අනෙකුත් මුලික Windows මෙහෙයුම් පද්දති නිර්මාණය උනේ DOS වලින් පසුවයි. Windows 3.1, 95, 98 සහ Me කියන Windows වල මෙහෙයුම් පද්දති ඒ කාලයේදී ගොඩක් Advanced මෙහෙයුම් පද්දති විදියට තමයි තිබුනේ. නමුත් ඒවා වල Multi - User පහසුකම තිබෙනේ නැහැ. ඒවා තනි පුද්ගලයෙකුට පමණක් පෞද්ගලිකව භාවිතා කිරීමට පමණයි නිර්මාණය කර තිබෙන්නේ. Files Permissions, Security Restrictions වගේ දේවල් එහි නිවැරදිව අන්තර්ගත වී නැහැ.

Windows NT - කියන මෙහෙයුම් පද්දතිය Windows 2000, XP, Vista, 7 සහ 8 කියන නවීන මෙහෙයුම් පද්දති වල අරටුව විදියට සලකන්න පුළුවන්. එම සියලුම මෙහෙයුම් පද්දතීන් Multi- User Support කරන විදියට තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. එහිදී users ලා සඳහා දිය යුතු Permissions limit කිරීමට පුළුවන්. Windows XP Multiple Users ලා සදහා සහයෝගය දක්වනවා. නමුත් බොහොමයක් දෙනෙක් XP වලට ලොග් වෙන්නේ Administrator Account එකෙන්. එයට හේතුව වෙන්නේ බොහොමයක් Software limited User Account වලින් Run කිරීමට නොහැකි වීමයි. Windows XP දියත් කරේ කිසිඳු Firewall එකක් නොමැතිව. එම නිසා Internet එකට Log වීමේදී Network එකක් සමග සම්බන්ධ වීමේදී  කිසිඳු ආරක්ෂාවක් ඇත්තේ නැහැ. එම හේතුව නිසා පහසුවෙන්ම Worms වගේ Virus වල ගොදුරක් වීමට සිදු වෙනවා . SANS Internet Center කියන ආයතනය විසින් කරන ලද පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා Unpached Windows XP System එකක් කෙලින්ම අන්තර්ජාලයට සම්බන්ධ කොට විනදී 4 ක් වගේ කාලයකදී Worms වගේ Virus අසාදිත වීමට ඉඩ තිබෙන බව.

ඒවගේම Windows වල තිබෙන Autorun Feature එක මගින් පරිගණකයට සම්බන්ධ කර තිබෙන Media Devices වල තිබෙන Applications ස්වයංක්‍රීයවම Run කරනවා. එම Feature එක Sony කියන ආයතනයට උපකාරී වුනා Rootkit Windows පරිගණක වලට  එInstall කරන්න ඔවුන්ගේ Music CD හරහා.  එම හේතුව නිසා Virus නිර්මාණය කරන පුද්ගලයින් ඔවුන්ගේ එම Viruses USB Pen Drive හරහා ඔවුන්ට අවශ්‍ය කරන Company වලට ඇතුලත් කර ඔවුන්ගේ අපරාධ සිදු කිරීමට පෙළඹුණා. එය වේගයෙන් පැතිරීමට ඉවහල් වුන කරුණක් තමයි , එම ආයතන වල සේවය කරන පුද්ගලයන් තමන් පෞද්ගලිකව භාවිතා කරන Pen Drive එක එම ආයතනයේ පරිගණක වලට සම්බන්ධ කිරීම. ඔවුන් සාමාන්‍යයෙන් System එකකට log වෙන්නේ Administrator Account එකෙන් වීම නිසා කිසිඳු ගැටලුවක් නැතිව ඒවා Install වෙනවා.

දැන් ඔබට පැහැදිලිද? Microsoft සමාගම විසින් හඳුන්වාදුන් Original Windows XP මෙහෙයුම් පද්දතිය භයානකක අන්තර්ජාලයෙන් ආරක්ෂා වීම සඳහා කිසිඳු පියවරක් අනුගමනය කර තිබුනේ නැහැ.ඒ වගේම ඔවුන් එය පෙන්වා දුන්නා.මේ පහත තිබෙන පින්තූරය බලන්න.



Microsoft සමාගම Security සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරනවා.

අධික ලෙස Windows සඳහා Virus වල බලපෑමක් එල්ල වීමේදී Microsoft සමගම විසින් Virus වලින් ආරක්ෂා වීමට දැඩි අවධානයක් Windows XP SP 2 වලදී යොමු කරනවා. ඒ සඳහා බලවත් Firwall එකක් සහ තවත් Security Features ඒ සඳහා එකතු කරනවා. Windows Vista වලදී Users ලාගේ Account වල ඇති දේවල් Limit කිරීම සඳහා User Account Control System එකක් හඳුන්වා දෙනු ලැබුවා.අද වන විට Windows විසින් මෙහෙයුම් පදද්ති එලි දැක්වීමේදී User ලගේ Account  limit කරලාම තමයි තිබෙන්නේ. ඒ වගේම Firewall එකකුත් සක්‍රීය කරලාම තිබෙනවා. තවදුරටත් Programs වලට ස්වයන්ක්‍රීයවම Open වීමට ඇති ඉඩකඩ ( Autorun)අහිමි කර තිබෙනවා. අලුතෙන්ම පිටවූ Windows 8 මේහෙයුම් පද්දතියේ නම් Integrated Anti - Virus guard එකක් තිබෙනවා. ඒ වගේම තවත් Security අතින් වැදගත් වෙන Feature ගොඩක් ඒ සඳහා ඇතුලත් කර තිබෙනවා.  


Windows විසින් හඳුන්වා දුන් අලුත්ම මෙහෙයුම් පද්දති අනෙකෙත් මෙහෙයුම් පද්දති වලට වඩා ආරක්ෂාවෙන් වැඩියි. නමත් Windows මෙහෙයුම් පද්දතිය Virus නිපදවන්නන්ගේ ලොකුම ඉලක්කයක් විදියට තවමත් පවතිනවා.


අන්තර්ජාලයෙන් Software Download කිරීම.

Android විසින් Play Store එකෙන් පිටින් වුවද Software Download කිරීමට අවස්ථාව ලබා දෙනවා. ඒවගේම තමයි Linux විසිනුත් අවස්තාව හිමි කර දෙනවා ඔවුන්ගේ Software Repositories වලින් එපිටින් වුවද Download කිරීමට. Android සහ Linux විසින් සපයන Software ඔවුන් සපයන්නේ ඉහල විශ්වාසයකින් යුතුවයි එම නිසා Virus පිළිබඳව කිසිඳු අවදානමක් එහි නැහැ.

නමුත් Windows මෙහෙයුම් පද්දතිය භාවිතා කරන Users ලාට අන්තර්ජාලයෙන් අවශ්‍ය කරන Software එක කැමති web අඩවියකින් Download කරගන්න පුළුවන්. ඒවගේම එසේ Software Download කිරීමේදී එම Software සමග භයානක Virus වර්ග පැමිනීමට වැඩි අවස්තාවක් තිබෙනවා.

අනෙකුත් මෙහෙයුම් පද්දති වගේ විශ්වාස වන්ත තැනකින් සියලුම මෘදුකාංග ලබා ගැනීමට තැනක් තවමත් Windows සතුව නැහැ ඇත්තටම එය විශාල හේතුවක් වෙනවා Virus වලින් පරිගණක ආසාධනය වීමට. Windows 8 වලදී එම වරද නිවැරදි  කරගැනීමට Microsoft සමාගම යම් උත්සහයක් දරා තිබෙනවා. නමුත් එය එතරම් සාර්ථක බවක් නම් පෙනෙන්න නැහැ.
 


ඔබේ අදහස් Comment එකක් මගින් දක්වන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ ලිපි පලකිරීමට එය සැබෑවටම අපිට ශක්තියක් වෙන නිසා.


25 comments:

  1. windows esantal eka etakota hoda virus gard ekek da'

    ReplyDelete
  2. Fatta,,digatama kragena yamu jaya wewa....!!

    ReplyDelete
  3. patta.. hondata pahadiliwa A-Z pahadili karala thiyenawa

    ReplyDelete
  4. Weldon nice work, go ahead

    ReplyDelete
  5. Supirima site ekak Thanks for The Informations....

    ReplyDelete
  6. na bn ms security essential walin hambenne basic security ekak witarai...
    samahara viruses allanne na..

    ReplyDelete
  7. NIamai...Keep UP the good work

    ReplyDelete