How to Do a System Restore in Windows 7

ඔබගේ පරිගණකය ලඟකදී ඉඳන් slow වෙලාද, හිර වෙනවද, virus ඇවිල්ලද ප්‍රශ්නයක් නැහැ කාලයේ පිටුපසට ගොස් නැවත යතාතත්වයට පත්කරගන්න.


කාලයේ පිටුපසට ගමන් කිරීමට පුළුවන් නම් අප අතින් සිදුවෙච්ච වැරදි  නිවැරදි කරගන්න තිබුන නේද?. නමුත් සාමාන්‍ය ජීවිතයේදී එහෙම කරන්න බැහැ. හැබැයි ඔබගේ පරිගනකයනම් කාලයේ පිටුපසට රැගෙන යාමට පුළුවන්. ළඟකදී ඉඳන් පරිගණකය අසාමාන්‍ය ලෙස slow වෙලානම්, හිර වෙනවානම්, virus ඇවිල්ලනම්, මෙයට වගකිවයුත්තේ වෙන කවුරුවත් නෙවෙයි ඒ ඔබමයි. ඔබ අතින් සිදු වුනු එවැනි වැරදි නිවැරදි කිරීමට ඔබට පහසුවෙන්ම පුළුවන්. ඒ සඳහාම windows ලා අප වෙත හඳුන්වා දුන් දෙයක් තමයි system restore කියල කියන්නේ.


 System restore කිරීම වැදගත් වෙන්නේ කෙසේද ?


පරිගණකය හිරවෙන්න ගත්තම, slow උනාම, virus ආවාම බොහෝ දෙනෙක් කරන්නේ අලුතෙන් windows ඉන්ස්ටෝල් කරන එක. නමුත් system restore කියන option එක භාවිතා කරලා පහසුවෙන්ම පරිගණකය පෙර තිබු තත්වයට ගැනීමට පුළුවන්. අපි හිතමු අපේ පරිගණකය අද වෙනදාටත් වඩා හිර වෙනවා කියල, slow වෙලා කියල, අපිට පුළුවන් නම් පරිගණකය ඊයේ තිබුන තත්වයට ගන්න එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ නේ.


 System restore point එකක් කියන්නේ කුමක්ද ?


ඔයාල දැනගන්න ඕන දෙයක් තමයි මොකක්ද system restore point එකක් කියන්නේ කියල. අපි හිතමු ඔයාල අලුතෙන් windows දාල අවශ්‍ය කරන software ටිකත් දාල කියල දැන් ඉන්නේ. දැන් ඔයාලට පුළුවන් අනාගතයේදී යම් ගැටළුවක් පැනනැගුනොත් ඊට විසඳුමක් වශයෙන් පරිගණකය නැවත කාලයෙහි පිටුපසට ගන්න එම දිනය සටහන් කර තබන්න. අන්න ඒ   ආකාරයට එම දිනය සටහන් කර තැබීම තමයි system restore point එකක් හදනවා කියල කියන්නේ. system restore point වර්ග දෙකක් හඳුන්වා දෙන්න පුළුවන් එකක් තමයි, අපි ඉහතදී සඳහන් කළ ක්‍රමය. අනික තමයි ස්වයන්ක්රීයවම නිර්මාණය වෙන system restore points. අලුතෙන් මෘදුකාංගයක් හෝ drivers ඉන්ස්ටෝල් කිරීමකදී මේ ආකාරයට system restore points නිර්මාණය වෙනවා.


 සැ.යු :-  මතක තබා ගන්න system restore එකක් කරන්න කලින් c partition එකේ ඔබේ තිබෙන වැදගත් files backup කර තබා ගැනීමට. මොකද system restore එකක් කිරීමේදී පෞද්ගලික files backup කිරීමක් නොකරන නිසා. ( සාමාන්‍යයෙන් ඔබගේ personal files delete කිරීමක් කරන්නේ නැහැ නමුත් අත්‍යවශ්‍ය files backup කර තබා ගන්න )


දැන් බලමු කොහොමද නිවැරදිව system restore එකක් කරගන්නේ කියල 


system restore කිරීමට පෙර save කල නොමැති files තිබේනම් ඒවා save කර ගන්න. run වෙන වැඩසටහන් ඉවත්  කර දමන්න මොකද restore කිරීමේදී පරිගණකය restart වෙන නිසා.



01. Click on All Programs, Accessories, System Tools, and System Restore.( පහත තිබෙන පින්තූරය බලන්න )




2. Click on the System Restore button.




03. ඔබ මේ වනතුරුත් system restore point එකක් සාදා ගෙන නොමැතිනම් "next" බටන් එක ක්ලික් කරන්න.




04. ඔබ මීට කලින්  system restore point එකක් සාදා ගෙන තිබෙනවානම් ( Choose a different restore point ) යන්න තෝරා next බටන් එක ක්ලික් කරන්න.




05. දැන් ඔබට පුළුවන් ඔබ කැමති restore point එකක් තෝරා system restore එක කරන්න. ඔබ ඒ දින වලටත් කලින් හදපු restore point දැක ගන්න Show other restore points  යන්න ක්ලික් කරන්න.



06. Click on the Finish button.




07. එය සනාත කිරීමට yes බටන් එක ක්ලික් කරන්න




මෙය ඔබට ප්‍රයෝජනවත් ලිපියක් උනානම් comment එකකුත් දාල යන්න අමතක කරන්න එපා.

31 comments:

  1. BOHOMA ISTUTHIY MALLI OBA KARANA SEWAYATA.

    ReplyDelete
  2. අපි මෙහෙම systam restore කරන එකෙන් පරිගණකයට හානියක් වෙන්නේ නැද්ද...2 3 පාරක් කොරොත්?

    ReplyDelete
  3. pariganakayata kisima haniyak wenne naha,

    ReplyDelete
  4. එල එල......නියම වඩක්..........

    ReplyDelete
  5. hariyanne na mchn..
    mage comptr ekath maseka vitara idan poddak awl.
    me widiyata restore ekak kala..
    et restart unama unsuccessful kiyla watenawa.
    2parakma kra.

    ReplyDelete
  6. thanks,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    ReplyDelete
  7. eka godak watinawa




    ReplyDelete
  8. ස්තුතියි සහෝ..!

    ReplyDelete
  9. virus awata passe restore karama virus computer eken ayn wenawa ,c partition eken ayn wenawa kiyana eka attakda

    ReplyDelete
  10. THANK U........................

    ReplyDelete
  11. kalin re store point ekak ne denuth pc eka slow den heduwot heta dawase mata lebenne ada pc eke tiyena tatwaya neda e nisa denata pc eka speed karagena re store point ekak hadaganna kramaya tiyenawada godak stuti mekatath arehema kramayak tiyenawanam kiyanna loku udawwal

    ReplyDelete
  12. Thanks machan salli walatawath minissu kiya nodena dewal uba manussakamin danna sinhalen therenna kiyala denawata...

    ReplyDelete
  13. Meka kalin dekala tibunath karana widiha denan idiye ne friend. Mata eka prashnayak tiyenawa.
    Windows wala damege una file tiyenawanam ewath restore karala denawada? Plz rep me.

    ReplyDelete